Selfie සඳහාම නිපදවූ Y1 ස්මාට්ෆෝනය Xiaomi වෙතින්

ඉන්දියාවේ තිබූ විශේෂ උත්සවයකදී Xiaomi සමාගමේ අලුත්ම දුරකථන පෙලේ ආරම්භය සිදුවුනා. ඒ Y නමින්. Y නමින් ඔවුන් හඳුන්වන්නේ Youth හෙවත් තාරුණ්‍යයයි.

ඔවුන් මෙලෙස අන්තර්ජාතික වෙළඳපලට නැවත හඳුන්වාදුන්නේ චීනයේදී මීට මාස කීපයකට පෙර චීනයට හඳුන්වාදුන් Redmi Note 5A Prime සහ Redmi Note 5A දුරකථන දෙකයි.

ඔවුන් මෙහි ප්‍ර‍චාරණ කටයුතු සඳහා කත්‍රිනා කායිෆ් අරගෙන තිබෙනවා. ෂයෝමි සමාගමේ ප්‍ර‍චාරණය සඳහා නිළියක් යොදාගන්නා මුල් අවස්ථාව මෙයයි.

Xiaomi Redmi Y1

අඟල් 5.5ක FULL HD තිරයක්, ස්නැප්ඩ්‍රැගන් 435 ප්‍රොසෙසරයක් මෙහි තිබෙනවා. ගිගාබයිට් 3ක රැම් මතකයක් සහිත සංස්කරණයේ ගිගාබයිට් 32 අභ්‍යන්තර මතකයක්ද, ගිගාබයිට් 4 රැම් මතක සංස්කරණයේදී ගිගාබයිට් 64ක අභ්‍යන්තර මතකයක්ද තිබෙනවා. එමෙන්ම සිම් කාඩ් දෙකට අමතරව තවත් මෙමරි කාඩ් පතක් ඇතුලත් කිරීමටද මෙහි හැකියාව තිබෙනවා. ෆින්ගර්ප්‍රින්ට් සෙන්සර් එක පිටුපස අනෙක් රෙඩ්මි දුරකථන වල මෙන්ම තිබෙනවා.

කැපී පෙනෙනම අංගය වන ඉදිරිපස කැමරාව මෙගාපික්සල් 16ක f/2.0 ඇපචර් එකක් සහිත අංශක 76ක wide angle එකක්. එමෙන්ම රාත්‍රී සෙල්ෆී ගැනීමට ෆ්ලෑෂරයක්ද තිබෙනවා. පිටුපස කැමරාව මෙගාපික්සල් 13ක්.

ගිගාබයිට් 32 සංස්කරණය ලංකාවේ රුපියල් 22,000කට ආසන්නවද, ගිගාබයිට් 64 සංස්කරණය රුපියල් 27,000කට ආසන්න මුදලකටද ඉන්දියාවේදී නිකුත්කිරීමට නියමිතයි.

Xiaomi Redmi Y1 Lite

ප්‍රොසෙසරය මෙහි ස්නැප්ඩ්‍රැගන් 425 එලෙසම පවතිනවා. ඩිස්ප්ලේ එක අඟල් 5.5 වුනත් 720p දක්වා අඩුකර තිබෙනවා. එවගේම රැම් මතකයද ගිගාබයිට් 2ක්.

මෙහි සෙල්ෆී කැමරාව මෙගාපික්සල් 5යි. පිටුපස කැමරාව අනෙක් දුරකථනයේ මෙන්ම මෙගාපික්සල් 13ක්. ෆින්ගර්ප්‍රින්ට් සෙන්සර් එක මෙහිදී ඔයාට ලැබෙන්නේ නම් නෑ.

මෙහි මිළ ලංකාවේ රුපියල් 17,000කට ආසන්නවයි ඉන්දියාවේ විකුණන්නට තිබෙන්නේ.

Leave a Reply