ලෝක ජනගහනයෙන් දහයෙන් එකකට වෛරසය අසාදනය වී තිබිය හැකි බව ලෝක සෞඛ්‍ය සංවිධානය පවසනවා. එහි හදිසි සේවා වැඩසටහනේ විධායක අධ්‍යක්ෂ වෛද්‍ය මයික් රයන් ජිනීවා නුවරදී ඊයේ ප්‍රකාශ කලේ මේ නිසා ලොව විශාල ජන කොටසක් තවදුරටත් ගෝලීය වසංගතයේ අවදානමට මුහුණ දී සිටින බවයි. ලොව පුරා කොරෝනා වෛරස් ආසාදිතයින් සංඛ්‍යාව මේ වන විට නිළ වශයෙන් සටහන් වන්නේ තුන් කෝටි 56 ලක්ෂ 95000ක් ලෙසයි. එමෙන්ම, කොරෝනා මරණ එක්ලක්ෂ 45000කට වැඩි සංඛ්‍යාවක් ද මේ වන විට වාර්තා වී තිබෙනවා. එහෙත් වෛද්‍ය මයික් රයන් පවසන පරිදි කොරෝන අසාදනය වූ ලෝකවාසීන්ගේ සැබෑ සංඛ්‍යාව මිලියන 800ක් පමණ විය හැකියි. එය ලෝක ජනගහනයෙන් දහයෙන් එකකට අසන්න ප්‍රමාණයක්.
Discussion about this post