මුතු ඇටයක වටිනාකම ඔයාට හිතාගන්න පුලුවන්නේ. එච්චර පුංචි මුතු ඇටයක් එච්චරම වටිනවානම් හිතන්න කිලෝ 34ක මුතුවක් කොච්චර වටීවිද කියලා? පිලිපීනයේ ධීවරයෙකුට මේ අසාමාන්‍ය වාසනාව පෑදිලා. මේ මුතුව සොයාගෙන තියෙන්නේ මීට වසර දහයකට කලින්. ඔහු මේ වෙනකල් ඒක තමන්ගේ ඇඳ යට තබාගෙන ඉඳලා තියෙන්නේ එහි වටිනාකම නොදැන. ඒකෙන් ඔහුට වාසනාව ලැබෙනවා කියලා විශ්වාස කරපු නිසා තමයි තියාගෙන ඉඳලා තියෙන්නේ. දැන් ඔහු මේ ගැන හෙලිකලාට පස්සේ මෙහි ඇස්තිමේන්තුගත වටිනාකම ඇමරිකානු ඩොලර් මිලියන 100ක් පමණ වන බව අන්තර්ජාතික මාධ්‍යයන් වාර්ථා කරනවා.
අසාමාන්‍ය විදියට දැවැන්ත මුහුදු බෙල්ලෙකු තුළ තමයි මේ මුතුව නිර්මාණය වෙලා තියෙන්නේ. ඒ පුද්ගලයා මුහුදු ගිය වෙලාවක තමන්ගේ ධීවර යාත්‍රාවේ නැංගුරම මුහුදට දැමූ විට යමක පැටලී තිබෙනවා. ඉතින් ඔහු පීනලා ගිහින් ඒක ගලවලා තියෙනවා. ඒ සමගම මේකත් අරගෙන ඇවිත් තියෙනවා කියලා තමයි ඔහු කියලා තියෙන්නේ. තමන්ගේ නම් ගම් මාධ්‍යයට හෙලිකිරීමට ඔහු කැමතිවී නෑ. මේ වන විට පිලිපීනයේ සංචාරක නිළධාරීන් ළඟ තියෙන්නේ. ඔවුන් මෙහි වටිනාකම හරියටම තහවුරු වෙනකල් බලාගෙන ඉන්නවා.
දැනට ලොව ලොකුම මුතුව ලෙස වාර්ථා ලබන්නේද පිලිපීනයෙන්ම සොයාගත් කිලෝ 6.4ක් බර, ඇමරිකානු ඩොලර් මිලියන 35ක් වටින මුතුවක්.
Discussion about this post