Asus සමාගමට ඉන්දියාවෙන් තහංචියක් – Zenfone විකිණීම තහනම්

ඉන්දියාවේ නවදිල්ලි ‌මහාධිකරණයෙන් ඊයේ විශේෂ තීන්දුවක් ඇසුස් ආයතනයට ලබාදුන්නා. ඒ, ඔවුන්ට තවදුරටත් ජංගමදුරකථන සෙන්ෆෝන් ලෙස අලෙවිකිරීමට නොහැකිවන ලෙස.

Telecare Network නැමැති ආයතනය 2008 සිට Zen සහ ZenMobile යන නාමය ඔවුන්ගේ නිෂ්පාදන වලට භාවිතා කරනවා. ඇසුස් සමාගමත් සෙන්ෆෝන් යන නම යොදාගැනීම නිසා පාරිභෝගිකයන්ට ”පැටලිලිසහගත” වන බවටයි ඔවුන් නඩුව ගොනු කර තිබෙන්නේ. ‍

සෙන් යන වදන මහායාන බුදුදහමේ එන වදනක් බවත්, එයට අයිතිවාසිකම් කීමට නොහැකි බවත් ඇසුස් සමාගම ඊට ප්‍රතිචාර ලෙස නඩුවේදී පැවසුවද, එය නඩුවේ තීන්දුව වෙනස් කිරීමට තරම් ප්‍රභල එකක් වන්නේ නෑ.

ජූලි 10 වැනිදා තිබෙන මීළඟ නඩුවාරයේදී ඇසුස් සමාගම මෙම නඩුව දිනිය යුතුය. නැතිවුනොත්, ඉන්දියාවේ කිසිම තැනක සෙන්ෆෝන් යන නාමය යටතේ දුරකථන විකිනීමට නොහැකි වනු ඇත.

Leave a Reply

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

%d bloggers like this: