උතුරු හා නැගෙනහිර පළාත්වල අද හර්තාල් ව්‍යාපාරයක් දියත් කිරීමට සැලසුම් කර තිබෙනවා.
ඒ යාපනය විශ්වවිද්‍යාල පරිශ්‍රයේ ස්ථාපිත කර තිබු සැමරුම් ස්මාරකයක් ඉවත කිරීමට විරෝධය පළ කරමින්.
මෙම හර්තාල් ව්‍යාපාරය දියත් කිරීමට දෙමළ ජාතික සන්ධානය ඇතුලු තවත් දේශපාලන පක්ෂ කිහිපයක්ද සිය සහයෝගය ලබාදීමටයි තීරණය කර ඇත්තේ.
අදාල ස්මාරකය ඉවත් කිරීමේදී කලහකාරි ලෙස හැසිරුනු විශ්වවිද්‍යාල සිසුන් දෙදෙනෙකු අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව ඇපමත මුදාහැර තිබෙනවා.
කෙසේ වෙතත් මේ සම්බන්ධයෙන් නිවේදනයක් නිකුත් කරන විශ්ව විද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාව කියා සිටියේ අදාල ස්මාරකය ඉවත් කලේ එම සරසවියේ උපකුලපතිවරයාගේ නියමයෙන් බවයි.
Discussion about this post