සිංගප්පූරු රජය හා ඇපල් ආයතනය එක්ව ඇපල් වොච් පාරිභෝගිකයන්ට මුදල් ගෙවීමේ අපූරු වැඩසටහනක් ආරම්භ කර තිබෙනවා. LumiHealth ලෙස නම්කර ඇති මෙම වැඩසටහන වසර දෙකක කාලයක් පුරාවට සිදුකිරීමට ඔවුන් තීරණය කර තිබෙනවා. Apple Watch එක මඟින් හා iPhone එක මඟින් පුද්ගලයා ක්‍රියාශීලි වන ආකාරය නිරීක්ෂණය කර, එයට අදාල වටිනාකම ගෙවනු ලබනවා.
සිංගප්පූරු වැසියන්ට තමන්ගේ දෛනික ඉලක්කයන් සම්පූර්ණ කිරීමෙන් ඩොලර් 280ක් දක්වා වටිනාකමකට rewards සහ vouchers දිනාගැනීමට පුලුවන්. ඉලක්කයන් සම්පූර්ණ කිරීමට ඇවිදීම, දිවීම, පිහිනීම හෝ යෝගා කිරීම ඇතුලු ව්‍යායාමයන් සිදුකල හැකියි. මීට අමතරව එම ඇප් එක මගින් තමන්ගේ සෞඛ්‍ය තත්වය ඉහල නංවාගත හැකි පෞද්ගලික උපදේශණයන්(personalized coaching) හා සෞඛ්‍ය පරීක්ෂණයන් සිදුකරගැනීමටත් උපදෙස් ලබාදෙනවා.
මේ වැඩසටහනට ඕනෑම සිංගප්පූරු පුරවැසියෙකුට සහභාගි විය හැකි අතර පරිශිලකයාගේ පෞද්ගලිකත්වයට හානි නොවන සේ සම්පූර්ණයෙන්ම ආරක්ෂිතව මෙම වැඩසටහන ක්‍රියාත්මක වන බවයි ඇපල් සමාගම කියා සිටින්නේ.
Discussion about this post