EMUI 9 මෙහෙයුම් පද්ධතිය තිබෙන දුරකථන ගණන මිලියන 80ක් වෙයි !

හුවාවේ සමාගමේ දුරකථනවල තිබෙන ඇන්ඩ්‍රොයිඩ් මෙහෙයුම් පද්ධති සංස්කරණය වන EMUI හි අලුත්ම සංස්කරණය, EMUI 9 මේ වන විට ලක්ෂ 800ක් දුරකථනවල ස්ථාපනය වී ඇති බව Huawei සමාගම පවසනවා. ‍

Mate10, Mate RS, Nova3 සහ P20 ඇතුලු දුරකථන රැසකට එම්යූඅයි9 පද්ධතිය ලබාදී තිබෙනවා. Mate9 සහ P10 වැනි පැරණි දුරකථනවලටද අලුත් මෙහෙයුම් පද්ධතිය මේ මස අවසාන වන විට ලබාදෙන බවයි සමාගම පවසන්නේ. එයත් සමග EMUI පද්ධතිය තිබෙන දුරකථන සංඛ්‍යාව මිලියන 100ක් හෙවත් ලක්ෂ 1,000ක් වන බවයි

හුවාවේ සමාගමට මේ කාලය අපල කාලයක් වුනත්, එය ඉක්මනින්ම විසදාගනු ඇති බවයි අපි නම් හිතන්නේ.

Leave a Reply

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

%d bloggers like this: