• දේශීය පුවත්
  • තාක්ෂණය
  • විනෝදාත්මක
  • එදිනෙදා ජීවිතය
Sunday, April 11, 2021
  • Login
No Result
View All Result
Muttiya.com - මුට්ටිය.කොම්
  • තාක්ෂණය
  • දේශීය පුවත්
  • විනෝදාත්මක
  • විදෙස් පුවත්
  • එදිනෙදා ජීවිතය
  • Contact Us
  • තාක්ෂණය
  • දේශීය පුවත්
  • විනෝදාත්මක
  • විදෙස් පුවත්
  • එදිනෙදා ජීවිතය
  • Contact Us
No Result
View All Result
Muttiya.com - මුට්ටිය.කොම්
No Result
View All Result
Home දේශීය පුවත්

තවත් ටොරන්ට් සයිට් එකක හිමිකරුවන් සහ පරිශීලකයනුත් බන්ධනාගාරයට

September 20, 2016
in දේශීය පුවත්
0

Sea Ocean Sand Beach Vacation Coast Chill Bare Concept

Share on FacebookShare on Twitter

ප්‍ර‍ංශයේ ප්‍ර‍ධානතම ටොරන්ට් වෙබ් අඩවියක් වූ OMGTorrent වෙබ් අඩවියේ හිමිකරුවන්, පාළකයන් මෙන්ම ටොරන්ට් ඩවුන්ලෝඩ් කරන ලද පරිශීලකයන් පිරිසක්ද එරට පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ. මාස ගණනාවක පොලිස් විමර්ෂණවලින් පසුව අත්අඩංගුවට ගෙන නීතිය ඉදිරියට ඉදිරිපත් කර තිබේ. දස දහසකට අධික චිත්‍ර‍පටි සංඛ්‍යාවක් අදාල වෙබ් අඩවියේ තිබූ බවත්, 2008 වසරේ සිට ක්‍රියාත්මක වූ මේ වෙබ් අඩවියට මසකට මිලියන 3.5කට අධික පරිශීලකයන් සංඛ්‍යාවක් පිවිසෙන බවත් පොලිසිය වැඩිදුරටත් මාධ්‍යයට ප්‍ර‍කාශ කර තිබෙනවා.  එමෙන්ම මෙය සම්පූර්ණයෙන්ම ලාභ ලබන ව්‍යාපෘතියක් වූ බවද ඔවුන් පවසා සිටිනවා.

මේක පිටිපස්සේ ඉන්න අය මේ කරන්නේ සමාජ සුභ සාධනයක්වත්, විනෝදය පිණිසවත් නෙවෙයි. ඔවුන් මේකෙන් අති විශාල ධනස්කන්ධයක් උපයනවා. ඔවුන් මේ චිත්‍ර‍පටි ලබාදෙන්නේ නොමිලේ වුනත්, විවිධාකාරයේ දැන්වීම් මඟින් ඔවුන් රිසි ලෙස මුදල් උපයාගන්නවා. පොලිස් ප්‍ර‍කාශකයෙකු එලෙස පැවසුවා.

සැකකරුවන්ගේ නිවාස පරික්ෂා කිරීමේදී ටෙරාබයිට් 3.5කට අධික අලුත්ම චිත්‍ර‍පටි රැසක්ද, පරිඝනක උපාංග මෙන්ම ප්‍ර‍ංශයෙන් එපිට තිබෙන තවත් එවැනිම දහස් ගණනක් චිත්‍ර‍පටි ඇති පරිඝනක ජාලයක්ද සොයාගැනීමට හැකියාව ලැබී තිබෙනවා. එවගේම ඔවුන් එතැනින් නොනැවතී වෙබ් අඩවියේ වැඩිම ඩවුන්ලෝඩ් ප්‍ර‍මාණයක් සිදුකරන ලද පරිශීලකයන් 4 දෙනෙකුද අත්අඩංගුවට ගෙන තිබෙනවා.

OMGTorrent වෙබ් අඩවියේ හිමිකරුවන 28 හැවිරිදි පුද්ගලයාට වසරක සිර දඬුවමක්ද,  අනවසරයෙන් චිත්‍ර‍පටි බෙදාහැරීමට යූරෝ මිලියන 5ක වන්දියක්ද, එනම් රුපියල් කෝටි 17කට ආසන්න මුදලක් ගෙවීමට සිදුව තිබෙනවා.  වෙබ් අඩවියේ තවත් පාලකයෙකු ලෙස කටයුතු කල 38 හැවිරිදි කාන්තාවකට මාස හතරක අත්හිටවූ සිරදඬුවමක්ද පැමිණිලිකරුවන්ට අලාභයද ගෙවීමට අණ කර තිබෙනවා. පෙර සඳහන් කල වැඩිම ඩවුන්ලෝඩ් ප්‍ර‍මාණයක් සිදුකල පුද්ගලයන් 4 දෙනාටද මසක කාලය බැගින් සිරදඬුවම්ද, අදාල චිත්‍ර‍පටි හිමිකරුවන් පවසන වන්දියද ගෙවීමට සිදුවෙනවා.

විමර්ෂණ සිදුකල කණ්ඩායමට අනුව මෙමඟින් සිදුවූ පාඩුව යූරෝ මිලියන 20 ඉක්මවනවා. හිමිකරුවන් නැතිවීමෙන් අනතුරුව OMGTorrent වෙබ් අඩවියේ හිමිකාරීත්වය හඳුනා නොගත් තුන්වැනි පාර්ශවයක් අතටගෙන තිබෙන අතර මේ වන විටත් වෙබ් අඩවිය පෙර ලෙසම වැඩ කරනවා.

 

What do you think?
Like
Love
Haha
Wow
Sad
Angry
Share Tweet
Tags: Francetorrent
Next Post

පෞද්ගලිකත්වයට මුල්තැන දෙන, කෘත්‍රීම බුද්ධියක් සහිත පණිවුඩ සේවය - Google Allo නිකුත්වෙයි

Discussion about this post

Connect with us

Recommended

“වේදිකාවට පැමිණි කැරොලින් ජයග්‍රාහිකාවගේ හිසෙන් කිරුළ ගලවයි” – ලෝකෙටම විහිලු සපයන ලංකාවේ Mrs. Sri Lanka..!

“වේදිකාවට පැමිණි කැරොලින් ජයග්‍රාහිකාවගේ හිසෙන් කිරුළ ගලවයි” – ලෝකෙටම විහිලු සපයන ලංකාවේ Mrs. Sri Lanka..!

6 days ago

Popular News

  • හෙට සිට සැෂේ පැකට්, ප්ලාස්ටික් බීම බෝතල් සහ පොලිතින්වලට සිදුවන දේ

    හෙට සිට සැෂේ පැකට්, ප්ලාස්ටික් බීම බෝතල් සහ පොලිතින්වලට සිදුවන දේ

    8 shares
    Share 3 Tweet 2
  • පියා නිසා 8 හැවිරිදි දැරියකට ජීවිතය අහිමි වෙයි

    17 shares
    Share 7 Tweet 4
  • සිංහල උපසිරැසි එක්ක චිත්‍ර‍පටි රූපවාහිනියෙන් නරඹන හොඳම, පහසුම ක්‍ර‍මය

    8 shares
    Share 3 Tweet 2
  • “වේදිකාවට පැමිණි කැරොලින් ජයග්‍රාහිකාවගේ හිසෙන් කිරුළ ගලවයි” – ලෝකෙටම විහිලු සපයන ලංකාවේ Mrs. Sri Lanka..!

    8 shares
    Share 3 Tweet 2
  • බිරිඳගේ අසභ්‍ය ඡායාරූපයක් නිසා කාර් රථයකින් දෙදෙනෙකු යට කර එක් අයෙකුව කපාකොටා මරයි

    71 shares
    Share 28 Tweet 18
Muttiya.com - මුට්ටිය.කොම්

© 2020 Muttiya by Zoom Network.

Navigate Site

  • About
  • Advertise
  • Careers
  • Contact

Follow Us

No Result
View All Result
  • දේශීය පුවත්
  • තාක්ෂණය
  • විනෝදාත්මක
  • එදිනෙදා ජීවිතය

© 2020 Muttiya by Zoom Network.

Welcome Back!

Login to your account below

Forgotten Password?

Create New Account!

Fill the forms bellow to register

All fields are required. Log In

Retrieve your password

Please enter your username or email address to reset your password.

Log In