TCL සමාගම යටතේ තිබෙන ඇල්කටෙල් දුරකථන නිෂ්පාදන ආයතනය චීන සමාගමක්. ඔවුන්ගේ දැනට තිබෙන ඇල්කාටෙල් IDOL 4S ඇන්ඩ්‍රොයිඩ් ස්මාට්ෆෝනය වෙනස්කම් රැසක් සමඟ වින්ඩෝස් 10 දුරකථනයක් ලෙස නිකුත්කරන්නට තීරණය කර තිබෙනවා. අයිඩල් 4එස් දුරකථනය virtual reality තාක්ෂණයද එකතු කර තිබෙනවා. වින්ඩෝස් දුරකථනයක් සමඟ වර්චුවල් රියැලිටි තාක්ෂණය පැමිණෙන පළමු දුරකථනය ලෙසද මෙය ඉතිහාසගත වනවා.
එවගේම වින්ඩෝස් 10 සමඟ පැමිණි Continuum(ස්මාට්ෆෝනයට මොනිටරය, මවුස් සහ කීබෝඩ් සම්බන්ධ කර ඒ හරහා අලුත්ම තාලයේ පරිඝනකයක් ලෙස ක්‍රියාත්මක කරවීම) සහ වින්ඩෝස් Hello ද(ඇඟිලි සලකුණ හරහා පරිඝනකයේ අඟුලු ඇරීමට) ඇතුලත් වෙනවා.
අයිඩල් 4එස් ඇන්ඩ්‍රොයිඩ් දුරකථනයේ තිබූ Quad HD තිරය වෙනුවට වින්ඩෝස් 10 සංස්කරණයේ Full HD තිරයකට අඩුකර තිබෙනවා. නමුත් ප්‍රොසෙසරය ස්නැප්ඩ්‍රැගන් 652 සිට 820 වෙතට ලොකු පිම්මක් පැන තිබෙනවා. රැම් මතකය ගිගාබයිට් 3 සිට 1ට අඩුකර තිබෙන්නේ වින්ඩෝස් 10 සඳහා ඇන්ඩ්‍රොයිඩ් තරම් රැම් මතකයක් අවශ්‍ය නොවන නිසා වෙන්නට පුලුවන්.
තවත් ලොකුම වෙනසක් වන්නේ කැමරාවයි. පසුපස කැමරාව මෙගාපික්සල් 16 සිට 21 දක්වා වැඩිකර තිබෙනවා. ඉදිරිපස කැමරාව ඇන්ඩ්‍රොයිඩ් සංස්කරණයේ මෙන්ම මෙගාපිස්කල් 8ක ෆ්ලෑෂර් සහිත එකක්.
ස්පීකර් දෙකකින් ශබ්දය ස්ටීරියෝ ලෙස ශ්‍රවණය කරන්නට ඔබට මේ දුරකථනයේ පුලුවන්.
නොවැම්බර් 10 වැනිදා සිට ඇමරිකාවේ ටී-මොබයිල් ජංගම දුරකථන සේවාදායකයා හරහා විකිනීමට තිබෙන මේ අලුත් දුරකථනයේ මිළ ඇ.ඩො.469ක් හෙවත් ලංකාවේ මුදලින් රුපියල් හැත්තෑදහසකට ආසන්නයි. අනෙක් රටවල විකිනීම ගැන නම් තවම කිසිම ආරංචියක් නෑ.

Discussion about this post