Xiaomi ලංකාවට නිළ වශයෙන් හඳුන්වාදීම 29 වැනිදා!

මෙතෙක් කලක් විවිධාකාර ක්‍රම වලින් Xiaomi ෆෝන් සහ උපකරණ ගෙන්වාගත් සහ මිළදී ගත් අයට සුභ ආරංචියක් Manu Kumar Jain විසින් තම නිළ ෆේස්බුක් සහ ට්විටර් ගිණුමේ සඳහන් කර තිබුනා. ඒ, ෂයෝමි සමාගම නිළ වශයෙන් 29 වැනිදා සිට ලංකාවේ සිය මෙහෙයුම් ආරම්භ කරන බවයි.

ඔහු සඳහන් කරන පරිදි සහ ලියුමේ තිබෙන පරිදි, සමාගමේ හොඳම ජංගම දුරකථන කීපයක්ම එකවර ලංකාවේ නිළ වශයෙන් හඳුන්වාදෙනු ඇත. එවගේම ජංගම දුරකථන හැර power banks, Mi signing pen, headphone, ඇතුලු Mi Ecosystem එකට අදාල නිෂ්පාදන කීපයක්ද ඔවුන් එදිනට හදුන්වාදෙනු ඇත.

අනෙක් රටවල වගේම Mi වෙබ් අඩවිය හරහා පාරිභෝගිකයන්ට නිෂ්පාදන කෙලින්ම මිළදීගැනීමට හැකියාව ලැබෙනු ඇති.

බොහෝ දුරට Mi 8 දුරකථන මාලාවේ එකක් හෝ Poco f1 දුරකථනය හඳුන්වාදීමට වැඩි ඉඩක් තිබෙනවා. එවගේම Redmi Note 6 එක හෝ වෙනත් budget දුරකථනයක්ද හඳුන්වාදෙනු ඇති.

Leave a Reply

%d bloggers like this: