රස්නේ වෙලාවට අපි සාමාන්‍යයෙන් අඳින්නේ කපු වලින් නිර්මාණය කරපු ඇඳුමක්. ලංකාව වගේ රස්නේ රටවල් වලට හරියන්නෙත් කපු ඇඳුම් ඒ නිසා. නමුත් ඊටත් වඩා ඇඟ සිසිල්ව තබන රෙදි වර්ගයක් මේ වන විටත් නිර්මාණය වී අවසන්.
Science සඟරාවේ අද පලකල ලිපියකට අනුව, පර්යේෂකයන් විසින් මේ අලුත් රෙදි වර්ගය ලොවට හඳුන්වාදී තිබෙනවා. මෙහි නම නැනෝපෝරස් පොලිඑතිලීන්නැ නැතිනම් නැනෝපීඊ ලෙස කෙටියෙන් හඳුන්වනවා. (nanoporous polyethylene). මේ රෙදි වර්ගය නිර්මාණය කර තිබෙන්නේ අසාමාන්‍ය අමුද්‍රව්‍යයක් භාවිතයෙන්. ඒ ප්ලාස්ටික් එතුම් මඟින්(plastic wrap). ඔයා ආහාර ද්‍රව්‍ය ආදිය සිසිල්ව තබාගන්න ප්ලාස්ටික් එතුම් ම තමයි!
විලාසිතා වලදී කෙසේ වෙතත්, ප්ලාස්ටික් එතුම් හරහා අධෝරක්ත කිරණ පහසුවෙන්ම ගමන් කරන්න ඉඩ දෙනවා. නමුත් මෙය කපු වැනි රෙදි වර්ග වලින් සිදුවෙන්නේ නෑ. මේ පර්යේෂණයේ ප්‍රධානී Yi Cui සහ කණ්ඩායම බැටරි වලදී යොදාගන්නා පොලිතීන්වල විනිවිද නොපෙනෙන ස්වරූපයක් සොයාගත්තා. පසුව ඔවුන් උත්සහ කලේ එය සිදුරු සහිත එකක් කිරීමට. එමඟින් සිරුරේ දාඩිය ඇඳුම හරහා පිටතට යැවීමට. සිරුරෙන් දාඩිය වාෂ්ප කිරීම රස්නේ අවස්ථාවක සිරුර සිසිල්ව තබාගැනීමට උපකාරී වන ප්‍රධානම ආකාරයක්.
ඔවුන් ලේයර් තුනක රෙදි වර්ගයක් අවසානයේ නිර්මාණය කලා. උඩ සහ යට පොලිඑතිලීන් ලේයර් දෙකක් සහ මැද සිදුරු සහිත කපු රෙදි වර්ගයක් මේ ව්‍යුහයට ඇතුලත්. අවසානයේ නිර්මාණය කල මේ රෙදි වර්ගය ඔවුන් කපු රෙදි සමඟ සසඳා බැලුවා. නැනෝපීඊ රෙදි වර්ගය තිබූ කෘත්‍රීම සමේ උෂ්ණත්වය ෆැරන්හයිඩ් අංශක 1.4කින් වැඩිවුණත්, කපු රෙදි තිබූ සමේ උෂ්ණත්වය අංශක 6කින් ඉහල ගියා.
උෂ්ණත්වය නම් ගොඩක් අඩුයි තමයි. නමුත් සේරටම කලින් ඔවුන්ට නැනෝපීඊ රෙද්ද මේ විදියට පෙනෙන එක වෙනස්කරගන්න නම් සිදුවේවි…
Discussion about this post