Xiaomi ලංකාවට හදුන්වාදෙයි – රු.17,999 සිට මිළ ගණන්

ලංකාවේ බොහෝ දෙනෙක් බලාසිටි අවස්තාවක් නොවැම්බර් 29 වැනිදා උදාවුනා. ඒ, ශයෝමි සමාගම නිළ වශයෙන් තම මෙහෙයුම් ලංකාවේ ආරම්භ කිරීම. ලෝකයේ 4 වැනි විශාලතම ජංගම දුරකථන නිශ්පාදකයා වගේම ඉන්දියාව ඇතුලු රටවල් ගණනාවක අංක 1 දුරකතන පෙල ලෙසද ශයෝමි සමාගම ජනප්‍රියයි.

ඉතා ඉහල උපාංග සහ චිප්සෙට් භාවිතා කරමින් දුරකතන නිපදවන නිසා සහ ඉතාම සාධාරණ මිළකට විකිණීම මෙලෙස ජනප්‍රියවීමට ප්‍රධානම හේතුවයි. මීයූඅයි මෙහෙයුම් පද්ධතිය ඔවුන්ගේ සියලුම දුරකතනවල තිබෙන අතර, ඔවුන් සෑම මෙහෙයුම් පද්ධති යාවත්කාලීනයක්ම ඒ දුරකතනවලින් වැඩි කොටසකට ලබාදීම නිසාද බොහෝදෙනෙක්ගේ පැසසුමට ලක්වී තිබෙනවා.

Redmi ntoe 6 pro

Redmi

budget සහ midrange දුරකථන මාලාවක් වන රෙඩ්මි දුරකථන 4ක් ඔවුන් ලංකාවට හඳුන්වාදුන්නා. රෙඩ්මි 6, රෙඩ්මි 6ඒ, රෙඩ්මි එස්2, රෙඩ්මි නෝට් 6 ප්‍රෝ.
Redmi 6a දුරකථනය රු.17,999ක් වන අතර එහි රැම් මතකය ගිගාබයිට් 2ක් සහ අභ්‍යන්තර මතකය ගිගාබයිට් 16ක්. පිටුපස කැමරාව මෙගාපික්සල් 13ක්. ඩිස්ප්ලේ එක අඟල් 5.45ක HD එකක්. බැටරිය මිලිඇම්ප්අවර් 3,000ක්.

Redmi Note 6 Pro දුරකථනය මෙයින් විශේෂයි, මොකද රු.35,999කට මෙහි තිබෙන කැමරාව, performance වෙන කිසිම ඒ මිළ ගණන් වල තිබෙන දුරකථනයක නෑ. ඔවුන් මෙහිදී nova 3i දුරකථනය හා සසඳා කැමරාව පෙන්නුවා. 4000mAh බැටරිය, Snapdragon™ 636 චිප්සෙට් එක, 12 + 5MP පිටුපස කැමරා දෙක සහ 20MP + 2MP ඉදිරිපස සෙල්ෆි කැමරා යනාදිය, මේ වගේ මිළකට හිතාගැනීමටවත් නොහැකි තරම්.

Mi Series

ඔවුන්ගේ වැදගත්ම සීරීස් එක වන ”මී” සීරීස් එකෙන් ඔවුන් දුරකථන දෙකක් ලංකාවට හඳුන්වාදී තිබෙනවා. ඒ, Mi A2 සහ A2 Lite. A සීරිස් එකේ ඔවුන් Android යොදා තිබෙනවා මෙහෙයුම් පද්ධතිය ලෙසට. Android One යටතේ බිහිවෙන මේ දුරකථන බොහෝ දෙනා අතරේ ජනප්‍රියයි.

 

 

Pocophone

මෑතකදී හඳුන්වාදුන් පොකෝෆෝන් එක ඔබට මතක ඇති? ඒකත් ලංකාවට ඔවුන් ලබාදීලා තිබෙනවා. Master of speed ලෙස හඳුන්වන මෙම දුරකථනයේ තිබෙන ස්නැප්ඩ්‍රැගන් 845 චිප්සෙට් එක තිබෙන්නේ ගැලැක්සි එස්9, වන්ප්ලස් 6ටී වැනි රුපියල් ලක්ෂයකටත් එහා මිළ ගණන් තිබෙන දුරකථනවල. එවගේම සාමාන්‍ය කැමරාවකින් face unlock කරනවාට වඩා ගොඩක් ආරක්ෂිත, ඕනෑම අඳුරකදී වුවද දුරකථනය unlock වෙන IR Face unlock තාක්ෂණයද මෙහි තිබෙනවා. 12MP + 5MP AI dual camera පිටුපස තිබෙන අතර ඉදිරිපස මෙගාපික්සල් 20ක්.

LiquidCool තාක්ෂණය නිසා එක දිගට පැය ගණනක් performance අඩු නොවී high graphic ගේම්ස් ගහන්නත් පුලුවන්. 4000mAhක Quick Charge™ 3.0 තිබෙන බැටරිය නිසා දවස් දෙකක් ලේසියෙන්ම ෆෝන් එක පාවිච්චි කරන්න පුලුවන්.

මෙහි මිළ විදියට ඔවුන් රුපියල් 59,999ක් යොදා තිබෙනවා.

 

Leave a Reply

%d bloggers like this: