සුළි කුණාටුවකට ඔයාගෙ නම දාමුද?

ශ්‍රී ලංකා කාළගුණ විද්‍යා දෙපාර්තමේන්තුව විසින් උතුරු ඉන්දීය සාගර කළාපයේ ඇතිවන සුළි කුණාටු සදහා නම් යෝජනා කිරීමට ශ්‍රී ලංකා වාසී ඔබ සැමට මහගු අවස්ථාවක් ලබා දී තිබේ.

ඔබ විසින් යෝජනා කරනු ලබන නම් ඉතා පැහැදිළිව උච්චාරණය කළ හැකිවිය යුතු අතර එය ඉංග්‍රීසි බසින් ලිවීමේදී උපරිමය අකුරු අටකට (08) සීමාවිය යුතු බවත් එම නාම යෝජනා ජුනි මස 15 වන දිනයට ප්‍රථම කාළගුණ විද්‍ය දෙපාර්ථමේන්තුව වෙත ලැබිය යුතු බවටත් කාළගුණ විද්‍යා දෙපාර්තමේන්තුව විසින් වැඩිදුරටත් දන්වා සිටී.

කාළගුණ විද්‍යා දෙපාර්තමේන්තුවේ ඉතිහාසය

කාළගුණ විද්‍යා දෙපාර්තමේන්තුව ශ්‍රී ලංකාවේ ඇති පැරණිතම රාජ්‍ය දෙපාර්තමේන්තු වලින් එකකි. එය 1948 ඔක්තෝම්බර් මස 01 වන දින නිළ වශයෙන් පිහිටුවන ලද නමුත් වර්ෂ 1850 පමණ කාළයේ සිට කාළගුණ විද්‍යාව පිළිබද ඉතිහාසයක් ශ්‍රී ලංකාව තුළ පවතී.

1866-1883 කාළයේ සේවයේ නියුතු මිනින්දෝරු ජනරාල් කර්නල් ෆ්‍රයර්ස් මහතා විසින් කාළගුණ විද්‍ය දෙපාර්තමේන්තුව ශ්‍රී ලංකාව තුල පිහිටුවීමේ ප්‍රමුඛ පුද්ගලයා බවට ඉතිහාසයේ සදහන් වේ. 1883 වසරේදී ඔහු විශ්‍රාම ගන්නා විට රට පුරා වර්ෂාව පිළිබද දත්ත එක්රැස් කිරීමේ මධ්‍යස්ථාන 50 කට අධික සංඛ්‍යාවක් සහ උෂ්ණත්වය, වළාකුළු, සුළග පිළිබදව වාර්ථාකරන ප්‍රධාන කාළගුණ නිරීක්ෂණ මධ්‍යස්ථාන 14 ක් රටපුරා ස්ථාපනය කොට තිබුනි.

කොළබ බෞද්ධාලෝක මාවතේ ආකාශවස්තු නිරීක්ෂනාගාරය 1907 දී එහි පළමු අධිකාරී H.O. බර්නාර්ඩ් මහතා විසින් ආරම්භ කිරීමත් සමගම ශ්‍රී ලංකාවේ කාළගුණ විද්‍යාව වඩාත් විද්‍යාත්මක ක්‍රමවේදයන්ට නැබුරුව ක්‍රියාත්මක වීමට පටන් ගැනුනි.

කාළගුණ විද්‍යා දෙපාර්තමේන්තුව

1940 වසරේ එවකට පැවැති දෙවන ලෝක යුද්ධයෙන් පසුව රජය විසින් රට පුරා දියත් කරන ලද විශාල සංවර්ධන සැළසුම් මත පැවති කාළගුණ දත්‍ත රැස් කිරීමේ මධ්‍යස්ථාන සියල්ලක්ම පාහේ දියුණුකොට කාර්‍යමණ්ඩලය සහ වඩා වැඩි පහසුකම් වලින් යුත් තාක්ෂණයද සමගින් එය රාජ්‍ය දෙපාර්තමේන්තුවක් ලෙස කාළගුණ විද්‍යාදෙපාර්තමේන්තුව නිළ වශයෙන් 1948 ඔක්තෝම්බර් මස 01 දින පිහිටුවන ලදි. එහි පළමු අධ්‍යක්ෂක වරයා වූයේ ආචාර්‍ය D.C.E දසනායක මහතා වේ. ඔහු 1958 ජූලි 14 දින විශ්‍රාම යන තෙක් වසර 10 කට වඩා වැඩි කාලයක් ශ්‍රී ලංකාවේ පළමු කාළගුණ විද්‍යා සහකාර අධ්‍යක්ෂක වරයා ලෙස සේවය කරන ලදී.

නව කාළගුණ විද්‍ය දෙපාර්තමේන්තුව

කාළගුණ විද්‍යා දෙපාර්තමේන්තුවේ ප්‍රධාන කාර්‍යයන්

  • කාළගුණය, දේශගුණය සහ තාරකා විද්‍යාව පිළිබදව දත්ත සැපයීම
  • කාළගුණය සහ සුනාමි තත්වයන් පිළිබදව පූර්ව අනතුරු ඇගවීම් සිදු කිරීම

  • දේශගුණික විපර්‍යාස පිළිබදව තාක්ෂණික ක්‍රියාකාරකම් සදහා සහාය සැපයීම

ලිපිනය
NO. 383, බෞද්ධාලෝක මාවත, කොළබ 07

Leave a Reply

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

%d bloggers like this: