ඇපල් watchOS 6 සහ tvOS 13 හඳුන්වාදෙයි

ඇපල් සමාගමේ මේ වසරේ WWDC එක අද දිනයේ ඇමරිකාවේදි පැවැත්වුනා. එහිදී ඔවුන් මුලින්ම සිදුකලේ ඇපල් වොච් එකේ සහ ඇපල් ටීවී එකේ මෙහෙයුම් පද්ධති දෙක හඳුන්වාදීමයි.

Apple watchOS 6

සහයෝගය දක්වන වොච් වර්ග සියල්ලටම අලුත් ඇපල් වොච් ඕඑස් එක පැමිණෙනවා. අලුතෙන් ඔවුන් වොච් ෆේස් රැසක් මෙයට හදුන්වාදී තිබෙනවා. අලුත් ඩිජිටල් ඔරලෝසුවක්, කැල්ෆෝනියා-ස්ටයිල් ෆේස් එක එයින් දෙකක් පමණයි. මේ සියලුම වොච් ෆේස් වලට ඔබට කැමති පරිදි වෙනස්කම් සිදුකිරීමට පුලුවන්.

Audiobooks, Voice Memos, සහ කැල්කියුලේටරයද මෙවර පැමිණෙනවා. කැල්කියුලේටරයේ ”ටිප්” එක ගණනය කිරීමේ හැකියාවද පවතිනවා.

New Apple watchOS 6 Apps

ඇප් ඩිවලපර්ස්ලාට වොච් එක සඳහා වෙනම ඇප් නිර්මාණය කිරීමට මෙම සංස්කරණයේ සිට පුලුවන්. කලින් නම් වොච් එකට ඇප් එකක් ඇතුලත් කිරීමට නම් ප්‍රථමයෙන් ඇප් ස්ටෝ එකේ ඇප් එකක් තිබීම අනිවාර්ය කරුණක් වුනා.

ෆිට්නස් සම්බන්ධයෙන්ද වෙනස්කම් ගොඩක් කර තිබෙනවා. Hearing aid ඔප්ෂන් එක මගින් වටපිටටෙව් ශබ්ද වලට ඇහුම්කන් දීලා, සංවේදී ශ්‍රවණ තත්වයන් තිබෙන අයට එම ශබ්ද අහිතකරයි නම් එය දැනුම් දෙනවා. ”Period” එක ගැන හරියටම බලාගන්නත් මේකෙන් ඔබට අවස්ථාව ලබාදී තිබෙනවා.

tvOS 13

Apple tvOS 13 Homescreen

ඇපල් ටීවී එකේ හෝම්ස්ක්‍රීන් එක මෙවර සම්පූර්ණයෙන්ම පාහේ වෙනස්කර තිබෙනවා. live previews නිසා ඕපන් කරන්න කලින්ම අදාල වීඩියෝවේ පෙරදසුනක් බලාගන්න පුලුවන්. ‍මෙවර සිර ගෙදර සිටින කීප දෙනෙකුටම ඇපල් ටීවී එකට තමන්ගේ ඇපල් එකවුන්ට් එකෙන් ලොග් වෙන්න පුලුවන්.‍

එවගේම ගේම් වලට කැමති අයට තවත් සුභ ආරංචියක් තියෙනවා. Xbox One සහ PlayStation 4 කන්ට්‍රෝලර්ස් වලටත් මේක සහය දක්වනවා. ‍ලොකු දෙයක් නොවුනත්, අලුත් මුහුද යට screensavers කීපයක්ද මේකට ඇතුලත් කර තිබෙනවා.

ඇපල් සමාගමේම streaming සේවාව මෙවර පටන් ගන්නවා. නෙට්ෆ්ලික්ස් වැනි ආයතන වලට තරඟයක් දෙන්නට ඔවුන් මෙය පටන්ගැනීමට තීරණය කර තිබෙන්නේ. එහිදි විකාශය වන්නට නියමිත කථාමාලාවක ට්‍රේලරයද ඔවුන් ඉදිරිපත් කලා.

Tags:

Leave a Reply

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

%d bloggers like this: