වැඩ ගොඩක් එක්ක එන බුද්ධිමත් හැඩකාරයා – Xiaomi Amazfit Pace

Amazfit Pace

$99.00
Amazfit Pace
9

Battery

9.0 /10

Display

8.5 /10

Design

9.5 /10

Pros

  • Beautiful Design
  • Sunlight Visibility
  • Great battery

Cons

  • Limited watch faces
  • Software can be improved

අපි මීට සති කිපයකට පෙර අැමේස්ෆිට් පේස් ස්මාට්වොච් එක ගැන වීඩියෝ එක කලා. එ්ක බැලුවේ නැත්නම් මෙතනින් එ්ක බලන්න. පහල තියෙන්නෙත් එ් විඩියෝ එක. ඉතින් අද සූදානම් වන්නේ විඩියෝ එක කිව්වා වගේම සම්පූර්ණ රිවීව් එකට.

මුලින්ම මෙම ස්මාට්වොච් එක නිර්මාණය කරපු Huami සමාගම ගැන කතා කරනවනම්, චීනයේ අැපල් සමාගම ලෙස ප්‍රසිද්ධ Xiaomi සමාගම යටතේ තමයි Huami අායතනය තිබෙන්නේ. ලෝකයේ දැනට දෙවැනි විශාලතම wearables නිර්මාපකයා තමයි අැමේස්ෆිට් කියන්නේ. අැමරිකාව අැතුලු රටවල් සිය ගණනක ඔවුන්ගේ නිෂ්පාදන විකිනීමට තිබෙනවා. Mi Band නිර්මාණය කරන්නේද මේ සමාගම විසිනුයි.

 

Design & Display

ක්‍රීඩාව සහ එදිනෙදා වැඩ කරන ජීවිතයේදි පාවිච්චියට ගැලපෙනම පරිදි මෙහි පෙනුම නිර්මාණය කර තිබෙනවා. සෙරමික් මුහුණත වෙනත් ඔරලෝසු සමඟ මෙය කැපී පෙනෙන්නට ප්‍රධාන හේතුවක්. එමෙන්ම සිරීම් වැටීම් වලටත් එය නිසාම හොඳින් ඔරොත්තු දෙනවා. එහි තිබෙන අඳුරු කලු පැහැය, අව්වට ලැබෙන දිස්නය, වෙනත් කිසිදු ඔරලෝසුවක දක්නට ලැබෙන්නේ නෑ.

ඔරලෝසුවේ දකුණු පස උඩ පොඩි බොත්තමක් තිබෙනවා. එය ඔරලෝසුවේ යටි පැත්තට වෙන්න පිහිටා තිබෙන්නේ. මෙය ඔබන එක නම් ටිකක් ගැටලු සහගතයි. මොකද ඔරලෝසුවේ යට පැත්තේ තිබෙන නිසා එක ක්ෂණිකව එය ඔබන්න බෑ. මේ බොත්තම තිබෙන්නේ ඩිස්ප්ලේ එකේ ටච් ස්ක්‍රීන් එක ඔන් කරන්න. නමුත් පසුගිය OS Update එකකින් Double Tap to wake විශේෂාංගය ලැබුනා. එබැවින් මෙම බොත්තම එච්චර අවශ්‍ය වන්නේ නෑ. නමුත් ඩබල් ටැප් කලාට අැතැම් වෙලාවට ටච් එක ඔන් වෙන්නේ නෑ. සමහරවිට ඉදිරි අප්ඩේට් එකකින් මෙම ගැටලුව නිරාකරණය කරාවි.

Amazfit Pace updating the OS

මෙයට ලැබෙන 22mm පටි දෙක වෙනුවට ඔයාට කැමති විදියේ පටි දෙකක් පාවිච්චි කරන්න පුලුවන්. හරිම පහසුවෙන් ගලවා ඉවත් කරන්න පුලුවන් වෙන්න එය ඩිසයින් කර තිබෙනවා. ඔනෑතරම් විවිධ පෙනුම තිබෙන පටි Gearbest අඩවියෙන් මිළදීගන්න පුලුවන් ඔයාට.

ඩිස්ප්ලේ එක ගැන කතා කරන්න අවශ්‍යමයි. අඟල් 1.34 trans-reflective(අාලෝක පරාවර්ථනය වන) ඩිස්ප්ලේ එකක් තිබෙන්නේ. මෙය ෂයෝමි සමාගම තෝරාගෙන තිබීම ඉතාම හොඳයි. අනෙක් සමාගම් මෙම තාක්ෂණය භාවිතා නොකිරිමට හේතුව තවම හිතාගන්න බෑ. රාත්‍රියේ මෙන්ම තද අව්වට ඉතාම පැහැදිලිව ඩිස්ප්ලේ එක පේනවා. නිතරම ඩිස්ප්ලේ එක ඔන්(Always ON) නිසා දකින කෙනෙකුට එකවර සිතාගන්නට බෑ මෙහි තිබෙන්නේ ඩිස්ප්ලේ එකක්ද යන්න. එතරම් සැබෑ ලෝකයට සමීපයි.

ඔයාට කැමති විදියට මෙහි watch face වෙනස් කරගන්න පුලුවන්. එවගේම අැප් එක හරහා කැමති රූප පවා ඔරලෝසුවේ වොච් ෆේස් එක විදියට දාගන්න පුලුවන්. නමුත් මට නම් එය එච්චර සාර්ථක වුනේ නෑ. සමහරවිට මම එය කරන හැටි වැරැද්දක්ද දන්නෙ නෑ.

අැමේස්ෆිට් පේස් ඔරලෝසුව IP67 වතුර සහ දූවිලි නොයන සහතිකයෙන් සමන්විතයි. ඔයාට ගැටලුවක් නැතුව වැස්සේ තෙමුනත් පිහදාලා ගන්න පුලුවන්. නැතිනම් පූල් එකට වුනත්.

 

Features & Performance

GPS තිබීම මුලින්ම මතක් කරන්න අවශ්‍ය වෙනවා. ගොඩක් වැදගත් වෙනවා ඔයා නිතරම ක්‍රීඩා වල නරතවෙනවනම්. දුවනවානම්, අැවිදිනවානම්. එහෙමත් නැත්නම් Hike එකක් යනවානම් ඔයා යන මාර්ගය GPS මගින් සටහන් කරගන්නවා. ඔයාට ඔරලෝසුවෙන්ම බලන්න පුලුවන් අැවිදපු පාර. නැත්නම් මැප් එක බලන්න පුලුවන් ෆෝන් අැප් එකෙන්.

1.2GHz ප්‍රොසෙසරය සහ 512MB රැම් මතකය එක්ක එකතුවුනාම මෙය ”යකා වගේ” ලස්සනට වැඩ. අැතැම් වෙලාවට පොඩි stuck වීම් කීපයක් නම් දැනිලා තියෙනවා. නමුත් එදිනෙදා පාවිච්චියේදී නම් කිසිදු ගැටලුවක් වෙන්නෙ නෑ කියලා බය නැතුව කියන්න පුලුවන්. 4GB internal memory එකක් එනවා මේකටම. ඔයා කැමති සිංදු ටික ඔරලෝසුවට දාගෙන බ්ලූටූත් හෙඩ්සෙට් එකෙන් අහන්න පුලුවන් කොහේහරි යන ගමන්. සිංදු මාරු කරන එකත් ඔරලෝසුවෙන්ම කරන්න පුලුවන් නිසා සිංදු අහද්දි ෆෝන් එකක අවශ්‍යතාවක් එන්නෙත් නෑ.

Optical Heart Rate සෙන්සර් එකක් තිබෙනවා මෙහි. එමගින් ඔබේ හෘද ස්පන්ධනය මනින්න පුලුවන් එකදිගටම දවසම වුනත්. නමුත් ඔබේ අතේ හමට අාසන්නයෙන්ම ඔරලෝසුව තිබෙන්න ඔන. නැතිනම් හාට් රේට් එක නිවැරදිව එන්නෙ නෑ. අනිවාර්යෙන්ම ඔබේ අතේ නහරයන් සෙස්නර් එකට කියවන්න පුලුවන් වෙන්න ඔන.

Optical Heart Rate Sensor

කාලගුණය පෙන්වන එක නම් ගොඩක් ප්‍රයෝජනවත් වුනා මට එදිනෙදා වැඩ වලදි. අනික මම උදේ ගෙදරින් එළියට යනකොට එදා දවසේ වහිනවානම් මට එ් තොරතුරු වෙනම නොටිෆිකේෂන් එකක් මගින් පෙන්වනවා. බොහොම ප්‍රයෝනවත්! සතියක කාලගුණ දත්ත නිතරම වගේ යාවත්කාලීන වෙමින් පෙන්වනවා. කාලගුණ තොරතුරු ඔවුන් ලබාගන්නා සේවාව නම් දන්නේ නෑ. නමුත් ගොඩාක් නිර්වද්‍යව එම තොරතුරු ලැබෙනවා. නිතර එළියට යන කෙනෙක් නම්, බස් වල යනවනම්, ඔෆිස් යන්න උදේට ලෑස්තිවෙන අතරෙ එහෙම ගොඩක් ප්‍රයෝජනවත්  වෙයි ඔයාට.

