නොකියාම ආ Nokia ආගමනය – Nokia 6

අපි පසුගිය වසරේ ඔබට පැවසුවා ලද තොරතුරු අනුව නොකියා සමාගම නැවත මේ වසරේදි ජංගම දුරකථන ලෝකයට තමන්ගේම නාමයෙන් පය තබන බවට. සමාගම පසුගිය දා නොකියා නාමයෙන් පැමිණෙන අලුත්ම මෙන්ම ප්‍ර‍ථම ඇන්ඩ්‍රොයිඩ් ජංගම දුරකථනය, නොකියා 6 හඳුන්වාදුන්නා.

අලුත් විදියේ පෙනුමක් සහිතව ශක්තිමත් 600 Series ඇලුමිනියම් වලින් බඳ නිර්මාණය කර තිබෙනවා. තිරය අඟල් 5.5 Full HD 2.5D වක්‍ර‍ වීදුරුවක් තිබෙන එකක්. එමෙන්ම වීදුරුව ගොරිල්ලා ග්ලාස් බවයි ඔවුන් පවසන්නේ.

කෙසේ නමුත් නොකියා 6 දුරකථනය මධ්‍යම පන්තියට තමයි වැටෙන්නේ. මොකද SOC එක ස්නැප්ඩ්‍රැගන් 430 එකක්. ප්‍රොසෙසර් එක octa-core. එවගේම GPU එක Adreno 505. ඒක නිසයි මේක මධ්‍යම පන්තියට වැටෙන්නේ. රැම් මතකය නම් උපරිම ලෙස ඔවුන් යොදවා තිබෙනවා. ගිගාබයිට් 4ක්.

නොකියා කිව්වම කැමරා තමයි ගොඩක් අය කැමති වුනේ. මොකද හොඳ තත්වයේ ඡායාරූප නොකියා Symbian/Java දුරකථන වලින් පවා ගන්නට පුලුවන් වුනා. Nokia 6 දුරකථනයේ ප්‍ර‍ධාන පසුපස කැමරාව මෙගාපික්සල් 16ක PDAF තාක්ෂණය සහිත එකක්. එවගේම ලෙන්ස් එක F/2.0 අපර්චර් එකක්. ඉදිරිපස කැමරාව මෙගාපික්සල් 8ක්. වීඩියෝ පටිගත කිරීම් 1080p දක්වා පමණයි තියෙන්නේ. අභ්‍යන්තර මතකය ගිගාබයිට් 64ක්.

නමුත් මේ දුරකථනය දැනට නිකුත් කරලා තියෙන්නේ චීනයට විතරයි. ඒ JD.Com වෙබ් අඩවිය හරහා. චනියා යෙන් 1,699ක් හෙවත් රුපියල් 37,000කට ආසන්නයි.

මේ තියෙන්නේ දුරකථනයේ නිළ ප්‍ර‍චාරක වීඩියෝ එක

One Reply to “නොකියාම ආ Nokia ආගමනය – Nokia 6”

  • […] Nokia 6 දුරකථනය පසුගියදා චීනයේ විකිනීම ආරම්භ කල බව ඔබ දන්නවා. විකිනීමට තිබු දුරකථන සියල්ලම මිනිත්තුවක් ඇතුලත විකුණා දැමීමට JD.Com වෙබ් අඩවියට හැකිවුනා. නමුත් විකුණූ දුරකථන සංඛ්‍යාව ඔවුන් මෙතෙක් මාධ්‍යයට සඳහන් කර නෑ. නොකියා 6 යනු HMD සමාගම(නොකියා නාමයේ වර්තමාන හිමිකරුවන්) ‘‘මුට්ටිය දමා බැලීමක්‘‘ නම්, එය ඔවුන්ට හොඳ ආරංචියක්. මොකද තවමත් නොකියා නාමයට ආදරේ පිරිසක් ඉන්න බව ඔවුන් දැනගන්නට ඇති. […]

Leave a Reply

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

%d bloggers like this: