කෙටි කලකින් ලොව පුරා මිලියන 55කට අධික පිරිසකගේ ඇපල් සහ ඇන්ඩ්‍රොයිඩ් ජංගම දුරකථනවල ස්ථාපනය වුන ඇප් එකක් තමයි ප්‍රිස්මා කියන්නේ. සාමාන්‍ය ඡායාරූප ඉතාම කලාත්මක ඡායාරූප බවට මේ ඇප් එක මගින් නිර්මාණය කිරීමේ හැකියාව තියෙනවා. නමුත් මේ වෙනතෙක් මෙය සිදුකිරීමට අන්තර්ජාලය අවශ්‍ය වුනා. මොකද ප්‍රිස්මා ඇප් එක ඔවුන්ගේ ජාලයන් වෙත යවා, ජාලයන් තුළ ඇති සුවිශේෂි පරිඝනක වලින් ඒ ඡායාරූපය පිරික්සා එය අඳුරගෙන කලාත්මක ඡායාරූපයක් කිරීමට අවශ්‍ය දත්ත නැවත දුරකථනය වෙත එවනු ලැබුවා. මෙයට ටික වෙලාවක් ගතවුනා වගේම පෙර කිව්වා වගේම අන්තර්ජාලයත් අවශ්‍ය වනවා.
නමුත් දැන් ප්‍රිස්මා මෘදුකාංගයේ “ඕෆ්ලයින් මූඩ්” එකක් තිබෙනවා. ඔබට අවශ්‍ය ඡායාරූප ක්ෂණිකවම වගේ අන්තර්ජාලය නොමැතිවම සකස්කරගන්නට පුලුවන්. දැනට ඔවුන් මෙලෙස අන්තර්ජාලය නොමැතිව සකස්කරගත හැකි විවිධ පෙරහන්(filters) 16ක් ආරම්භයක් ලෙස ලබාදී තිබෙනවා. මෙමඟින් ප්‍රිස්මා සර්වර් වෙත එක දිනකට ලැබෙන ඡායාරූප ඉල්ලීම් මිලියන ගණනාවක්ම අඩුවනු ඇති බව සමාගම පවසනවා.
හැබැයි ප්‍රිස්මා ඇප් එකත් මුලින්ම ලැබුනේ ඇපල් පාරිභෝගිකයන්ට වගේම මේ ඔෆ්ලයින් මූඩ් එකත් මුලින්ම ලැබෙන්නේ ඇපල් දුරකථන හිමියන්ට තමයි. සමාගමේ ප්‍රධානී Alexey Moiseenkov සඳහන් කරන්නේ ඉදිරි සති කීපය ඇතුලත ඇන්ඩ්‍රොයිඩ් දුරකථන වලටත් මෙය ලබාදෙන්න ඔවුන් සූදානම් බවයි. එමෙන්ම ඔහු ඉඟි පල කර තිබෙනවා ප්‍රිස්මා වීඩියෝ “බොහොම ඉක්මනින්” දුරකථන වල දකින්න පුලුවන් වේවි කියලත්.
Discussion about this post