Amazfit Pace Weekly Weather

මම ටිකක් නින්ද ගැනත් උනන්දුවන කෙනෙක්. මම කලින් Mi Band පාවිච්චි කරන්නත් ප්‍රධාන හේතුවක් එ්ක. ඔයාට නින්ද ගැන සෑහෙන්න තොරතුරු ඔරලෝසුවෙන්ම වගේම අැප් එකෙන් බලාගන්නත් පුලුවන්. අැතැම් ස්මාට්වොච් හෝ ෆිට්නස් ට්‍රැකර් වල වගේ අැඳට ගිහින් ”ස්ලීප් මූඩ්” එකත් ඔන් කරන්න ඔන නෑ. ඔරලෝසුව ඔයා නින්දට ගියා කියලා දැනගන්නවා. නමුත් ඔරලෝසුවක් බැදගෙන නින්දට යන එකට නම් ඔයාට හුරුවෙන්න වෙයි!
එලාම් තියන්න ඔයාට ෆෝන් එක හොය හොය ඉන්න ඔනත් නෑ. ඔරලෝසුවෙන්ම අවශ්‍ය විදියට එලාම් එක තියාගන්න පුලුවන්(මම වගේ කෙනෙක් නම් එලාම් දෙක තුනක්ම තියාගන්න වුනත්).

Compass එකකුත් එනවා. ඔයාට මේකත් Map එකක් කියවද්දි, නැත්නම් camping හෝ අැවිදින්න යද්දි පාර බලාගන්න ප්‍රයෝජනවත්.

Amazfit Pace Sleep Tracking

 

Notifications

ස්මාට්බෑන්ඩ් එකක් හෝ වොච් එකක් ගොඩක් අය ගන්නේ තමන්ගේ ෆෝන් එකට එන නොටිෆිකේෂන් අාදිය බලාගන්නත් පුලුවන් නිසා. අැමේස්ෆිට් පේස් එකේ නොටිෆිකේෂන් සිස්ටම් එක ගැන නම් කියන්න කිසිම වරදක් මට ලැබුනේ නෑ. නමුත් සිංහල යුනිකෝඩ් නම් පේන්නේ නෑ. එ්ක ඉතින් ගොඩක් ස්මාට්වොච් වලටත් අදාලයි. Emoji නම් පෙන්වනවා.

ඔයාගෙ ෆෝන් එකේ නොටිෆිකේෂන් එන ඔනම අැප් එකක නොටිෆිකේෂන් ඔරලෝසුවට එනවා. තමන්ට අවශ්‍ය අැප් වල නොටිෆිකේෂන් විතරක් වුනත් එන්න හදන්න පුලුවන්.

SMS, Messenger වගේ මැසේජ් වල ඉඳලා, ඔයා ගෙන්වගත්ත උෟබර් එක ඔයා කියපු තැනට අාවද කියලා දක්වා හරිම ලස්සනට නොටිෆිකේෂන් වලින් ගෙන්වගන්න පුලුවන්. Breaking News වගේ ගෙන්වගන්න ඔන නම් Twitter එක මගින් එ්ක කරන්නත් පුලුවන්.

එවගේ ඔයාට අවශ්‍ය විදියට creative විදියට ඔයාට ඔරලෝසුවේ නොටිෆිකේෂන් නම් හදාගන්න හරිම ලේස්යි.

Uber arrival notification

 

Final Words

”මිළදී ගන්නද මම ?” යන පැනයට මම තනි වචනයෙන් උත්තරයක් දෙන්නම්. ඔවු! ඩොලර් 99 වැනි මුදලකට GearBest වෙබ් අඩවිය හරහා ඔයාට මිළදීගන්න පුලුවන්. මේ මුදලට මෙවැනි වැඩ එක්ක, හොඳම quality එකේ ස්මාට්වොච් එකක් නම් ගන්න හැකියාවක් නෑ. ඉතින් ඔයාලා මිළදී ගන්න කැමැත්තෙන් ඉන්නවානම් පහත ලින්ක් එක ලබාදීලා තියෙනවා. කූපන් කෝඩ් එකත් එක්ක.

Buy from – GearBest $99

Coupon – ZOOMGB01

Leave a Reply

%d bloggers like this: