Xiaomi සමාගම මාස තුනකින් මිලියන 2ක් දුරකථන ඉන්දියාවේදී විකුණලා

Xiaomi සමාගමේ තුන්වැනි කාර්තුවේ ස්මාට් දුරකථන විකිණීම් ඔවුන් ප්‍ර‍කාශයට පත්කර තිබෙනවා. වාර්තාවලට අනුව ඔවුන් ජූලි, අගෝස්තු සහ සැප්තැම්බර් මාස තුනේදී දුරකථන මිලියන 2ක් විකිනීමට සමත්වී තිබෙනවා. පසුගිය වසරට සාපේක්ෂව එය 150%ක වර්ධනයක්. මේ බව මුලින්ම ප්‍ර‍කාශ කලේ ෂයෝමි සමාගමේ ඉන්දියාවේ ප්‍ර‍ධානී Manu Kumar Jain විසින් පලකරන ලද ටිවටර් පණිවුඩයකට අනුවයි.

2014 ජූලි මස ඉන්දියාවේ ඔවුන්ගේ මෙහෙයුම් ආරම්භ කිරීමෙන් පසුව වාර්තාවූ ලොකුම සංඛ්‍යාවද මෙයයි. එමෙන්ම 4වන කාර්තුව(මේ කාර්තුව) ආරම්භ කලේ ඔක්තෝම්බර් මාසයේ මුල් දින 18දී පමණක් ස්මාට් දුරකථන මිලියනයක් විකිනීමෙනුයි. එබැවින් අපට 4 කාර්තුව අවසානයේ ඔවුන්ගේ මේ මිලියන 2 වාර්තාව ඔවුන් විසින්ම බිඳ දමන අයුරු දැනගත හැකි වේවි.

Leave a Reply

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

%d bloggers like this: