මේ වගේ කතා නම් කලින් අහලා නැතුව ඇති. අපි ඇත්තටම කියන්න යන්නේ මාස 17ක් පුරාවටම හදවතක් නොමැතිව ජීවත්වුන ඇමරිකානු පුද්ගලයෙක් ගැන. ඒ ඇමරිකාවේ අවුරුදු 25ක් වයසැති ස්ටෑන් ලාකින්(Stan Larkin) නැමැති තරුණයායි. හදවත අකර්මන්‍ය හෝ රෝගී තත්වයක් නිසා හදවතට හානිවූ පුද්ගලයන් එක්ලක්ෂ විසි එක්දහසක් පමණ (121,000) ඇමරිකාවේ පමණක් සිටිනවා. එයින් සාමාන්‍යයෙන් දිනකට විසි දෙදෙනෙක් මිය යනවා. මේ හැම කෙනාම බලාගෙන ඉන්නේ කවුරුන්හෝ කෙනෙක් ඔහුගේ හෝ ඇයගේ හදවත රෝගියා වෙනුවෙන් පරිත්‍යාග කරන තුරුයි.
ස්ටෑන්ගේ හදවත අසාමාන්‍ය පරම්පරාවෙන් පැවත එන රෝගී තත්වයක් නිසා ක්‍රමක්‍රමයෙන් අකර්මන්‍ය වීමට පටන්ගෙන තිබෙනවා. 2014 දෙසැම්බර් මාසයේදී වෛද්‍යවරුන් ඔහුගේ හදවත ඉවත්කිරීමට කටයුතු කරා. නමුත් ඔහුට වාසනාව තිබුනා ජීවත්වීමට. ඔහු තමයි මිෂිගන් නගරයෙන් කෘත්‍රීම හදවතක්( SynCardia Freedom Portable Driver) සවිකරගැනීමට අවස්ථාව ලැබුන ප්‍රථමයා වන්නේ. රාත්තල් දහතුනහාමාරක්, ඒ කියන්නේ කිලෝ හයක් පමණ වන මේ කෘත්‍රීම හදවත බෑග් එකක එල්ලාගෙන තමයි ස්ටෑන්ට මාස 17ක් පුරාවටම ඉන්න වුනේ. මේ කෘත්‍රීම හදවත මගින් හදවත මගින් සිදුකල රාජකාරිය එලෙසම ඉටුකිරීමට සමත්.
ස්ටෑන්ගේ අයියටත් මේ රෝගය නිසාම ජිවත්වන්නට වුනේ මෙවැනි කෘත්‍රීම හදවතක් මගින්. නමුත් ඔවුන් දෙදෙනාගේම වාසනාවකට දෙදෙනාටම හදවත් දෙකක් බද්ධ කිරීමේ හැකියාව ලැබුනා. ඒ මේ වසරේ මැයි මාසයේදී.
Discussion about this post