ගූගල් සමාගමේ ප්‍ර‍ථම දුරකථනය – ගූගල් පික්සල්

{:lk}අපි ඔබට මීට සති ගණනාවකට පෙරම දැනුම් දුන්නා ගූගල් සමාගම තමන්ගේම නාමයෙන් දුරකථනයක් එළිදක්වන්නට කටයුතු කරමින් යන බව. එය සනාථ කරමින් පසුගිය 4 වැනිදා ඔවුන් තමන්ගේ ප්‍ර‍ථම දුරකථනය ඇතුලු උපකරණ ගණනාවක් හඳුන්වාදෙනු ලැබුවා. මේ ලිපියෙන් සහ වීඩියෝවෙන් අපි කතා කරන්නේ ගූගල් පික්සල් සහ පික්සල් එක්ස් එල් දුරකථන දෙක පිළිබඳවයි.

මාස ගණනාවක ආරංචි සහ තොරතුරු සත්‍ය බව තහවුරු කරමින් සැන් ෆ්‍රැන්සිස්කෝ හි පැවති විශේෂ උත්සවයකදී තමයි දුරකථන දෙක නිකුත් කලේ. ඇන්ඩ්‍රොයිඩ් මෙහෙයුම් පද්ධතිය ගූගල් සතු වූවත් ඔවුන්ට තමන්ගේම දුරකථනයක් නොතිබූ අඩුව ලොකුවටම දැනෙන්නට පටන් අරගෙන තිබුනා. විශේෂයෙන් ඇපල් අයිඕඑස්(Apple iOS) මෙහෙයුම් පද්ධතිය ඔවුන්ගේම ඇපල් දුරකථනවල ස්ථාපනය කර පැමිණීම වැනි හේතු පික්සල් දුරකථනය නිකුත්වීමට බලපෑ තවත් හේතුවක්.

පෙනුම සහ හැඩය

පොලිෂ් ඇලුමිනියම් වලින් නිර්මිත දුරකථන දෙකේම පිටුපස උඩ වීදුරු කොටසෙන් දුරකථනයට එක්තරා ආකාරයක වෙනස්ම පෙනුමක් ලැබෙනවා. යම් තරමකට අයි‍ෆෝන් හි පෙනුමක් පැත්තෙන් බැලුවොත් පෙනෙනවා. අපි ඉස්සෙල්ලා කිව්වා වගේ ෆෝන් දෙකක් නිකුත් කලා. එයින් පික්සල් දුරකථනයේ තිරය අඟල් 5ක් FULL HD එකක් වන අතර පිස්කල් එක්ස්එල් දුරකථනයේ තිරය අඟල් 5.5ක ක්වාඩ් එච් ඩී එකක්(Quad HD or 2K). දෙකම ගොරිල්ලා ග්ලාස් 4 මඟින් ආරක්ෂා කරනවා. ගොරිල්ලා ග්ලාස් 5 ඇවිත් තිබෙන කාලයක ගූගල් සමාගම පැරණි ගොරිල්ලා ග්ලාස් 4 භාවිතා කිරීමට හේතුවක් නම් තවම දන්නේ නෑ. කළු, අළු සහ නිල් වර්ණ තුනකින් දුරකථන දෙකම තිබෙනවා(Quite Black, Very Silver, and Really Blue)

ඇතුලත උපාංග

පික්සල් දුරකථනය බල ගැන්වෙන්නේ ක්වාල්කොම් ස්නැප්ඩ්‍රැගන් 821 චිප් එකෙන්(Snapdragon 821 SoC). දැනට ලොව තිබෙන බලවත්ම ජංගම දුරකථන චිප් එකක් ලෙස එය හඳුන්වනවා. රැම් මතකය ගිගාබයිට් 4ක්. ඇතුලත මතකය ලෙස ගිගාබයිට් 32 හෝ 128 වශයෙන් ඔබට තෝරාගන්නට දුරකථන දෙකේම පුලුවන්. දුරකථනය චාජ් කිරීමට සහ දත්ත හුවමාරු කිරීමට USB Type C Port එකක් මෙහි තිබෙනවා. එවගේම Type C to Type A කන්වර්ටර් එකකුත් ඔවුන් ලබාදෙනවා. තවත් අලුත් නොවන අලුත් විශේෂාංගයක් වන්නේ 3.5MM පෝට් එක තිබීමයි 😛

බැටරිය ගැන කතා කලොත්, පික්සල් දුරකථනයේ මිලි ඇම්ප් අවර් 2770ක් (2,770 mAh battery) සහ පික්සල් එක්ස්එල් දුරකථනයේ මිලි ඇම්ප් අවර් 3,450ක්ද (3,450 mAh battery) තිබෙනවා. ඔවුන් නම් පවසන්නේ දිනක් හොඳින් බැටරිය තිබෙනවා කියලයි. එවගේම ඉක්මනින් දුරකථනය ආරෝපනය වන තාක්ෂණයකුත් මෙහි තිබෙනවා. විනාඩි 15ක් ආරෝපනය කිරීම මගින් පැය 7ක් දුරකථනය වැඩ කරන්න පුලුවන්.

මෘදුකාංග

නෙක්සස් දුරකථන ගත් හැමදෙනාගේම බලාපොරොත්තුව වූයේ පිරිසිදු ඇන්ඩ්‍රොයිඩ් අත්දැකීමක් ලබාගැනීමටයි. ඉතින් මෙහිදීත් ඇන්ඩ්‍රොයිඩ් 7.1 නෝගට්(Android 7.1 Nougat) ස්ථාපනය කර තිබෙනවා. එවගේම ගූගල් සමාගමේ අලුත් ලෝන්චර් එක(Launcher) වන Pixel Launcher එක මෙහෙයුම් පද්ධතියට තවත් අලුත් අත්දැකීමක් එක් කරනවා.

දුරකථනයේ ඕනෑම තැනක ගූගල් සහයකයා(Google Asisstant) සිටිනවා. Google Allo භාවිතා කල කෙනෙක් නම් මේ පිළිබඳව දන්නවාට සැකයක් නෑ. ගූගල් සමාගම ගූගල් සහයකයා පිළිබඳව වැඩි වෙලාවක් අරගෙන පැහැදිලි කිරිම් සිදුකලා. සහයකයා සමඟ ගණුදෙනු වැඩිවෙනකොට, එයා ඔයාට වැඩිපුර සහය දෙන අවස්ථා ගණනත් ඉබේම වැඩිවෙනවා. සාමාන්‍යයෙන් ගූගල් නවු(Google Now) වැඩ කරන්නේ එය ඕපන් කල විට පමණයි. එවගේම ඩිස්ප්ලේ එකේ තිබෙන දේ තේරුම්ගැනීමට එයට හැකියාව තිබුනේ නෑ. නමුත් ගූගල් ඇසිස්ටන්ට් මඟින් ඔබේ තිරයේ පෙන්වන දේ තේරුම්ගැනීමට හැකියාව තිබෙනවා. උදාහරණයකට ඔබේ මිතුරෙක් ඔබට පණිවුඩයක් එව්වොත් “Let’s go to watch the movie this weekend” කියලා, ගුගල් සහයකයා තේරුම් ගන්නවා මෙය ඔබට මතක් කල යුතුයි කියලා. එනිසා ඔබෙන් අහනවා එය ඔබේ දින දර්ශනයට ඇතුලත් කර එදින කිට්ටු වන විට මතක් කරන්නද කියලා. අවශ්‍ය නම් ඔබට ගූගල් සහයකයට කියන්න පුලුවන් ගිය අවුරුද්දේ උපන්දින උත්සවයේ ඡායාරූප පෙන්වන්න කියලා. එවිට අදාල දිනය තේරුම්ගෙන, එයට අදාල ඡායාරූප පෙන්වනු ලබනවා.

ගූගල් ඩේඩ්‍රීම් පැමිණෙන මුල්ම දුරකථනය වන්නේත් පික්සල් සහ පික්සල් එක්ස්එල් දුරකථන දිව්ත්වයයි. ඒ පිළිබඳව වෙනම ලිපියකින් සහ වීඩියෝවකින්අ පි ඔබට පැහැදිලි කරන්නම්.

කැමරාව

පික්සල් දුරකථනවල කැමරාව පිළිබඳව බොහොම ආඩම්බරයෙන් සමාගම කතා කලා. ඔවුන් පෙන්වා දුන්නා මෙතෙක් ජංගම දුරකථනයක පැමිණි හොදම කැමරාව පික්සල් සතු බව. සෝනි සමාගමේ IMX378වන මෙගාපික්සල් 12.3ක කැමරා සෙන්සරය දුරකථනයේ තිබෙනවා. කැපී පෙනෙන අංගයන් ලෙස ෆේස් ඩිටෙක්ෂන් ඔටෝ ෆෝකස් තාක්ෂණය, එච්ඩීආර්+(HDR+) සහ ඉක්මනින් චලනය වන දෙයක්, ඒ කියන්නේ ක්‍රීඩා අවස්ථාවක් වැනි දෙයක් බොඳ නොවී ක්ෂණයකින් ඡායාරූපයකට නැගීමට මේ කැමරාව සමත්වීම හඳුන්වන්න පුලුවන්.

ඔප්ටිකල් ඉමේජ් ස්ටේබලයිසේෂන්(Optical Image Stabalization – OIS) තිබෙන නිසා බොහොම පැහැදිලි, සෙලවීම් නොමැති තරමේ වීඩියෝ ලබාගන්නටත් පුලුවන්. උපරිම 4K දක්වා ඔබට කැමරාවෙන් වීඩියෝගත කිරීම් සිදුකිරීමට පුලුවන්.

කැමරාවල ගුණාත්මකභාවය මනින DxOMark‎  සමාගම විසින් ජංගම දුරකථන කැමරාවකට මෙතෙක් ලැබී ඇති ඉහලම අගය වන ලකුණු 89ක් පික්සල් දුරකථන වෙතට ලබාදී තිබෙන්නේ පෙර කී හේතු නිසාවෙන්. අයිෆෝන් 7 සඳහා ඔවුන් ලබාදී තිබෙන අගය වන්නේ 86ක්. පික්සල් දුරකථනයට පහලින් තිබෙන දුරකථනය වන්නේ සැම්සුන් ගැලැක්සි එස් 7 ඒජ් එකයි(Samsung Galaxy S7 Edge).

