ඇපල් අයිෆොන් X කියන්නේ ඇපල් සමාගමේ තාක්ෂණය උපරිම වශයෙන්ම පෙන්වන ස්මාට්ෆෝනයක්. මෙතෙක් නිකුත්කරන ලද වැඩිම මිළ දුරකථනයද එයයි. මේ කියන්නේ අයිෆෝන් එක්ස් එක නිසා ඇපල් සමාගමේ ඉන්ජිනේරුවෙක්ව අස් කරන ලද පුවතයි.
බෘකර් පිටර්සන් නැමති තරුණිය ඇගේ පියාට ලැබුනු අයිෆෝන් එක්ස් දුරකථනයේ විස්තර පෙන්වන වීඩියෝවක් යූටියුබ් වෙතට එකතු කර තිබුනා. ඔවු. එය සමාගමේ නීතිරීති වලට පටහැනියි. මොකද නිකුත් නොකරන ලද දුරකථනයක වීඩියෝවක් එලෙස අන්තර්ජාලයට එකතුවීම සමාගමේ ආරක්ෂාවටද බරපතල තත්වයක්.
අනෙක් අතට මෙය සමාගමේ සේවකයෙකුගේ එකක්. මෙහිදී සමාගමේ තොරතුරු පෙන්වන QR Code පවා පෙනෙන්ට තිබෙනවා. එවගේම මෙම වීඩියෝවේදී පෙන්වන නෝට් ඇප් එකේ සමාගම විසින් ඉදිරියේදී නිකුත් කරන්නට තිබෙන ව්‍යාපෘති වල කේත නාමයන් පවා පේනවා.
බෘක් විසින් මේ කරන ලද අත්තනෝමතික ක්‍රියාව නිසා ඇපල් සමාගමට ඇගේ පියාව සමාගමෙන් ඉවත් කරනවා හැරෙන්නට වෙන කරන්නට දෙයක් ඉතුරු වුනේ නෑ.
සමහරු කියන්න පුලුවන් මෙය වැරදි දෙයක් බවට. නමුත් පොලිසියක වැඩ කරන පියෙකු තම දියණියකට සෙල්ලම් කරන්නට ඇත්ත පිස්තෝලයක් ලබාදීම කොච්චර භයානකද කියා හිතාගන්න පුලුවන් නේද? ඒ වගේම තමයි මෙම අවස්ථාවත්.
කොච්චර හොඳ කෙනෙක් වුනත්, කොච්චර වටින කෙනෙක් වුනත් ඇපල් සමාගමට, ඔයා නීතියක් කැඩුවොත්, සමාවක් ලැබෙන්නේ නම් නෑ. – බෘක් පීටර්සන් එලෙස පවසා තිබුනා.
බෘක් එම වීඩියෝව ඉවත් කර තිබුනද, ඒ වන විට එම වීඩියෝව අන්තර්ජාලය පුරාම විසිරී ගොස් තිබුනා. ඉන් පසු ඇය තවත් වීඩියෝවක් මඟින් සිදුවුන දේට සමාව ඉල්ලා තිබුනා.
[wpdevart_youtube]XQzGKwjr_js[/wpdevart_youtube]
Discussion about this post