අද දිනය වන විට මෙරට සුවය ලැබු සමස්ත කොවිඩ් ආසාදිතයින් සංඛ්‍යාව 46,000 ඉක්මවා ගොස් තිබෙනවා.
ඒ, අද දිනයේ සුවය ලැබූ ආසාදිතයන් 774ත් සමඟින්.
ඒ අනුව මෙරට සුවය ලැබු සමස්ත ආසාදිතයින් ගණන 46,594ක් දක්වා ඉහළ ගොස් තිබෙන බවයි කොවිඩ් 19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානය පවසන්නේ.
මේ වන විට මෙරට සමස්ත ආසාදිතයින් ගණන 53,750ක් වන අතර, රෝහල්ගත රෝගීන් ගණන 6,886ක්.
Discussion about this post