කුස්සියේ පමණක් භාවිතා කල ලුණු වලට මේවාත් කලහැකි බව ඔබ දැන සිටියාද?

  • මිනිස් ඉතිහාසය පුරාවටම මිනිසුන් සහ ලුණු අතර තිබ්බේ කිට්ටු සම්බන්ධයක්. කුස්සියේ ආහාරපාන ආදියට ලුණු භාවිතා කිරීම සාමාන්‍යයයි. නමුත් අද අපි ඔයාට කියන්න යන්නේ උයන විට ලුණු භාවිතා කරන හැටි නෙවෙයි. ඉන් පිටත ලුණු භාවිතා කල හැකි, අපූරු වගේම වටිනා අවස්ථා 8ක් ගැන. මුහුදෙන් ගන්නා ලුණු වලින් මෙච්චර ප්‍රයෝජන තියේවි කියලා ඔයා හිතන්නේවත් නැතුව ඇති!
  • කුහුඹුවන් ඒම වැලැක්වීමට
    කූඹීන් ගෙතුලට ඒම ඉතාම කරදරකාරී දෙයක්. ඔයාට කූඹි ගෙදර ඇතුලට එන්නේ නැතිවෙන්න පොඩි දෙයයි කරන්න තියෙන්නේ. උන් ගෙදරට පැමිණෙන ජනෙල් දාර, දොර උළුවහු ආදියේදි ලුනු මදක් ඉස තබන්න. එවිට කුහුඹුවන් ඒම වලකිනු ඇති.
  • වල් පැල මර්ධනයට
    වත්තේ හැදෙන වල් පැලැටි ආදිය සරළව වගේම ඉක්මනින්ම විනාශ කිරීමට පොඩි දෙයයි කරන්න ඕන. උණුවතුර එකකට ලුණු දාන්න. එය හොඳට කලවම් කරලා අදාල වල් පැල තිබෙන තැන් වලට වත්කරන්න. මෙය ඵලදායී වගේම පරිසරයට හානි නොවන වල් පැල මර්ධන ක්‍ර‍මයක්.
  • මැක්කන් මර්ධනයට
    ගෙදර ඇතිකරන සුනඛයන්ගේ මැක්කන් බෝවීම සාමාන්‍යයයි. එයට විවිධ ප්‍ර‍තිකර්ම තිබුනත් ලුණු එයට ප්‍ර‍තිකර්මයක් කියලා දැනගෙන හිටියේ නෑ නේද? එවගේම බල්ලාගේ කූඩුවේ, ඌ පිහදාන තුවායේ, ගෙදර ඇතුලේ තිබෙන කාපට් ආදියත් ලුණු වතුරෙන් සෝදා බලන්න. පැය කීපයක් ගිය විට මැක්කන් නැතිවී තිබේවි.
  • වැටුනු බිත්තරයක් සුද්ද කිරීමට
    කුස්සියේදී බිමට බිත්තරයක් වැටිලා කුඩුවුනොත් මොකද වෙන්නේ කියලා කියන්න ඕන නෑනේ? එහෙම වැටුනොත් එතැනට ලුණු දාලා විනාඩි 20ක් පමණ තියන්න. බොහොම පහසුවෙන් එතැන සුද්දකරගන්න පුලුවන් වේවි.
  • කෝප්පවල/භාජනවල කහට පැල්ලම් යැවීමට
    අදාල භාජනයට ලුණු 1/4ක් පමණ දමා අයිස් කැට 5-6ක් එක් කරන්න. භාජනයේ හොඳින් එය කරකවා කලවම් කරන්න. පැය බාගයක් පමණ තිබෙන්නට හැර අයිස් වතුර අදාල කෝප්පයට/භාජනයට දමා පුරවන්න. දැන් එය හොඳින් කෝප්පයේ කලවම් කර නැවත වරක්, සෝදා හරින්න.
  • ඉටි නොවැටෙන ඉටිපන්දම්අ
    ලුත් ඉටිපන්දමක් ගෙනාවට පස්සේ, ඒක ටිකක් වැඩිපුර ලුණු දාපු ද්‍රාවණයක පැය කීපයක් තියලා වේලෙන්නට හරින්න. ඉටිපන්දමෙන් ඉටි උණුවෙලා වැක්කෙරේවි කියලා බයවෙන්න ඕන නෑ.
  • තෙල් නිසා ඇතිවුන ගින්නක් නිවීමට
    ලිහිසි තෙල් නිසා ගින්නක් හටගත්තොත් ඒක සම්පූර්ණයෙන්ම නිවන්න පුලුවන් ලුණු භාවිතා කරලා.
  • මී මැසි දෂ්ඨනයක වේදනාව අඩු කිරීමට
    මී මැස්සා දෂ්ඨ කල ස්ථානයේ ලුනු තබා ආවරණය කරන්න.

Leave a Reply