ජල සම්පාදන අමාත්‍ය වාසුදේව නානායක්කාර මහතාට කොවිඞ් ආසාදනය වී ඇති බවට තහවුරු වී තිබෙනවා.
මේ වන විට අමාත්‍ය දයාසිරි ජයසේකර, රාවුෆ් හකීම්, යන මහත්වරුන් ද කොවිඞ් ආසාදිතයන් ලෙස තහවුරු වී ඇති බවයි සෞඛ්‍ය අංශ සඳහන් කළේ.
රාවුෆ් හකීම් මහතාගේ ආශ්‍රිතයන් 21 දෙනෙකුද මේ වන විට හදුනාගෙන තිබෙනවා.
ඔවුන් සියලුදෙනා සෞඛ්‍ය අංශවල මැදිහත්වීමෙන් නිරෝධායනය සඳහා යොමු කර ඇති බව සඳහන්.
කෙසේ වෙතත්, පාර්ලිමේන්තුව මේ වන විට විෂබීජහරණයට ලක් කර ඇති අතර, සියලු කටයුතු බාධාවකින් තොරව පවත්වාගෙන යන බවයි කතානායක මහින්ද යාපා අබේවර්ධන මහතා කියා සිටියේ.
Discussion about this post