පවුල් නීති ආඥා පනතේ සඳහන් විධිවිධාන වර්තමාන තත්ත්වයන්ට ගැළපෙන අයුරින් සංශෝධනය කිරීමට අධිකරණ අමාත්‍ය අලි සබ්‍රි මහතා ඉදිරිපත් කර තිබූ යෝජනාවකට අමාත්‍ය මණ්ඩල අනුමැතිය ලැබී තිබේ.
ඒ අනුව, පවුල් නීතිය පිළිබඳව වෙනත් රටවල ක්‍රියාත්මක වන නීතිමය තත්ත්වයන් සම්බන්ධයෙන් එම විෂය පිළිබඳ විශේෂඥ දැනුම සහිත කමිටුවක් මගින් අධ්‍යනය කර, දික්කසාදය, විවාහ ශූන්‍යතාව, වෙන්වීම, දික්කසාද දීමනාව, දරුවන්ගේ භාරකාරත්වය සහ දේපළ බෙදී යාම වැනි සියලු ම ක්ෂේත්‍රයන් සඳහා සවිස්තරාත්මක පවුල් නීති පනතක් කෙටුම්පත් කිරීමට සඳහා අවශ්‍ය පියවර ගැනීමට අදාළ යෝජනාව ඉදිරිපත් කර ඇත.
විවාහය, දික්කසාද, වෙන්වීම සහ ඊට සම්බන්ධ ක්‍රියාපටිපාටිය 1907 අංක 19 දරන විවාහ ලියාපදිංචි කිරීමේ අඥා පනතේ සහ සිවිල් නඩු විධාන සංග්‍රහයේ ඇතුළත් වී තිබේ.
Discussion about this post