දැනට වාර්තාවන පරිදි, කොරෝනා වෛරසය සඳහා එන්නත් 70ක් පමණ විවිධ රටවලින් පරික්ෂණ මට්ටමේ තිබෙන බව ලෝක සෞඛ්‍ය සංවිධානය පවසනවා.
අප්‍රේල් 11 වැනිදා ප්‍රකාශයට පත් කරන ලද මෙම වාර්ථාව අනුව, CanSino, Moderna, සහ Inovio යන ආයතන නිපදවූ එන්නත, ලෝක සෞඛ්‍ය සංවිධානය මඟින් මනුෂ්‍යයන් සඳහා එන්නත් කර පරික්ෂා කිරීමටත් අවසර ලබාදී තිබෙනවා.
අලුත් එන්නතක් නිර්මාණය කිරීම මිළ අධික සහ ඉතා විශාල කාලයක් ගත වන වැඩක්. නමුත් මේ ලිපිය ලියන අවස්ථාව වන විට කොරෝනා වෛරසය ලක්ෂ 20කට ආසන්න පිරිසකට ආසාදනය වී එක්ලක්ෂ විසිදහසකට ආසන්න පිරිසක් මියයාම හේතුවෙන්, මෙම පරීක්ෂණ සිදුකිරීම ඉක්මන් වී තිබෙනවා.
21 වන සියවස තුළදී, කොරෝනා වෛරසයක් පැතිරයාම සිදුවූ තුන්වන අවස්ථාව මෙයයි.
Discussion about this post