බ්ලැක්බෙරි කිව්වම ඇපල් මෙන්ම බොහෝ දෙනෙක් කාලයක පටන් දන්නා නාමයක්. වරෙක ජංගම දුරකථන ලොවේ නම රැන්දූ බ්ලැක්බෙරි සමාගම මේ වන විට ඉතාමත්ම දරුණු කාලයක් ගෙවමින් යන්නෙ. ඇපල් සහ ඇන්ඩ්‍රොයිඩ් මෙහෙයුම් පද්ධතියට කරට කර සටනක් දෙන්නට මේ වසර කීපය තුළදීම බ්ලැක්බෙරි සමාගම නොයෙක් උත්සහ ගත්තා. කිසිදා නොකළ අවධානම් ගත්තා. නමුත් ඒ සියලුම උත්සහයන් ව්‍යවර්ථ වී තිබෙනවා.

ඒ සියල්ලටම පසු ඔවුන්ගේ අන්තිම තුරුම්පුව වන්නේ ඇන්ඩ්‍රොයිඩ් මෙහෙයුම් පද්ධතිය සහිත BlackBerry Priv දුරකථනයයි. ඔබ දන්නා පරිදි ආරක්ෂාව අතින් බ්ලැක්බෙරි සමාගම ඉහලම තැනක තිබෙනවා. බ්ලැක්බෙරි මෙහෙයුම් පද්ධතිය සලකන්නේ ආරක්ෂාව අතින් ඉහලින්ම තිබෙන මෙහෙයුම් පද්ධතිය ලෙසයි. ඉතින් ඔවුන් ඇන්ඩ්‍රොයිඩ් මෙහෙයුම් පද්ධතියෙ ගූගල් සමාගමටවත් තවම නිරාකරණය කරගැනීමට බැරිවූ අනාරක්ෂිත තැන් විසඳා ආරක්ෂාව අතින් ඉහලින්ම තිබෙන ඇන්ඩ්‍රොයිඩ් දුරකථනයක් ලෙසයි BlackBerry Priv හඳුන්වන්නේ.
බ්ලැක්බෙරි සමාගමේ ප්‍රධාන විධායක නිළධාරී ජෝන් චෙන් විශේෂ නිවේදනයක් නිකුත් කරමින් පවසා සිටියේ එම දුරකථනයෙන්ද ආදායම් මට්ටම නොලැබුනහොත් ජංගම දුරකථන නිෂ්පාදනය සම්පූර්ණයෙන්ම නවතා දමන බවයි. එමෙන්ම ඉන් පසු වසරකට හෝ දෙකකට පසු බ්ලැක්බෙරි නවතම සංස්කරණය වන 10 සඳහා පාරිභෝගික සහය ලබාදීමද නවත්වන බවය. එලෙස ජංගම දුරකථන නිෂ්පාදනය නැවැත්වුවද ඇන්ඩ්‍රොයිඩ් මෙහෙයුම් පද්ධතිය සඳහා ආරක්ෂණය අතින් සේවා සැපයීමට බලාපොරොත්තු වන බවද එම මහතා තවදුරටත් කියා සිටියා.
ජංගම දුරථන වෙළඳපලෙන් බ්ලැක්බෙරි දුරකථන තිබෙන්නේ දැනට 1%ක් පමණකි. ප්‍රධානතම අඩුපාඩුව වන බ්ලැක්බෙරි සඳහා මෘදුකාංග හිඟවීම ඇන්ඩ්‍රොයිඩ් මෙහෙයුම් පද්ධතියට මාරුවීමෙන් නිවැරදිවනවා. එ් පමණක් නොව. මේ වන විට අති විශාල මුදලක් එහි ආරක්ෂක පැතිකඩවල් වෙනුවෙන් වෙන් කර තිබෙනවා. සමාගම පවසන පරිදි ආදායමක් ලැබෙන්න නම් අඩුම තරමෙ එම දුරකථන මිලියන 5ක්වත් විකිණිය යුතුයි.
පසුගිය දා සෝනි සමාගමද මෙලෙසම නිවේදනයක් නිකුත් කරමින් කියා සිටියේ ආදායම පිළිබඳව සලකා බලන අවසන් වසර 2016 වන බවයි.

Discussion about this post