• දේශීය පුවත්
  • තාක්ෂණය
  • විනෝදාත්මක
  • එදිනෙදා ජීවිතය
Sunday, April 11, 2021
  • Login
No Result
View All Result
Muttiya.com - මුට්ටිය.කොම්
  • තාක්ෂණය
  • දේශීය පුවත්
  • විනෝදාත්මක
  • විදෙස් පුවත්
  • එදිනෙදා ජීවිතය
  • Contact Us
  • තාක්ෂණය
  • දේශීය පුවත්
  • විනෝදාත්මක
  • විදෙස් පුවත්
  • එදිනෙදා ජීවිතය
  • Contact Us
No Result
View All Result
Muttiya.com - මුට්ටිය.කොම්
No Result
View All Result
Home එදිනෙදා ජීවිතය

ඔයාගේ ATM කාඩ් එකත් Skimmers වලින් ආරක්ෂිත ද?

August 15, 2020
in එදිනෙදා ජීවිතය
0
ඔයාගේ ATM කාඩ් එකත් Skimmers වලින් ආරක්ෂිත ද?
64
SHARES
Share on FacebookShare on Twitter

අද අපි කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ පහුගිය දවස්වල ලංකාවේ සිදුවූ මූල්‍ය වංචා කීපයක් ගැන. මේක ඇත්තටම අනෙකුත් රටවල් වල දැඩි වශයෙන් සිදු වූවත් ලංකාව තුල කතිකාවතක් ගොඩනැගෙන්නේ ලඟකදී ඉඳලා. ඇත්තටම මොකද්ද මේ Card Skimmers කියන්නේ. මේක එක්තරා විදිහක පුංචි ඉලෙක්ට්‍රොනික උපාංගයක්. මෙම උපාංගය බොහෝ විට සවි කරන්නේ ATM තුල ඒ වගේම Gas Station වල වගේ තමයි ඒත් ලංකාවේ නම් ATM තමයි අවධානමක් අරගෙන තිබෙන්නේ. මෙම උපාංගයට හැකියාව තියෙනවා ඔයාගේ ATM Card හරි Credit Card හරි Scan කරන්න. හැබැයි දැන් අලුතින් හදන EMV (Europay, MasterCard, Visa) Chip අඩංගු Cards නම් Skimmers වලින් Scan කරන්න අමාරුයි කියලා තමයි කියන්නේ. ඒත් අමාරුයි කියන එකේ අදහස බැහැ කියන එක නෙවෙයි නිසා ATM Cards සහ Credits Cards භාවිතා කිරීමේදී පරිස්සම් වෙන්න.

දැන් දැන් අලුතින් හමුවෙලා තියෙන Skimmers වලට Wireless ආකාරයට සන්නිවේදනය කිරීමේ හැකියාව තියෙනවා. බොහෝවිට Bluetooth හරහා තමයි මේ විදිහට Scan කරන Cards පිළිබඳ තොරතුරු අදාල සොරා අතට පත්වෙන්නේ. ඒ වගේම තමයි ATM Card එකක් වගේනම් Card එක විතරක් Clone කරලා හරි යන්නේ නැහැ ඒකට අදාල රහස් අංකය (Pin Number) දැනගෙන ඉන්න ඕනි ඒ නිසා මොවුන් කරන්නේ ගොඩාක් වෙලාවට ATM එකේ Keyboard එක පෙනෙන ලෙස රහස් කැමරාවක් (Spy Camera) සවි කරන එක. එහෙමත් නැත්නම් Keyboard එක උඩින් හරි යටින් හරි Keystrokes පටිගත වෙන විදිහට තවත් Keyboard එකක් හරි වෙනත් උපාංගයක් හරි සවිකරන එක.

අපි කොහොමද Card Skimmers වලින් බේරෙන්නේ?

ඇත්තටම හැම දේකටම වගේ මේකටත් අවාධානේ තමයි වටින්නේ ඔයා ATM එක පාවිච්චි කරන කොට Card එක දාන තැන Slot එක සහ ඒ අවට පොඩ්ඩක් විමසීමකට ලක්කරන්න. අනෙකුත් ATM වලට වඩා යම් කිසි සැක සහිත වෙනසක් ඒ කියන්නේ Card දාන Slot එක බුරුල්වෙලාද එහෙමත් නැත්නම් ඒ Slot එකට හානි වෙලාද වගේ. තව මොනවා හරි දෙයක් ඒකට අමුණලා වගේ තියෙනවාද යන්න කියලා හොඳට විමසිලිමත් වෙන්න. අනෙක් කාරනේ තමයි ඔයා රහස් අංකය (Pin Number) ගහන තැන උඩ දෙපැත්ත හොඳට බලන්න සමහරක් විට ඔයා රහස් අංකය ගහන විදිහ පටිගත කරගන්න රහස් කැමරාවක් (Spy Camera) සවිකරලා තියෙන්න පුළුවන්. අන්න ඒ ගැනත් සැලකිලි මත් වෙන්න.

ඊලඟ කාරනේ ඔයා Type කරන Keyboard එක ගැනත් අවදානේ යොමුකරන්න. ඒකට හානි වෙලා තියෙනවාද නැත්නම් ඒකටත් මොකක් හරි සවිකරලා වගේ තියෙනවාද කියලා හොඳට පරීක්ෂා කරලා බලන්න. ATM එකේ කුමන හෝ ආකාරයක හානිවීමක් දැකගන්න ලැබුනොත් අදාල බැංකුව වෙත වහාම දැනුවත් කරන්න. කවදාවත් ඒ විදිහට හානි වෙලා තියෙන ATM එකක් පාවිච්චි කරන්න යන්න එපා.

ඇත්තටම Card Skimmers අඳුරගන්න ගොඩාක් අමාරුයි. මොකද මේවා පිටතින් වගේම බොහෝ වෙලාවට ATM එක ඇතුලතින් පවා සවි කරගන්න පුළුවන්. ඉතින් ඔයාලා හැම තිස්සේම විමසිලිමත් වෙන්න. ATM එකේ යම් කිසි ආකාරය හානි වීමක් සිදුවෙලා තියෙනවා නම් හරි අඩුම ගානේ සීල් කරපු ලේබල් එකක පළුදුවීමක් හරි දැක්කොත් ඒ ගැන වහාම අදාල බැංකුවට දැනුම් දෙන්න.

ඒ වගේම තමයි ඔයාගේ Phone එකේ Bluetooth එක On කලොත් අන්න එතකොටත් අර අපි කලින් කිව්ව Wireless Skimmers පෙන්නන්න ඉඩ තියෙනවා කියලා සමහරු කියනවා. ඒ විදිහටත් හඳුනගන්න පුළුවන්.

ලිපිය – ‎Chandika Lasiru‎ 

What do you think?
Like
Love
Haha
Wow
Sad
Angry
Share Tweet
Next Post
අවුරුදු 7කට පසු Telegram වලට Video calls පහසුකම

අවුරුදු 7කට පසු Telegram වලට Video calls පහසුකම

Discussion about this post

Connect with us

Recommended

“වේදිකාවට පැමිණි කැරොලින් ජයග්‍රාහිකාවගේ හිසෙන් කිරුළ ගලවයි” – ලෝකෙටම විහිලු සපයන ලංකාවේ Mrs. Sri Lanka..!

“වේදිකාවට පැමිණි කැරොලින් ජයග්‍රාහිකාවගේ හිසෙන් කිරුළ ගලවයි” – ලෝකෙටම විහිලු සපයන ලංකාවේ Mrs. Sri Lanka..!

6 days ago

Popular News

  • හෙට සිට සැෂේ පැකට්, ප්ලාස්ටික් බීම බෝතල් සහ පොලිතින්වලට සිදුවන දේ

    හෙට සිට සැෂේ පැකට්, ප්ලාස්ටික් බීම බෝතල් සහ පොලිතින්වලට සිදුවන දේ

    8 shares
    Share 3 Tweet 2
  • පියා නිසා 8 හැවිරිදි දැරියකට ජීවිතය අහිමි වෙයි

    17 shares
    Share 7 Tweet 4
  • සිංහල උපසිරැසි එක්ක චිත්‍ර‍පටි රූපවාහිනියෙන් නරඹන හොඳම, පහසුම ක්‍ර‍මය

    8 shares
    Share 3 Tweet 2
  • “වේදිකාවට පැමිණි කැරොලින් ජයග්‍රාහිකාවගේ හිසෙන් කිරුළ ගලවයි” – ලෝකෙටම විහිලු සපයන ලංකාවේ Mrs. Sri Lanka..!

    8 shares
    Share 3 Tweet 2
  • බිරිඳගේ අසභ්‍ය ඡායාරූපයක් නිසා කාර් රථයකින් දෙදෙනෙකු යට කර එක් අයෙකුව කපාකොටා මරයි

    71 shares
    Share 28 Tweet 18
Muttiya.com - මුට්ටිය.කොම්

© 2020 Muttiya by Zoom Network.

Navigate Site

  • About
  • Advertise
  • Careers
  • Contact

Follow Us

No Result
View All Result
  • දේශීය පුවත්
  • තාක්ෂණය
  • විනෝදාත්මක
  • එදිනෙදා ජීවිතය

© 2020 Muttiya by Zoom Network.

Welcome Back!

Login to your account below

Forgotten Password?

Create New Account!

Fill the forms bellow to register

All fields are required. Log In

Retrieve your password

Please enter your username or email address to reset your password.

Log In