ලංකාවේ Samsung එක වෙයි – Huawei දෙවැනි තැනට – මාස ගානෙන් Xiaomi තුනට !

ලංකාවේ ජංගම දුරකථන වෙළඳපලෙන් අංක 1 බවට පත්වන්නට Samsung සමාගම මේ වසරේ පළවැනි කාර්තුවේ හැකියාව ලැබී තිබෙනවා. ඒ Huawei, Xiaomi, OPPO, සහ Vivo සමාගම් පරදවා ඉදිරියටම පැමිණෙමින්. 33%ක වෙළඳපලක් පළමු කාර්තුවේ අත්පත් කර ගැනීමට සැම්සුන් සමාගමට හැකියාව ලැබී තිබෙනවා.

සැම්සුන් සමාගමේ J දුරකථන පෙල මේ සඳහා වැඩියෙන්ම දායකවී තිබෙනවා. ඒවායේ තිබෙන විශේෂාංග පමණක් නොව, මිළ සහ සැම්සුන් සමාගමේ දැවැන්ත වෙළඳ ප්‍රචාරණයන් මෙයට හේතුව වී තිබෙනවා. 2010 වසරේ මුලින්ම පැමිණෙන සැම්සුන් සමාගම, වසර 9ක් තුළදි දැවැන්ත වෙළඳපලක් අත්පත් කරගෙන තිබෙනවා.

2019 පළමු කාර්තුවේ ජනප්‍රියතම ස්මාට්ෆෝන් 5

11%ක වර්ධන වේගයක් ලංකාවේ ජංගම දුරකථන වෙළඳපලේ පසුගිය වසරට සාපේක්ෂව තිබෙනවා. එයට හුවාවේ, ෂයෝමි වැනි චීන ජංගම දුරකථන බොහෝ සෙයින් උපකාරයක් වී තිබෙන්නේ ඒවායේ මිළට සාපේක්ෂව ලැබෙන පහසුකම් සහ ගුණාත්මකබාවය නිසා.

Huawei සමාගම 20%ක වෙළඳපලකට හිමිකම් කියමින් දෙවැනි තැනට ලංකාවේ පත්වී තිබෙනවා. ඔවුන්ගේ වැඩිම විකිණීම සහිත ජනප්‍රියම දුරකථනය වන්නේ Nova i3 දුරකථනයයි.‍‍

මෙවර විශේෂත්වයක් වන්නේ ගිය වසරේ පලමු කාර්තුවේ පළමු තැන රැකගෙන සිටි නොකියා සමාගම(HMD) පරදා, මාස 4ක් ඇතුලත Xiaomi සමාගම තුන්වැනි තැනට පත්වීමයි. මොකද සමාගම නිළ වශයෙන් ලංකාවේ ආරම්භවන්නේ පසුගිය නොවැම්බර් මාසයේ. ඔවුන්හට 10%ක වෙළඳපලක් හිමිකරගැනීමට අවස්ථාව ලැබී තිබීම කැපී පෙනෙවා.

2018 පළමු කාර්තුවේ හා 2019 පළමු කාර්තුවේ ස්මාට්ෆෝන් වෙළඳපල

විස්තර – කවුන්ටර්පොයින්ට් රීසර්ච්

Leave a Reply

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

%d bloggers like this: