ෆේස්බුක් සමාගම පසුගියදා මැසෙන්ජර් වෙනුවෙන් Messenger Bot හඳුන්වාදුන්නා ඔබට මතක ඇති. නොදන්න කෙනෙක් ඉන්නවානම් පැහැදිලි කරන්නම්. මැසෙන්ජර් බොට් කියන්නේ ෆේස්බුක් සහ මැසෙන්ජර් යන සේවාවන් දෙක හරහා යම්කිසි ආයතනයකට හෝ වෙබ් අඩවියකට තමන්ගේ පාරිභෝගිකයන් සහ ප්‍රේක්ෂකයන් හා සම්බන්ධවන්නට ඔවුන් නිපදවූ තාක්ෂණික ක්‍රමයක්. රොබෝ කෙනෙක් වගේ තමයි. අපි යම්කිසි දෙයක් කිව්වම ඒකට පිළිතුරු දෙන්න, ඒවගේම යම්කිසි සේවාවක් ඉල්ලුවොත් එය සපයන්න මේ මැසෙන්ජර් බොට්වරුන්ට හැකියාව තිබෙනවා.
ඉතින් ලංකාවේ මේ වෙනකල් මැසෙන්ජර් රොබෝලා කවුරුවත් නිකුත් කරලා තිබුනේ නෑ. අපි හැමෝම දන්න සූම්.එල්කේ වෙබ් අඩවිය ඔන්න මේ වැඩේට මුලපුරලා තියෙනවා. ඔවුන් ZeeBee ලෙස ලංකාවේ ප්‍රථම මැසෙන්ජර් බොට් හඳුන්වාදෙනවා. මේ සීබීට වැඩ ගොඩක් පුලුවන් කියලා තමයි අපිට නම් දකින්න ලැබුනේ. විශේෂයෙන් මෙයාව හදලා තියෙන්නේ Zoom වෙබ් අඩවියේදි පැණ නගින ගැටලු වලට පිළිතුරු දෙන්න සහ අලුත් චිත්‍රපටි/කථාමාලා ඔවුන් නිකුත්කරාම අවශ්‍ය අයට දැනුම් දෙන්න. ඒත් ඊටත් එහා ගිහින් සරළ ප්‍රශ්න වලටත් සීබීට උත්තර දෙන්න පුලුවන්කම ඔවුන් හදලා තියෙනවා.
ඔවුන් ඒ වෙනුවෙන් හරිම ලස්සන වීඩියෝ එකකුත් හදලා තියෙනවා. මේ තියෙන්නේ ඒක – http://youtu.be/iUyvo2oKVkU
අපි උත්සහ කරපු අවස්ථාවලින් සෑහෙන ප්‍රමාණයකට සීබී උත්තර දුන්නා. ඇතැම් අඩුපාඩු තිබුනට සූම් තාක්ෂණික කණ්ඩායම පොරොන්දු වෙනවා ඒවා ඉදිරියේදි හදන්නට. ඔවුන් චැට්ෆුවල් කියන සමාගම එකතුකරගෙන තමයි මේක නිර්මාණය කරලා තියෙන්නේ. ඉතින් ලංකාවේ අපිට මේ වගේ දෙයක් නිකුත්වීම ගැන පොඩි ආඩම්බරයකුත් තියෙනවා.
සීබීට මැසේජ් කරන්න මෙතැනින් – http://www.facebook.com/zoomwebsite/
Discussion about this post