කොළඹ නගර සීමාවේ ප්‍රදේශ කිහිපයක් අද අළුයම 5 සිට හුදකලා බවින් නිදහස් කර තිබෙනවා.
ඒ අනුව ග්‍රෑන්ඞ්පාස්, මාලිගාවත්ත සහ දෙමටගොඩ යන පොලිස් බල ප්‍රදේශ මෙලෙස හුදකලා තත්වයෙන් ඉවත් කිරීමටයි පියවර ගෙන ඇත්තේ.
මේ අතර ගම්පහ දිස්ත්‍රික්කයේ ප්‍රදේශ කිහිපයක්ද අද අළුයම 5 සිට හුදකලා බවින් ඉවත්කර තිබෙනවා.
වත්තල පොලිස් වසමේ වැලිකඩමුල්ල ග්‍රාම නිළධාරි වසමේ දූවවත්ත සහ කිරිබත්ගොඩ පොලිස් වසමේ හුණුපිටිය උතුරු ග්‍රාම නිළධාරි වසමේ වෙඩිකන්ද ප්‍රදේශය මෙලෙස හුදකලා බවින් ඉවත් කිරීමටයි පියවර ගෙන ඇත්තේ.
තවද මීගමුව තල්දූව ග්‍රාම නිළධාරි වසමේ එන් සී නිවාස යෝජනා ක්‍රමයද හුදකලා බවින් ඉවත් කර ඇති බව කොවිඞ් 19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානය සඳහන් කලා.
හුදකලා කර ඇති අනෙකුත් ප්‍රදේශයන් නැවත දැනුම්දෙන තුරු තවදුරටත් එම තත්වයෙන පවත්වාගෙන යන බව සදහන්
මේ අතර බොරැල්ල පොලිස් වසමේ ප්‍රදේශ කිහිපයක් හුදකලා කිරීමට පියවර ගෙන තිබෙනවා.
ඒ අනුව ගෝතමීපුර 24 වත්ත, 78 වත්ත සහ ගෝතමීපුර මහල් නිවාස මෙලෙස හුදකලා කර ඇති බවයි කොවිඞ් 19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානය සදහන් කළේ
Discussion about this post