ඔබේ ඡායාරූප සහ 4K වීඩියෝ එලෙසින්ම ඕනෑතරම් ඔබේ Google Photos ගිණුමේ තබාගැනීමට Unlimited Google Photos Storage එකක් පික්සල් දුරකථන මිළදීගන්නා සැම අයෙකුටම නොමිලේ අවස්ථාව ලැබෙනවා.

මිළ සහ නිකුත්වන දිනය

පික්සල් 32ජීබී මතකය සහිත දුරකථනයේ මිළ ඇ.ඩො.649ක්(රු.97,500 ආසන්නයි). පික්සල් එක්ස්එල් දුරකථනය ඇ.ඩො.770ක්(රු.115,500 ආසන්නයි). ඔබට ගිගාබයිට් 128 මතකය සහිත සංස්කරණය මිළදීගන්න ඕන නම් ඒ ගණන් දෙකටම ඇ.ඩො.100 බැගින් එකතු කරන්න. ඒ කියන්නේ ලංකාවේ මුදලින් පිළිවෙලින් රු.112,500ක් සහ රු.130,500කට ආසන්න මුදලක් වෙනවා.

නමුත් දුරකථනයේ තිබෙන විශේෂාංග එක්ක බැලුවම මේ මිළ නම් ටිකක් වැඩියි. ගූගල් සමාගම නෙක්සස් දුරකථන ආරම්භ කරන්නට හේතුව වුනෙත් මිළ වැඩි ඇන්ඩ්‍රොයිඩ් දුරකථන වෙනුවට අඩු මිළට හොඳ ගුණාත්මක දුරකථන ලබාදීමටයි. සමහරවිට ඇපල් දුරකථනයත් මේ මිළටම විකුණන නිසා “G” අකුර එක්ක අඩු මිළට දුරකථනය නිකුත් කරන එක නමට හොඳ නැතිද දන්නේ නෑනේ.{:}{:en}We informed you several weeks ago that Google is planning to release a smartphone under their name. Proving that the rumor is right, they released their first Hardware products on 4th October. In this article, we are going to look at Google’s Pixel and Pixel XL phones.

They release both phones in a special event in San Fransisco. Google’s main aim is to compete with Apple with their own branded smartphone. Because, Google has their own mobile OS. But still they hadn’t any hardware of their own.

Design and look

Image : Google

Both the phones are made out of polish aluminium. From sides, it reminds you the iPhone. The glass in the back of the device gives it a uniqueness. Pixel has a 5 inch Full HD screen while Pixel XL packs a Quad HD 5.5 inch display. Both are protected by Gorilla glass 4. We don’t know why Google choose an older version of Gorilla glass in a time of Gorilla glass 5. Both phones are available in Quite Black, Very Silver, and Really Blue.

What’s inside

Pixel phone is powered by Qualcomm Snapdragon 821 chipest. One of the most powerful SoC’s in the planet now. Ram is 4GB and you can choose between 32GB or 128GB as the internal storage. There’s an USB Type C port to charge the phone and to transfer the data. Also you’ll get a type C to type A converter. And yes, it has a 3.5MM headphone port.

Pixel phone has a battery capasity of 2,770mAh while Pixel XL got a huge 3,450mAh battery. They promise a whole day usage of the both device with this battery. Also both comes with a quick charge technology which you can get a 7 hours of usage with just 15mins charge.

The Software

Image : Google

People buy nexus phones to get the pure Android experiance. It’s applicable to here too. The OS is Android 7.1 Nougat and the OS get a new launcher; Pixel launcher which takes the OS’s capabilities to a next level.

Pixel phones are the first and only phone(maybe for now) with pre-installed Google Assitant. If you ever tried Google Allo, you know this. The company took more time explaining how different is this and how to use this service. Also, these devices are the first to get Google Daydream Virtual Reality.

The Camera

Image : Google

Google said that Pixel phones got the best smartphone camera till date. It got a Sony made IMX378 image sensor with 12.3 MP. Some featues of this are phase detection autofocus, HDR+ and action photography. Optical image stabalization brings you to a never saw stabalization in a smartphone.

Pixel phone got a mark of 89 from DxOMark‎. Which is the best score until date. For your reference, the latest iPhone 7 got a value of 86 and the second below the Pixel is Galaxy S7 Edge.

The company gives you Unlimited Google Photos Storage  to every user who choose their next phone a Pixel.

Price

32GB version of Pixel is $649 and Pixel XL is $770. If you want the price of the 128GB varient, just add another $100 to the price.

The price for such a device is a bit high. Google started the nexus project to bring a good quality device to everyone for a cheap price. Maybe they increased the price this time because these phones got a “G” on the back just like an apple on the back of Apple.{:}

2 Replies to “ගූගල් සමාගමේ ප්‍ර‍ථම දුරකථනය – ගූගල් පික්සල්”

Leave a Reply

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

%d bloggers like this: