හැකර් කරුවෙක්නම් ඔන්න අවස්ථාවක් තියෙනවා ඔයාට. ඒ ගූගල් සමාගම පටන්ගත් ප්‍රොජෙක්ට් සීරෝ ආරක්ෂක තරඟයක් සමඟ. පොඩි ගණනක් නෙවෙයි. ලංකාවේ මුදලින් කෝටි 5ක්(ඇ.ඩො. ලක්ෂ 3ක්) ඒ සඳහා ඔවුන් වෙන් කර තිබෙනවා. වැඩේ මේකයි. ගූගල් සමාගමේ Nexus 6P සහ 5X දුරකථන දෙකට ඇතුලු වෙන්න ඕන. නමුත් හැක් කරන්න ඔවුන් හැකර් කරුවාට ලබාදෙන්නේ ස්මාට්ෆෝන් එකේ දුරකථන අංකය සහ ඊමේල් ඇඩ්‍රස් එක විතරයි.
දිනන්න නම්, මේ තරඟයට ඉදිරිපත්වන අය මෙහෙයුම් පද්ධතියට කෙටි පණිවුඩයක්, ඊ-මේල් එකක් මඟින් වැනි ක්‍රම වලින් දුරකථනයට දුරස්ථව ඇතුලු වන්නට පුලුවන් ක්‍රම සොයාගන්න ඕන. දිනන හැම කෙනෙක්ටම ගූගල් සමාගමේ ප්‍රොජෙක්ට් සීරෝ බ්ලොග් එකේ තමන් සොයාගත්ත ඒ ආරක්ෂක සිදුර ගැන තමන්ගෙම වචනයෙන් කියන්න අවස්ථාව ලැබෙනවා. පළමු ස්ථානය සඳහා ඇ.ඩො. ලක්ෂ දෙකක්ද, දෙවැනියාට ඇ.ඩො. ලක්ෂයක්ද ලබා දෙනවා. එවගේම අනෙකුත් අඩුපාඩු සොයාගන්නා අය වෙනුවේන ඇ.ඩො. පනස් දහස බැගින් ලබාදෙනවා. මේ තරඟයේ වැඩි විස්තර සඳහා නිළ වෙබ් අඩවියට මෙතැනින් පිවිසෙන්න – Project Zero Contest
Discussion about this post