Android දුරකථන භාවිතා කරන ගොඩක් අය භාවිතා කරන වෙබ් බ්‍රව්සර් එක මොකක්ද කියලා ඇහුවොත් කියන්නේ Chrome, එහෙමත් නැතිනම් Fireox හෝ UC Browser. අපි Playstore එකට ගියොත් වෙබ් බ්‍රව්සර් විශාල ප්‍රමාණයක් තියෙනවා තෝර ගන්න පුලුවන්. මෙන්න මේ ගොඩට තවත් අලුත් වෙබ් බ්‍රව්සර් එකක් ඇවිත් තියෙනවා. මේක නිර්මාණය කරලා තියෙන්නේ අපි කවුරුත් දන්න Xiaomi දුරකථන අලෙවි ආයතනය. ලංකාවේ මේ දවස් වල සීඝයෙන් ජනප්‍රිය වෙමින් පවතින දුරකථන මාදිලියක් තමයි Xiaomi කියන්නේ.

මේ වෙබ් බ්‍රව්සර් එකේ නම තමයි Mint Browser කියන්නේ. මේකේ package size එක ගත්තොත් මෙගාබයිට් 10කටත් වඩා අඩු ගණනක් තමයි තියෙන්නේ. Xiaomi ආයතනය කියන විදිහට මෙයාලාට ඕන වෙලා තියෙන්නේ ප්‍රමාණයෙන් අඩු, පරිශිලකයාගේ data භාවිතය අවම කරන වෙබ් බ්‍රව්සරයක් නිර්මාණය කිරීමයි.

මේ වෙබ් බ්‍රව්සරය ගැන කතා කලොත් අනෙක් වෙබ් බ්‍රව්සර් වල වගේම අඩංගු මූලික අංග මෙහිත් අඩංගු වෙනවා. උදාහරණයකට ගත්තොත් tabbed browsing, incognito mode, voice search වගේ දේවල්.

  

මෙගාබයිට් 10කට වඩා අඩු වන ලෙස මෙවැනි අංග එකතු කරලා Mint Browser එක නිර්මාණයක කරලා තියෙන එක ඇත්තට පුදුමයි. වෙබ් අඩවියක් ලෝඩ් වීමට යන කාලය අනෙක් වෙබ් බ්‍රව්සර් එක්ක සසදද්දි ඉදිරියෙන් ඉන්නවා කියලා කියන්න පුලුවන්. ඒ වගේම වෙබ් පිටු අතර මාරු වීම ඉතා ඉක්මණින් කරගන්න පුලුවන්. ඔයාලටත් Mint Browser එක Google Playstore එකෙන් නොමිලේ ලබා ගන්න පුලුවන්.

Leave a Reply

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

%d bloggers like this: