පැට්රික් කොමර්සි නැමති ප්රංශ ජාතික කලාකරුවා පසුගිය දිනවල හරි අපූරු දෙයක් කරලා තිබුනා. ගෙවල්වල සහ ගොඩනැගිලිවල එළියේ තිබෙන හිස් බිත්ති සුන්දර මෙන්ම අදහාගන්නවත් බැරි ත්රිමාණ චිත්ර බවට පෙරලලා තිබෙනවා. දැක්ක ගමන්ම ඕන කෙනෙක්ට අදහගන්නවත් බැරි වේවි මේ නිර්මාණයන් ගැන. ඔහු මේ නිර්මාණ කරලා තියෙන්නේ Trompe-l’œil කියන චිත්ර කලා තාක්ෂණ උපයෝගී කරගනිමින්. තනියම නෙවෙයි. ඔහුට කණ්ඩායමක්ම ඉන්නවා මේ සුන්දර හීන හැබෑ කරගන්න.
මේ නිර්මාණ හැම එකේම තේරුමක් තියෙනවා. මේ හැම නිර්මාණයක්ම අදාල නගරයට හෝ ප්රදේශයේ සිදුවීමක් ඈඳාගෙන තමයි නිර්මාණය කරලා තියෙන්නේ යැයි කොමර්සි මහතා පවසනවා.
මේ තියෙන්නේ ඒ සිතුවම් වල ඡායාරූප
මේ තියෙන්නේ අඳින්න කලින් බිත්තියක්
මේ සිතුවම ඇන්දාට පස්සේ
මේ තියෙන්නේ එවැනි තවත් රූප කීපයක්
Image Credit : Patrick Commecy Website
Discussion about this post