ඇමරිකාව ගේන්න යන අලුත් නීති නිසා නිල් චිත්‍ර‍පටි නැතිවෙන ලකුණු?

කැලිෆෝනියාවේ සැන් ෆර්නෑන්ඩෝ නිම්නය තමයි කාමෝපද්දන වීඩියෝ(පෝන්/porn) වල අගනගරය ලෙස සැලකෙන්නේ. අන්තර්ජාලයේ දැනට ඇති ඇමරිකාවේ පටිගත කරන ලද වීඩියෝ සහ චිත්‍ර‍පටි වලින් වැඩිම ප්‍ර‍මාණයක් නිර්මාණය වන්නේ මෙහිදීයි. එලැඹෙන නොවැම්බරයේ Prop 60 නැමැති ඡන්ද විමසීමක් පැවැත්වීමට නියමිතයි. ඒඩ්ස් සෞඛ්‍ය පදනමේ අනුග්‍ර‍හය ඇතුව රජය විසින් සිදුකරන මේ ඡන්ද විමසීමේදී ඔවුන් බලාපොරොත්තුවන්නේ කාමෝපද්දන වීඩියෝ කර්මාන්තයට නීති කීපයක් ගෙන ඒමටයි.

condomsඅලුතෙන් ගෙන ඒමට නියමිත නීති වලින් ප්‍ර‍ධානම එකක් වන්නේ නිල් චිත්‍ර‍පටිවල රඟපාන නළුවන් කොන්ඩම් පැළඳීම අනිවාර්ය කිරීමයි. දැනට තිබෙන නිල් චිත්‍ර‍පටි බොහෝමයක් කොන්ඩම් රහිතව දසුන්ගත කරන ඒවායි. එයට හේතුව වන්නේ වැඩිම ඉල්ලීම තිබෙන්නේ ඒවාට වීමයි. සමාගම කොන්ඩම් ගැන චිත්‍ර‍පටයේ හෝ වීඩියෝවේ සඳහන් කිරීමද, ඒ සඳහා බලපත්‍ර‍යක් ලබාගැනීමටද සිදුවනවා. දෙවැනි නීතිය වන්නේ නිෂ්පාදන සමාගම් විසින් රඟපාන නළු නිළියන්ගේ රැකියාව සම්බන්ධව සෞඛ්‍ය සඳහා යන වියදම්, එනම් ලිංගාශ්‍රිත රෝග පරික්ෂණ, එන්නත් සහ සෞඛ්‍ය පරීක්ෂණ සඳහා යන වියදම් දැරිය යුතුයි යන්නයි.

Prop 60 සඳහා පක්ෂ අය පවසන්නේ මෙය රඟපාන අයගේ අභිවෘද්ධිය උදෙසා සිදුකරන බවයි. නමුත් මේ වන විටත් නිල් චිත්‍ර‍පට කර්මාන්තයේ සියලුම දෙනා පාහේ #NoProp60 නැමැති ව්‍යාපාරයක් අන්තර්ජාලය පුරාම ගෙනයනවා. ඔවුන් පවසන පරිදි මෙය සුභසාදනය කෙසේ වෙතත් දැවැන්ත බලපෑමක් එල්ල කරන බවයි.

 

nopro60

Pro60 ට එරෙහිව නිල් තරු ගෙනයන ව්‍යාපාරය

Prop 60 පනතේ 6720.6 වගන්තිය අනුව ඉහත නීතීන් උල්ලංඝනය වන බව දකින ඕනෑම කැල්ෆෝනියා වැසියෙකුට ඕනෑම අවස්ථාවක වෘත්තීය ආරක්ෂාව සහ සෞඛ්‍ය පිළිබඳ කැලිෆෝනියාවේ අංශය වෙත පැමිණිලි කල හැකියි. දින 21ක් ඇතුලත ඒ පැමිණිල්ලට ප්‍ර‍තිචාර නොලැබුනහොත් ඒ පුද්ගලයාට අදාල සමාගමට එරෙහිව නඩු පැවරීමටද හැකියි.

1992 පටන් කොන්ඩම් නීතිය නිල් චිත්‍ර‍පටි කර්මාන්තයට අදාලව කැලිෆෝනියාවේ තිබුනත් එය බරපතල ලෙස ගැනුනේ නෑ. නමුත් 2012දි ලොස් ඇන්ජලීස් ප්‍රාන්තය මෙෂර් බී(Measure B) නැමැති නීතියක් ගෙන ආවා. මෙහිදීත් සිදුවුනේ කොන්ඩම් භාවිතය අනිවාර්ය කිරීමයි. එයින් බොහෝ දේ වෙනස්වුනා. මෙෂර් බී මඟින් කර්මාන්තයට දැඩි බලපෑමක් එල්ලවුනා. එනිසා බොහෝමයක් නිල් චිත්‍ර‍පටි නිෂ්පාදන ආයතන තම නළු නිළියන් සමඟ වෙනත් ප්‍රාන්තයන් වෙත ගමන් කරනු ලැබුවා.

2012 සහ 2013 වසර දෙක තුලදී පමණක් නිල් චිත්‍ර‍පටි කර්මාන්තයේ තිබූ සමාගම් බලපත්‍ර‍ගණන 500 සිට 24 දක්වා අඩුවී තිබෙනවා. Prop 60 පනතද වැඩි ඡන්දයෙන් සම්මතවීමට බොහෝමයක් ඉඩ තිබෙන බවයි විචාරයකයන් පවසන්නේ. එහෙම වුනොත් ඇතැම්විට මේ තිබෙන සමාගම් ගණනත් අඩුවන්නට පුලුවන්. දිගටම කර්මාන්තයේ රැඳී සිටින පුද්ගලයන් සහ සමාගම් වලට ඇමරිකාවේ වෙනත් ප්‍රාන්තයක තම කටයුතු සිදුකරගැනීමට වනවා.

One Reply to “ඇමරිකාව ගේන්න යන අලුත් නීති නිසා නිල් චිත්‍ර‍පටි නැතිවෙන ලකුණු?”

Leave a Reply

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

%d bloggers like this: