අලුත් තාලයේ වීඩියෝ කෝල් එකකට Google Duo

වීඩියෝ කෝල් එකක් කිව්වම මතක් වෙන්නේ ගොඩක් දෙනෙක්ට එච්චර සුන්දර මතකයන් නෙවෙයි. බොහෝ වෙලාවට වීඩියෝ කෝල් එකක දෙන්නාගෙන් එක්කෙනෙක් හෝ දෙන්නාම හරි කියන්නේ “මාව පේනවද” “දැන් හරිද” “කෝ පේන්නේ නෑනේ” වගේ වදන් තමයි වැඩිපුරම. ඉතින් වීඩියෝ කෝල් වලට විවිධ වර්ගයේ ඇප්ලිකේෂන් ජංගම දුරකථන වලට වගේම පරීඝනකයටත් තිබුනට ඒවා පාවිච්චි කරන කෙනාට ටිකක් අපහසුයි. දන්නේ නැති කෙනෙක්ට ඒක ඉගෙන ගන්න ටික වෙලාවක් යනවා. සමහරවිට දවසක් දෙකක් විතර. මේ සියලුම ප්‍ර‍ශ්න වලට විසඳුම ගූගල් සමාගමෙන් අරගෙන ඇවිත් තියෙනවා. ඒ ගූගල් ඩුවෝ ඇප් එකයි.

Google Duo Application Interface. Photo Credit : Google

Google Duo Application Interface.
Photo Credit : Google

මේ වසරේ තිබුන Google I/O හිදී තමයි ප්‍ර‍ථම වතාවට මේ ගැන කිව්වේ. නමුත් ඇප්ලිකේෂනය නිකුත් කලේ මීට දින කීපයකට කලින්. මේ ඇප් එකේ විශේෂත්වය වන්නේ මේකෙ තියෙන සරළබව. ඕනම කෙනෙක්ට තප්පර කීපයකින් තවත් කෙනෙකුට වීඩියෝ කෝල් එකක් ගන්න පුලුවන් මේකෙන්. ඒවගේම අනිත් ඇප්ලිකේෂන් වල වගේ කරදරකාරී මෙනු ආදිය කිසිවක් නෑ. එමෙන්ම සරළ රෙජිස්ටර් වීමක් මඟින් මෙයට සම්බන්ධවෙන්නත් පුලුවන්. ඒ සඳහා ඊමේල් පාස්වර්ඩ් මුකුත් අවශ්‍යවෙන්නේ නෑ. දුරකථන අංකය පමණයි මේ සඳහා අවශ්‍ය වන්නේ.

ගූගල් ඩුවෝ ඇප්ලිකේෂණයේ රෙජිස්ටර් වීම

ගූගල් ඩුවෝ ඇප්ලිකේෂණයේ රෙජිස්ටර් වීම

මේ ඇප්ලිකේෂණය ඇන්ඩ්‍රොයිඩ් සහ අයිඕඑස් දුරකථන දෙකටම නිකුත්කරලා තියෙනවා. ගූගල් ප්ලේ ස්ටෝ එකට ගිහින් හෝ ඇපල් ස්ටෝ එකට ගිහිල්ලා Google Duo කියලා සර්ච් කලාම ඔයාට මේක ගන්න පුලුවන්කම තියෙනවා. මේ ඇප්ලිකේෂණයේ තවත් විශේෂත්වයක් වන්නේ හදිසියේවත් ඔයා වයිෆයි වල කනෙක්ට් වෙලා ඉඳලා වයිෆයි නැතිතැනකට ඇවිදගෙන ගියොත් එහෙම ස්වයංක්‍රීයව ඇප් එක මගින් මොබයිල් ඩේටා වලට මාරු වෙනවා. කෝල් එක කට් වෙන්නේ නැතුව. ඒ විතරක් නෙවෙයි. කනෙක්ෂන් එක ස්ලෝ නම් වීඩියෝ එකේ රිසොලූෂන්(Resolution) අඩු කරලා කෝල් එක දිගටම පවත්වාගෙන යන්නත් කටයුතු කරනවා.

Knock Knock විශේෂාංගය Image Credit : Google

Knock Knock විශේෂාංගය Image Credit : Google

ඔයාට කෝල් එකක් එද්දි, එහා පැත්තේ කෙනාගේ වීඩියෝ එක තිරයේ පෙන්වනවා. Knock Knock(දොරට තට්ටු කරන ශබ්දය) කියලා තමයි මේ විශේෂාංගයට නම දාලා තියෙන්නේ. එතකොට ඔයාට ඒ කෝල් එක ගන්නවද නැද්ද කියලා තීරණය කරන්නත් පුලුවන්. මේ සඳහා නම් දෙන්නාම මේ විශේෂාංගය ඇප් එකෙන් ක්‍රියාත්මක කරලා තියෙන්න ඕන.

කිසිම ඊමේල් එකක්වත්, අඩුම තරමේ ගූගල් එකවුන්ට් එකක්වත් නැතුව මේ කෝල් ගන්න අලුත් පන්නයේ සේවාව ගැන නම් ගොඩක් අය ප්‍ර‍සාදය පළකරලා තියෙනවා. ඉදිරියේදී සේවාව තව පුලුල් කරලා අලුත් විශේෂාංගත් එකතු කරාවි කියලා හිතන්න පුලුවන් අපිට.

 

One Reply to “අලුත් තාලයේ වීඩියෝ කෝල් එකකට Google Duo”

Leave a Reply

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

%d bloggers like this: