Whatsapp ඇපිලකේෂනය වීඩියෝ කෝල් සේවාව ලබාදෙන බවට කාලයක පටන් තිබුනා. නමුත් ඔවුන් නිසි දිනයක් ඒ සඳහා දැනුම් දීලා තිබුනේ නෑ. ඊයේ දිනයේදී ඔවුන්ගෙ නිළ බ්ලොග් එක තුළින් ඔවුන් වට්ස් ඇප් වීඩියෝ කෝල් පහසුකම ලෝකයට නිකුත් කරන බව ප්‍ර‍කාශ කර සිටියා.

බිලියනයකට අධික ඇන්ඩ්‍රොයිඩ්, අයිඕඑස් සහ වින්ඩෝස් මෙහෙයුම් පද්ධති සහිත දුරකථනවලට ඉදිරි දින කීපයේදී යාවත්කාලීන කොටස් වශයෙන් සමාගම ලබාදෙන්නට නියමිතයි. අලුත් තාක්ෂණික ක්‍ර‍ම මඟින් ජංගම දුරකථන ජාල වල වේගය අඩු වුනත් වීඩියෝ කෝල් ගැනීමේ පහසුකම වට්ස් ඇප් මඟිල් ලබාදෙන බව සමාගම එම ලිපියේදී සඳහන් කර තිබුනා.

ප්‍ර‍ථම වශයෙන් වට්ස් ඇප් සේවය චැට් සඳහා පමණක් වෙන්ව තිබුනද පසුව ඔවුන් ඒ සඳහා සාමාන්‍ය හඬ කෝල් පහසුකම ලබාදුන්නා. ඉන් පසු තරඟකාරීත්වය වැඩි වත්ම මාස ගණනාවක් තිස්සේ පරීක්ෂණ මට්ටමෙන් මෘදුකාංග පරීක්ෂකවරුන්ට පමණක් වීඩියෝ කෝල් පහසුකම ලබාදී තිබුනා.

මේ වන විට ලෝකයේ වැඩිම පිරිසක් භාවිතා කරන, වැඩිම මෙහෙයුම් පද්ධති ගණනක භාවිතා කල හැකි එකම පණිවුඩ සේවය ලෙස වට්ස්ඇප් සලකනු ලබනවා.

Leave a Reply

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.