සැම්සුන්ලට විතරද ? අපිටත් පුලුවන් – මීට ඇපල්

ස්මාට්ෆෝන් ලෝකයේ එකිනෙකා කොපි කිරීම තරම් වෙන දෙයක් නැති තරම්. ඇපල් වලින් ඇන්ඩ්‍රොයිඩ් කොපි කරනවා. ඇන්ඩ්‍රොයිඩ් වලින් ඇපල් කොපි කරනවා. නමුත් මෙයිනුත් වැඩියෙන්ම කොපි කිරීම පිළිබඳව ඉදිරියෙන් හිටියේ ඇපල් සහ ඇන්ඩ්‍රොයිඩ් දෙදෙනා. නමුත් ඇපල් අහිංසකයෙක් කියලා කියන්නත් අමාරුයි.  සැම්සුන් සමාගම තිරය විශාල ස්මාට් දුරකථන නිර්මාණය පටන් ගත්තේ නැත්නම් ඇපල් පාරිභෝගිකයෝ සමහරවිට තවමත් අඟල් 3.5 තිරයක් සහිත අයිෆෝන් 7 එකක් පාවිච්චි කරන්න ඉඩ තිබුනා.

අලුත්ම කොපි කිරීම මොකක්ද දන්නවද? සැම්සුන්ලාගෙන් ඇපල් කොපි කරලා ඔවුනුත් පුපුරන ෆෝන් හදන්න පටන් අරගෙන. සමහරවිට සැම්සුන් සමාගමේ පුපුරන ෆෝන් ගැන හැම රූපවාහිනී නාලිකාවකම, හැම වෙබ් අඩවියකම විස්තර යනවා ඇපල් සමාගමට බලාගෙන ඉන්න බැරිවෙන්න ඇති. එනිසා ඔවුනුත් පුපුරන ෆෝන් හදන්න ගත්තද දන්නේ නෑ.

iphone_1475244847582

විහිලු පැත්තකින් තියමු දැන්. රෙඩිට්(Reddit) වෙබ් අඩවියේ පරිශීලකයෙකු තමන්ගේ අලුත් අයිෆෝන් 7 ප්ලස් දුරකථනය පිපිරීම පසුගිය බදාදා(28) පිළිබඳව කියලා තියෙනවා. හැබැයි සැම්සුන් සමාගමේ නෝට් 7 පිපිරීම වගේ නම් ප්‍ර‍ශ්නයක් නෙවෙයි. මේ අයිෆෝන් 7 ප්ලස් දුරකථනය පුපුරා ගිහින් තිබෙන්නේ එය එන අතරමගදි. අයිතිකරුට ලැබිලා තිබෙන්නේ පුපුරාගිය ෆෝන් එකක්.

iqw0hskgවිස්තර අනුව නම් මෙය සිද්දවෙලා තියෙන්නේ ඇපල් නිෂ්පාදනාගාරය සහ බෙදාහැරීම අතරතුර. ඇපල් සමාගමවත්, පාර්සලය බෙදාහැරි එක්සත් පාර්සල් සේවය(UPS)වත් මේ ගැන තවම නිළ වශයෙන් මුකුත් ප්‍ර‍කාශ කරලා නෑ. නමුත් පේන විදියට සමාගම දෙකටම වැරැද්ද ගැන සොයාබලන්න සිද්ද වේවි.

ඇපල් සමාගමේ ටෙක්සාස් කාර්යාලයේ නියෝජිතයෙකු අදාල පාරිභෝගිකයා සම්බන්ධකරගෙන සියලුම විස්තර ලබාගෙන තිබෙනවා. ඔහු පවසා තිබෙන්නේ ජංගම දුරකථන මිළදීගත් ඒටීඇන්ඩ්ටී(A&t) සමාගම හරහාම අලුත් දුරකථනයක් ඔහුට නිකුත්කිරීමට කටයුතු කරන බවයි.

Leave a Reply

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

%d bloggers like this: