Amazon Prime Video ගිණුම් බෙදාහදා ගන්නා පවුලේ සාමාජිකයින් සහ මිතුරන් සඳහා විශේෂ user profiles විශේෂාංගයක් හදුන්වා දෙන බව එම සමාගම අද නිවේදනය කලා. සෑම ප්‍රධාන ගිණුමක් සදහාම user profiles 6ක් දක්වා නිර්මාණය කිරිමේ හැකියාව මෙමගින් ලැබෙනු ඇත. user profile නිර්මාණය කිරීමේදී එය සමාන්‍ය ගිණුමක් හෝ ළමා ගිණුමක් විය යුතුද යන්නත් තේරිමට හැකියාව ඇත. Netflix සහ HBO වැනි streaming platform වල මෙම විශේෂාංගය දැනටමත් ඇති අතර, එම platform තුල ළමා ගිණුම් තුල ඇතුලත් විය යුතු අන්තර්ගතය පෙන්වන ලෙසම Amazon Prime තුලත් ළමා ගිණුම් තුල පෙන්වන්නේ කුමන ආකාරයේ අන්තර්ගතයන්ද යන්න තීරණය කෙරේ. කෙසේ නමුත් එක්වර user profile කීයකට තමන්ගේ ගිණුම භාවිතා කර එකවර නැරඹිමේ හැකියාව ඇතිද යන්න ඔවුන් නිවේදනෙයේ සදහන් කොට නැත.
Amazon තුල ඇති Wallet Sharing පහසුකම භාවිතයෙන් මෙම user profile නිර්මාණය කිරීමට අවස්ථාව සලසා ඇත. Wallet Sharing පහසුකම භාවිතා කර එක් අයෙකුගේ ඇති ගෙවීම් ක්‍රම(ය) එකම ලිපිනය ඇති තවත් Amazon ගිණුම් වෙත එක් කිරිමට හැකියාව ඇත.
අනෙකුත් streaming platform තුල ලෙසම තමන්ගේ පැතිකඩ පුද්ගලීකරණය කර ගැනිමේ හැකියාව ඇත. එක් එක් පුද්ගලයාගේ අභිමතයන්ට ගැලපෙන ලෙස ස්ව්‍යංක්‍රීයව එම පැතිකඩ සැකසේ. ඒ කියන්නේ සෑම පැතිකඩකටම වෙනම නිර්දේශ, නරඹන ලද season වල ප්‍රගතිය සහ profile activity ඇතුලත් වනු ඇත.
මෙම විශේෂාංගය අදියර වශයෙන් දියත් කෙරෙන අතර, නොබෝ දිනකින් Amazon Prime භාවිතා කරන සෑම කෙනෙකුටම user profile භාවිතා කිරීමට අවස්ථාව හිමිවනු ඇත.
Discussion about this post