මයික්‍රොසොෆ්ට් සමාගම බොහෝ කාලයක සිට Android apps තමා මෙහෙයුම් පද්ධතියට එකතු කිරීමේ මූලික අදියරයන් අත්හදා බැලුවා. එය සාර්ථක වීමත් සමග, මේ වන විට සියළුම පාරිභෝගිකයන්ට එම විශේෂාංගය ලබාදීමට සමාගම කටයුතු කර තිබෙනවා.
මූලික අදියරේදී තෝරාගත් Samsung දුරකථන වලට මෙය ලබාදී ඇති අතර, පරිගණකය අනිවාර්යෙන්ම නවතම Windows 10 යාවත්කාලීනයන් සමන්විත යුතුයි. දුරකතනයේ තිබෙන ඕනෑම ඇප් එකක් පරිගණකයට මෙලෙස ලබාගැනීමට ඔබට පුළුවන් කම ලැබෙනවා. මේ සදහා ඔබ Your Phone app එක මගින් දුරකථනය ඔබේ පරිගණකය හා සම්බන්ධ කර තිබිය යුතුයි.
නමුත් මෙම විශේෂාංගය Samsung දුරකථන වෙත පමණක් ලබාදීම බොහෝ දෙනෙක් විවේචනය කර තිබුණා. ඔවුන් පවසා සිටියේ Your Phone එකේ නම Your Samsung Phone ලෙස සමාගම වෙනස් කළ යුතුව තිබුණේය ලෙසයි. කෙසේ වෙතත් එයට ප්‍රතිචාර ලෙස සමාගම පවසා සිටියේ “අපි හැමදාම වගේ අලුත් අදහස් ඔබෙන් ලබාගෙන ඔබේ වැඩ පහසු වෙන්න උපකාරී වෙනවා. ඒ හැර මේ මොහොතේ ඊට වඩා යමක් පැවසිය නොහැකි” ලෙසයි.
Discussion about this post