ඇන්ඩ්‍රොයිඩ් භාවිතා කරන ඔයාලා හැමෝම වගේ ඇප්ලිකේෂන් ඩවුන්ලෝඩ් කරන්නෙ ගූගල් ප්ලේ ස්ටෝ එකෙන්. මිලියන ගණනක් ඇප්ලිකේෂන් තිබෙන ගූගල් ප්ලේ ස්ටෝ එකේ හැම මාසෙම බිලියන ගණනක් ඩවුන්ලෝඩ්ස් සිද්ද වෙනවා. නමුත් ඇන්ඩ්‍රොයිඩ් සඳහා ඇප්ලිකේෂන් ගේම්ස් ගන්න තියෙන එකම තැන ඒක නෙවෙයි. තවත් බොහෝමයක් ස්ටෝස් තිබෙනවා. ඒ අතුරින් ඇමේසන් සමාගම විසින් ක්‍රියාත්මක කරන ඇමේසන් ඇප් ස්ටෝ එක කැපී පෙනනවා. ඉතින් මේ ලිපිය ඒ ගැන.
Amazon Appstore for Android
දැනට ප්ලේ ස්ටෝ එකෙන් පස්සේ ලොකුම ඇන්ඩ්‍රොඩයිඩ් ස්ටෝ එකේ අයිතිය හිමිවෙන්නේත් ඇමේසන් හට. ඇමේසන් කින්ඩ්ල් ටැබ්ලට් වලට ඇප්ස් තිබෙන්නේත් මෙහිම තමයි. ප්ලේ ස්ටෝ එකේ තරම්ම නැතිවුනත්, විශාල ඇප්ස් ප්‍රමාණයක් මෙහි තිබෙනවා. ඕනෑම කෙනෙකුට පහසුවෙන් තේරුම්ගනන් පුලුවන් විදියට අතුරුමුහුණතත් නිර්මාණය කරලා තිබෙනවා.
එවගේම ප්ලේ ස්ටෝ එකේ සල්ලි දීලා ගන්න තියෙන ඇප්ස් බොහෝමයක් ඇමේසන් ඇප්ස්ටෝ එකේදි නොමිලේ ගන්න පුලුවන්. හැමදාම වගේ අලුත් ඇප්ස් මෙහෙම නොමිලේ සමාගම විසින් දෙනවා. ඒවා හොරාට ගන්න ඒවා නෙවෙයි. ඔරිජිනල්ම ඒවා. ඇප්ලිකේෂන් නිර්මාණය කරන අයටත් තමන්ගේ ඇප් එක ජනප්‍රිය කරගන්න මූලිකම අඩිතාලම විදියට මෙය හඳුන්වන්න පුලුවන්.
ආරක්ෂාව සම්බන්ධයෙන් ගත්තොත් ඇමේසන් සමාගම විසින් හැම ඇප්ලිකේෂණයක්ම පරික්ෂා කරලයි ස්ටෝ එකට දාන්නේ. එනිසා ස්පෑම් හෝ එවැනි ඇප්ලිකේෂන් මෙහි තිබෙන ඉඩකඩත් බොහෝම අඩුයි. ඉතින් මේ ස්ටෝ එකට පිවිසෙන්න ඔයාලට පුලුවන් මෙතැනින් – Amazon Appstore
Discussion about this post