සෞඛ්‍ය අංශ දැනුවත් කිරීමකින් තොරව මාතර ප්‍රදේශයේ පැවති විවාහ මංගල උත්සවයකින් අනතුරුව සිදුකළ පී.සී.ආර්. පරික්ෂණයකදී මනාලයා ඇතුලු 33 දෙනෙකු කොරෝනා ආසාදිතයන් බවට හඳුනාගෙන තිබෙනවා.
ඒ හේතුවෙන් එම මංගල උත්සවයට එක්වූ 139 දෙනෙකු නිරෝධායනයට යොමු කිරීමටයි පියවර ගැනුනේ. අම්බලන්ගොඩ පී.එස්. කුලරත්න මධ්‍ය මහා විද්‍යාලයේ පහ ශ්‍රේණියේ ඉගෙනුම ලබන සිසුවෙකුටද කොරෝනා ආසාදිත බවට හඳුනාගැනීමත් සමඟ තවත් සිසුන් 15 දෙනෙකු නිරෝධායනයට යොමුකර තිබෙනවා. දරුවාගේ මවට ද කොරෝනා වැළඳී ඇති අතර, ඇයට සිදුකළ පී.සී.ආර්. පරීක්ෂණයේ වාර්තාව ලැබෙනතෙක් නොසිට දරුවා පාසලට එවා ඇති බවයි මේ වනවිට අනාවරණ වී ඇත්තේ.
මේ අතර පසුගිය වසරේ දෙසැම්බර් මාසයට සාපේක්ෂව ජනවාරි මාසයේදී කොළඹ නගරයෙන් කොරෝනා ආසාදිතයන් වාර්තාවීම සියයට 49 කින් අඩුවී ඇති බව කොළඹ මහ නගර සභාවේ ප්‍රධාන වෛද්‍ය නිලධාරී රුවන් විජයමුණි ප්‍රකාශ කළා. ඔහු කියා සිටියේ පසුගිය වසරේ මාර්තු මාසයේ සිට මේ දක්වා ආසාදිතයන් 14,538 දෙනෙකු කොළඹ නගරය තුළින් වාර්තාවී ඇති බවයි. මේ අතර බන්ධනාගාර රැඳවියන් බැලීම සඳහා අද සිට දැඩි සීමාවන්ට යටත්ව රැඳවියෙකුගේ සමීපතම ඥාතියෙකුට අවස්ථාව ලබාදීමට බන්ධනාගාර දෙපාර්තමේන්තුව තීරණය කර තිබෙනවා.
Discussion about this post