අළුතෙන්ම එන Terminator Dark Fate ගැන විශ්මිත තොරතුරු

Terminator – Dark Fate (2019 Nov 01 )
Action | Syfi | Adventure

ඉතිං කොහොමද, ඔන්න අද මම ඔයාලට දෙන්න යන්නෙ 2019 අවුරුද්දෙ නොවැම්බර් 01 වෙනිද ලොව පුරා තිරගත වීමට නියමිත ඇමෙරිකන් චිත්‍රපටයක් වන Terminator චිත්‍රපට මාළාවෙ අළුත්ම එක ගැන පොඩි විස්තරයක්.

චිත්‍රපටය – Terminator Dark Fate
අධ්‍යක්ෂණය – Tim Miller
කථාව – James Cameron, Charles Eglee, Josh Friedman, Gayer, Rhodes
නිෂ්පාදනය – James Cameron & David Ellison
තිර රචනය – David Gayer, Justin Rhodes, Billy Ray

ඒ වගේම මේ තමයි Terminator චිත්‍රපට මාළාවෙ හය වැනි චිත්‍රපටය. මම හිතන්නෙ ඔයාල හැමෝම මුල් චිත්‍රපට සියල්ලක්ම නරබල ඇති මොකද Terminator කියන්නෙ ඒ තරම්ම ජනප්‍රිය Icon එකක්. Terminator හරහා විශාල ජනප්‍රියතාවයක් හිමිකරගත් අපේ අසහාය නළු ආර්නෝල්ඩ් ස්වේශනගර් මේ චිත්‍රපටයෙත් ප්‍රධාන චරිතයක් රගදක්වනව. හැමොගෙම දැනගැනිම පිණිස මම Terminator චිත්‍රපට මාළාවෙ විකාශනය ගැන පහලින් විස්තරයක් දෙන්නම් ඔයාලට.

👉The Terminator (1984 Oct 26 )
👉Terminator 2 – Judgment Day ( 1991 July 03 )
👉Terminator 3 – Rise of the Machines ( 2003 July 02 )
👉Terminator Salvation ( 2009 May 21 )
👉Terminator Genisys ( 2015 July 01 )
👉Terminator Dark Fate ( 2019 Nov 01 )

කවුරුත් දන්නවනෙ ජේම්ස් කැමරන් කියන්නෙ මොනවගේ පුද්ගලයෙක්ද කියල, ඉතිං එයා ගැන මම මෙතන අමුතුවෙන් විස්තරයක් කරන්න ඕනැ නෑ කියලයි හිතන්නෙ මොකද හැමෝම දන්නව ඒ ගැන. ඉතිං ජේම්ස් කැමරන් මහත්මයගෙම නිර්මාණයක් තමයි මේ Terminator කියන චරිතය.
පෙර චිත්‍රපට සේම මේකෙත් නිෂ්පාදනය සදහා දායක වෙනව මෙන්න මේ සමාගම් ටික,

👉Paramount Pictures
👉STS Dance Media
👉20th Century Fox
👉Lightstorm Entertainment
👉Tencent Pictures

යන සමාගම් වලින්. දන්නවනෙ මේ සමාගම් නිකං ආවට ගියාට එහෙන් මෙහෙන් යන ෆිල්ම්ස් වලට අතගහන සමාගම් නෙවෙයි කියල ඒවගේම විෂේශයෙන් ලොව සිටින අංක එකේ චිත්‍රපට අධ්‍යක්ෂකවරයාගෙම චිත්‍රපටයක් උනාම ඒකට දායක වෙන්න ලොකු ලොකු සමාගම් පොරකනව කියලත් අපි දන්නවනෙ. Hollywood වල නිෂ්පාදනය වන සුපිරිම ඝණයේ චිත්‍රපට ගොඩක අයිතිය මේ වෙනකොට තියෙන්නෙත් මේ සමාගම් කීපය සතුව තමයි. ඒ වගේම Terminator Dark Fate චිත්‍රපටයේ සියළු බෙදාහැරීම් කටයුතු සිදුකරන්නෙ,

👉Paramount Pictures
👉Walt Disney Studios
👉Motion Picture

යන සමාගම් ත්‍රිත්වය හරහා තමයි. දැන් හිතාගන්න පුලුවන්නෙ Terminator Dark Fate මොන වගේ තත්වයකින් නිශ්පාදනය වෙන චිත්‍රපටයක්ද කියල. ඒ වගේම මේ චිතපටය සදහා ඇස්තමේන්තුගත වියදම ඩොලර් මිලියන 200 ක්. අම්මෝව් නෙහ්. ආයෙ අහන්න දෙයක් නෑ ඉතිං සුපිරිම තමා.

ඉතිං ජේම්ස් කැමරන් මහත්මයා සමග Gale Anne Hurd කියන අය 1984 වසරෙදි Terminator පළමු චිතපටය නිෂ්පාදනය කරල ලොව පුරා තිරගත කරාට පස්සෙ ඒ සදහා ලැබුනු ඉතාමත්ම ඉහල ප්‍රේක්ෂක ප්‍රථිචාරය මත Terminator චරිතය අලලා තවත් බොහෝ දෑ නිර්මාණය වෙන්න ගත්ත. මේ සියල්ලක් සදහාම ජේම්ස් කැමරන් මහත්මයගෙ ආශිර්වාදය නම් නොඅඩුව හිමි උනා කියලයි එ ඒ සමාගම් නම් ප්‍රකාශ කරන්නෙ ඉතිං Terminator දෙවෙනි චිත්‍රපටය වන Terminator 2- Judgment Day චිත්‍රපටයට පසු S.M.Stirling විසින් Comic Series එකක් ප්‍රකාශයට පත් පත්කරනු ලැබුවා. එය ත්‍රිත්ව ප්‍රකාශනයක් ලෙසයි එළි දැක්වුනේ.ඒ සදහා Harper Entertainment සහ Gollencz S.F යන සමාගම් ප්‍රකශන දායකත්වය ලබා දී තිබුන. කොහොම හරි මේ Comic Series එක ලොව පුරා වේගයෙන් අළෙවි වීම් සිදුවුනේ ජේම්ස් කැමරන් සහ ප්‍රකාශන සමාගම් වලට අති විශාල ධනයක් උරුම කරදෙමින්. ඔයාල Youtube එකේ Search කරල බැලුවොත් බලාගන්න පුළුවන් වෙයි ජේම්ස් කැමරන් මහත්මයට කොපමණ ධනස්කන්දයක් උරුම වෙලා තියෙනවද කියල මේ චිත්‍රපට ක්ෂේත්‍රය තුළින්.

Terminator Trilogy Comic Series.

👉T2 Infiltrator (2001)
👉T2 Rising Storm (2003)
👉T2 The Future War ( 2004)

ඒ එක්කම Terminator චිත්‍රපටමාළාව අලලා නිශ්පාදනය උන රූපවාහිනී කථාමාළාව තමයි

Terminator – Sarah Connor Chronicles (2008 – 2009)

සහ 2009 වසරේ Terminator Salvation යනුවෙන් Web Series එකක් පවා නිශ්පාදනය වීමට තරම්ම ජේම්ස් කැමරන් මහතා විසින් නිපදවන ලද Terminator කියන Iconic Name එක සමත් උනා.
ඒ විතරක්ම නෙවෙයි Terminator නාමයෙන් නිපදවුන

Video Games
Sound Track
Theme Pack
DeskTop PC & LapTops
Clothes & Kids Toys

වගේ විශාල පරිමාණයක නිශ්පාදන වෙළදපොළ තුල Terminator Mania වක් නිර්මානය කරා.

ඉතිං හොදටම ඇති මේ කිව්ව විස්තර ටික නම් නෙහ්. Terminator අළුත්ම ෆිළුම ආපු ගමන් බලන්න මම නම් සැදී පැහැදි ඉන්නව මොකද අනිව ඒක බොක්ස් ඔෆිස් ගහනව කියල නම් හොදටම ෂුවර්.
එහනම් තවත් ෆිළුමකින් සෙට් වෙනකම් ගිහින් එන්නම්.
පෝස්ට් එක Share කරල සප් එකක් දෙන්න ඉතිං ආ.. එතකොටනෙ ගැම්ම තව සුපිරි ෆිල්ම් ගැන පට්ට රිවීව්ස් දෙන්න නෙහ්😂

ඒ වගේම ඔයාගෙ අදහසත් පහලින් Comment කරගෙන යන්න අමතක කරන්න එපා😜

මම හර්ෂණ සමරසේකර

#MovieReviewsinhala #SinhalaReview #FreeMovies #wwwmuttiyacom

Leave a Reply

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

%d bloggers like this: