• දේශීය පුවත්
  • තාක්ෂණය
  • විනෝදාත්මක
  • එදිනෙදා ජීවිතය
Tuesday, April 13, 2021
  • Login
No Result
View All Result
Muttiya.com - මුට්ටිය.කොම්
  • තාක්ෂණය
  • දේශීය පුවත්
  • විනෝදාත්මක
  • විදෙස් පුවත්
  • එදිනෙදා ජීවිතය
  • Contact Us
  • තාක්ෂණය
  • දේශීය පුවත්
  • විනෝදාත්මක
  • විදෙස් පුවත්
  • එදිනෙදා ජීවිතය
  • Contact Us
No Result
View All Result
Muttiya.com - මුට්ටිය.කොම්
No Result
View All Result
Home තාක්ෂණය

Android වල නොතිබූ ලොකුම පහසුකම Google සමාගමෙන් ලෝකෙටම ලබාදෙයි!

August 5, 2020
in තාක්ෂණය
0
Android වල නොතිබූ ලොකුම පහසුකම Google සමාගමෙන් ලෝකෙටම ලබාදෙයි!
5
SHARES
Share on FacebookShare on Twitter

මෙතෙක් කල්, Android මෙහෙයුම් පද්ධතියේ ප්‍රධාන අඩුපාඩුවක් වූයේ universal sharing method එකක් නොතිබීමයි. එනම්, ඕනෑම Android-Android දුරකතන දෙකක් අතර ගොනු හුවමාරුවට එක ක්‍රමයක් නොතිබීමයි. ShareMe, ShareIt වැනි විවිධ ඇප්ලිකේෂන් තිබුනත්, විවිධ පුද්ගලයන් භාවිතා කරන්නේ විවිධ sharing application වීම නිසා, එය අපේ ෆෝන් එකටත් ස්ථාපනය කිරීමට සිදුවනවා.

මෙයට සාර්ථක විසඳුමක් වශයෙන් Oppo, Vivo, Xiaomi, Realme යන දුරකතන අතර පොදු file share කරගත හැකි ක්‍රමවේදයක් සමාගම් එකඟතාවයෙන් හඳුන්වාදුන්නා. ලෝකයේ ඇන්ඩ්‍රොයිඩ් දුරකතන වලින් වැඩි කොටසක් මේවා අතරට ඇතුලත් වුණත්, ඉතුරු ඇන්ඩ්‍රොයිඩ් දුරකතන වලට මෙලෙස පොදු ක්‍රමයක් තිබුනේ නෑ.

ඉතින් ඇන්ඩ්‍රොයිඩ් ඉතිහාසයේ මෙතෙක් තිබූ එම ලොකුම අඩුපාඩුව, ගූගල් සමාගමෙන් විසඳා තිබෙනවා. මෙම අලුත් පහසුකම Nearby Share ලෙස හඳුන්වාදී තිබෙනවා. Android 6 හෝ ඊට ඉහල ඇන්ඩ්‍රොයිඩ් මෙහෙයුම් පද්ධතියක් තිබෙනවානම්, ඉදිරි සති කීපය තුළදී ඔබට update එකකින් මෙය දුරකතනයට ලැබෙනු ඇති. මෙමඟින් ඡායාරූප, ගොනු හෝ ලින්ක්ස් වැනි ඕනෑම දෙයක් අසල ඇති දුරකතන දෙකක් අතර ඉතා වේගවත්ව හුවමාරු කරගැනීමට පුලුවන්.

අවශ්‍ය ගොනුව හෝ කීපය තෝරා share කරන විට, Nearby Share යන්න ඔබට බලාගන්න පුලුවන්. එය එබූ විට ඔබේ අසල සිටින අයගේ නම් සහ ඡායාරූපය පෙන්වනවා. එයින් ඔබට අවශ්‍ය ගෙනා තෝරාදුන් විට, අදාල පුද්ගලයාගේ දුරකතනයේ ඔබේ නම සහ ගොනුවල විස්තර සහිතව පණිවුඩයක් පෙන්වනවා.

Apple AirDrop වගේම, ඔබේ නම අනෙක් අයට පෙන්වනවාද නැද්ද යන්න තීරණය කරන්න පුලුවන්. ඔබට අවශ්‍ය නම් ඔබේ දුරකතනයේ තිබෙන contacts වලට පමණක් ඔබේ නම පෙන්වන්න හදන්න පුලුවන්. නැතිනම් ඕනෑම කෙනෙකුට Nearby Share දුන් විට ඔබේ නම පෙන්වන ලෙස හදන්නත් පුලුවන්.

Nearby Share සේවය දැනට Android දුරකතන හා ඉදිරියේදී Chromebook අතරත් ක්‍රියාත්මක වන බව සමාගම පවසනවා. නමුත් එය iOS උපාංග, Mac පරිඝනක හෝ Windows පරිඝනක අතරේ හුවමාරු කරගැනීමට නම් නොහැකියි. මේ පිළිබඳව සමාගමේ ප්‍රකාශයෙකු සඳහන් කර තිබුනේ “තවත් උපාංග එකතු කිරිමට බලාපොරොත්තුවෙන් සිටිනවා” යන්නයි.

Apple සමාගම iOS හා MacOS සඳහා AirDrop හඳුන්වාදුන්නේ වසර 9කට පෙර 2011 වසරේදියි. ඉන්පසු ඇන්ඩ්‍රොයිඩ් වෙතට විවිධ file sharing ක්‍රම අත්හදා බැලුවද, ඇපල් සමාගමේ AirDrop වැනි සරළ පහසු ක්‍රමයක් නිර්මාණය වූයේ නැත.

What do you think?
Like
Love
Haha
Wow
Sad
Angry
Share Tweet
Tags: airdropandroidfile sharenearby share
Next Post
Disney අලුත්ම චිත්‍රපටය “Mulan” සිනමාශාලා වලට නෑ – ඔන්ලයින් බලන්න විතරයි

Disney අලුත්ම චිත්‍රපටය "Mulan" සිනමාශාලා වලට නෑ - ඔන්ලයින් බලන්න විතරයි

Discussion about this post

Connect with us

Recommended

No Content Available

Popular News

  • සිංහල උපසිරැසි එක්ක චිත්‍ර‍පටි රූපවාහිනියෙන් නරඹන හොඳම, පහසුම ක්‍ර‍මය

    8 shares
    Share 3 Tweet 2
  • පියා නිසා 8 හැවිරිදි දැරියකට ජීවිතය අහිමි වෙයි

    18 shares
    Share 7 Tweet 5
  • ලබන වසරේ ලංකාවට එන “සුපිරි සිනමා ශාලාව”

    4 shares
    Share 2 Tweet 1
  • අලුත් එන්නතක් නිසා Corona රෝගීන් දින ගණනින් සුවයට

    19 shares
    Share 18 Tweet 1
  • ලේබනනයේ දැවැන්ත පිපිරුමක් – පිපිරුමේ වීඩියෝ – සවේදී අය නරඹන්න එපා

    92 shares
    Share 90 Tweet 1
Muttiya.com - මුට්ටිය.කොම්

© 2020 Muttiya by Zoom Network.

Navigate Site

  • About
  • Advertise
  • Careers
  • Contact

Follow Us

No Result
View All Result
  • දේශීය පුවත්
  • තාක්ෂණය
  • විනෝදාත්මක
  • එදිනෙදා ජීවිතය

© 2020 Muttiya by Zoom Network.

Welcome Back!

Login to your account below

Forgotten Password?

Create New Account!

Fill the forms bellow to register

All fields are required. Log In

Retrieve your password

Please enter your username or email address to reset your password.

Log In