• දේශීය පුවත්
  • තාක්ෂණය
  • විනෝදාත්මක
  • එදිනෙදා ජීවිතය
Tuesday, April 13, 2021
  • Login
No Result
View All Result
Muttiya.com - මුට්ටිය.කොම්
  • තාක්ෂණය
  • දේශීය පුවත්
  • විනෝදාත්මක
  • විදෙස් පුවත්
  • එදිනෙදා ජීවිතය
  • Contact Us
  • තාක්ෂණය
  • දේශීය පුවත්
  • විනෝදාත්මක
  • විදෙස් පුවත්
  • එදිනෙදා ජීවිතය
  • Contact Us
No Result
View All Result
Muttiya.com - මුට්ටිය.කොම්
No Result
View All Result
Home දේශීය පුවත්

මිනිසුන්ගේ ආයුකාලය පෙන්වන දර්ශකයේ ලංකාවට හිමි තැන

September 24, 2016
in දේශීය පුවත්
0
Share on FacebookShare on Twitter

ලෝක සෞඛ්‍ය සංවිධානය විසින් පසුගිය වසරේ(2015) ලොව සෑම රටක්ම අරගෙන සමීක්ෂණයක් සිදුකලා. ඒ එක් එක් රටවල් වල මිනිසුන්ගේ සාමාන්‍ය ආයු කාලය සෙවීමට. ලෝකයේම මිනිසුන්ගේ සාමාන්‍ය අගය ගහතොත් මිනිසෙකු වසර 71.4ක් ජීවත් වනවා.  එක් එක් රටවල ආයු කාලය මැනීම සඳහා රෝග, මානසික සෞඛ්‍ය, අපයෝජනයන්ට බඳුන්වීම, ප්‍ර‍චණ්ඩත්වය, පෝෂණය, පානීය ජලය, මාර්ග අනතුරු, ලිංගික හා ප්‍ර‍ජනන සෞඛ්‍ය, පරිසර දූෂණය, එන්නත් වැනි දර්ශක සලකා බැලෙනවා.

Photo credit : Flickr.com
Photo credit : Flickr.com

ඒ විතරක් නෙවෙයි. ස්ත්‍රී-පුරුෂ භාවයත් මෙහිදි සැලකිල්ලට ගනු ලබනවා. ලෝකයම ගත්කල ස්ත්‍රී පාර්ශවය වසර 73ක සාමාන්‍ය ආයු කාලයකට හිමිකම් කියන අතර පිරිමින්ට තිබෙන්නේ වසර 69.1ක කාලයක්.  ඇමරිකාවේදී මේ අගය ගැහැනු පාර්ශවය වසර 79.9ක්ද පිරිමි පාර්ශවය 74ක සාමාන්‍ය ආයු කාලයක්ද තිබෙනවා.

මේ සමීක්ෂණයට යොදාගත් රටවල් 224 අතුරින් පළමු ස්ථානය ගන්නේ මොනාකෝ රාජ්‍යයයි. ඉතාම කුඩා රටක් වන මෙහි ජීවත්වන්නෙ මිනිසුන් 37,731ක ප්‍ර‍මාණයක් බවයි සඳහන් වන්නේ (2015). මෙයිනුත් 30% මිලියනපතියන්. මෙහි ජීවත්වන පුද්ගලයෙකුගේ සාමාන්‍ය ආයු කාලය වසර 89.52ක්. පහත තිබෙන්නේ වැඩිම ආයු කාලය සහිත රටවල් 10යි.

  1. Monaco
  2. Japan
  3. Singapore
  4. Macau
  5. San Marino
  6. Iceland
  7. Hong Kong
  8. Andorra
  9. Switzerland
  10. Guernsey

පසුගිය වසර 15දී ලොව ජිවත්වන පුද්ගලයන්ගේ සාමානය ආයු කාලය වසර 5කින් පමණ වැඩිවී තිබෙනවා. එහෙත් අඩුම ආයු සාමාන්‍ය ආයු කාලයක් සහිත චැඩ් රාජ්‍යයේ මිනිසුන්ගේ සාමාන්‍ය වසර ප්‍ර‍මාණය වන්නේ අවුරුදු 49.81ක්. ලෝක සෞඛ්‍ය සංවිධානයට අනුව අප්‍රිකාවේ රටවල මිනිසුන්ගේ සාමාන්‍ය ආයු කාලය වසර 60ක්.  පහත තිබෙන්නේ අඩුම සාමාන්‍ය ආයු කාලයක් තිබෙන රටවල් 10.

  1. Chad
  2. Guinea-Bissau
  3. Afghanistan
  4. Swaziland
  5. Namibia
  6. Central African Republic
  7. Somalia
  8. Gabon
  9. Zambia
  10. Lesotho

මේ ලැයිස්තුවේ ශ්‍රී ලංකාව තිබෙන්නේ 84වැනි ස්ථානයේ.  සම්පූර්ණ ජනගහනය ගත්කල සාමාන්‍ය ආයු කාලය වසර 76.8ක්ද, පිරිමින් පමණක් ගත්කල 73.3ක්ද, ගැහැනු පාර්ශවයට වසර 80.4ක සාමාන්‍ය ආයු කාලයක්ද තිබෙනවා. මේ දර්ශකයේ ඉන්දියාවට හිමිවී තිබෙන්නේ 163වන ස්ථානය. ඒ සාමාන්‍ය ආයු කාලය වසර 68.5කට උරුමකම් කියමින්.

What do you think?
Like
Love
Haha
Wow
Sad
Angry
Share Tweet
Tags: AgefeaturedIndiaLifesri lanka
Next Post

අයිෆෝන් 7 එක ඩ්‍රිල් කරලා හෙඩ්ෆෝන් ජැක් එක හදන්න ගිහින් කට්ටිය කරගත්තු වැඩේ

Discussion about this post

Connect with us

Recommended

No Content Available

Popular News

  • සිංහල උපසිරැසි එක්ක චිත්‍ර‍පටි රූපවාහිනියෙන් නරඹන හොඳම, පහසුම ක්‍ර‍මය

    8 shares
    Share 3 Tweet 2
  • පියා නිසා 8 හැවිරිදි දැරියකට ජීවිතය අහිමි වෙයි

    18 shares
    Share 7 Tweet 5
  • අප්‍රේල් මස අවසන් වනතෙක් SLT Data Unlimited ?

    17 shares
    Share 16 Tweet 1
  • හෙට සිට සැෂේ පැකට්, ප්ලාස්ටික් බීම බෝතල් සහ පොලිතින්වලට සිදුවන දේ

    8 shares
    Share 3 Tweet 2
  • TikTOk ඇතුලු චීන Apps තහනම් කිරීම පිළිබඳව ශ්‍රී ලංකාව අවධානයෙන් – TRCSL

    3 shares
    Share 1 Tweet 1
Muttiya.com - මුට්ටිය.කොම්

© 2020 Muttiya by Zoom Network.

Navigate Site

  • About
  • Advertise
  • Careers
  • Contact

Follow Us

No Result
View All Result
  • දේශීය පුවත්
  • තාක්ෂණය
  • විනෝදාත්මක
  • එදිනෙදා ජීවිතය

© 2020 Muttiya by Zoom Network.

Welcome Back!

Login to your account below

Forgotten Password?

Create New Account!

Fill the forms bellow to register

All fields are required. Log In

Retrieve your password

Please enter your username or email address to reset your password.

Log In