පසුගියදා ලොව කඩවසම් ම තරුණයා හෙවත් මිස්ට වර්ල්ඩ්(Mister World) තේරීමේ තරඟය මහා බ්‍රිතාන්‍යයේදී පැවැත්වුනා. දින 12ක් පුරා විවිධ තරඟ සහ තෝරාගැනීමේ වටයන්ගෙන් අනතුරුව අවසන් වටයට තේරුන තරුණයන් 46 දෙනෙකු අතුරින් මිස්ට වර්ල්ඩ් කිරුළ හිමිකරගැනීමට ඉන්දියාවේ රෝහිත් ඛන්ඩේවේල් (Rohit Khandelwal) හට වාසනාව ලැබුනා.
අවුරදු 26ක් වන රෝහිත් හට මිස්ට වර්ල්ඩ් වීමේ සිහිනය කලක පටන් තිබූ බව ඔහු පවසනවා. ඒ සිහිනයට ඔහුට ළඟාවීමට ඉතාම කැපවීමෙන් කටයුතු කල බවත් ඔහු සඳහන් කර තිබුනා. පසුගිය වසරේ මිස්ට ඉන්දියා කිරුළ ඔහුට ලැබීමත් සමඟ මිස්ට වර්ල්ඩ් තරඟයට ඇතුලත් වීමට ඔහුට ඉඩකඩ ලැබෙන්නේ. රෝහිත් සමඟ අවසන් තිදෙනාට තේරී පත්වුණ තුන්වැනියා වුනේ Puerto Rico හි අවුරුදු 21ක් වයසැති Fernando Álvarez වන අතර දෙවැනි ස්ථානය ලබාගැනීමට වයස 26ක් වන Aldo Esparza Ramírez හට හැකිවුනා.
රෝහිත් වසර කීපයකට කලින් සාමාන්‍ය තරුණයෙකු මෙන් ජීවත්වුන අතර රැකියාව වශයෙන් පරිඝනක තාක්ෂණ ආයතනයක තාක්ෂණික සහයක ලෙස කටයුතු කලා. ඔහුට කිරුළ ලැබීමත් සමඟ බොලිවුඩ් චිත්‍රපටි, කථා මාලා වලට ආරාධනා ලැබෙන බවයි ඉන්දියාවෙන් වාර්ථා වෙන්නේ.

Discussion about this post