දැනට ජීවත්වෙන කිසිවෙකුට නරඹන්නට නොලැබෙන චිත්‍ර‍පටය – 100 Years

මාතෘකාව වැරදුනේ නෑ මට. ඒක හරි. මේ කියන්න යන චිත්‍රපටය මේ ලෝකයෙ දැනට පණ පිටින් ඉන්න කිසිවෙකුට නරඹන්නට ලැබෙන්නෙ නැති එකක්. 100 Years. චිත්‍ර‍පටයේ නමින්ම කියැවෙන විදියට මේ චිත්‍ර‍පටය නිකුත්වන්නේ තව අවුරුදු 100කින්. එනම් 2115දී. මෙතෙක් කාලෙකට වැඩිම කතා බහකට ලක්වුන චිත්‍ර‍පටය මෙය කිව්වොත් වැරදි නැතිවේවි මම.

Deepwater Horizon, Warm Bodies, Transformers ඇතුලු චිත්‍ර‍පට රැසක රඟපෑ John Malkovich තමයි මේ චිත්‍ර‍පටයේ ප්‍ර‍ධාන චරිතය හා පිටපත් රචනය. චිත්‍ර‍පටයේ අධ්‍යක්ෂණය Robert Rodriguez.

චිත්‍ර‍පටය නිර්මාණය කරන්නේ Louis XIII Cognac සමඟ එකතුවෙලා. ලුවිස් තර්ටීන් කොන්යැක් කියන්නේ නිර්මාණය කරන්නට වසර 100ක් ගතවෙන සුපිරිතම ෂැම්පේන් වර්ගයක්. ලුවිස් තර්ටීන් වෙතට පටබැඳී තිබෙන නම වන්නේ “බෝතලයක් තුල සියවසක්” යන්නයි. මෙය නිර්මාණය කරන්නේ රෙමි මාටින් සමාඟමයි.

චිත්‍ර‍පටය වෙනුවෙන් දැනට නිකුත් කර තිබෙන teasers තුන(චිත්‍ර‍පටය ගැන ඉඟි ලබාදෙන කුඩා තත්පර ගණනක වීඩියෝව මෙනමින් හැඳින්වෙනවා) තුළින්ද චිත්‍ර‍පටය පිළිබඳව කිසිවක් ප්‍ර‍කාශ කරන්නේ නෑ. එහිදී පෙන්වන්නේ වසර 100කින් ලෝකය තිබිය හැකි අයුරු පිළිබඳවයි. එක් ටීසර් එකක ලෝකය ඉතාමත්ම දියුණු තත්වයක ගස් වැල් කිසිවක් නොමැති පරිසරයක තිබෙන අතර අනෙක් එකේ තිබෙන්නේ ලෝකය දියුණුවී එයින්ම නැසී ගිය අයුරක්.

චිත්‍ර‍පටය තිබෙන සේප්පුව
චිත්‍ර‍පටය තිබෙන සේප්පුව

ටීසර් වලදී පෙන්වන සේප්පුව වැනි සේප්පුවක් දැනට ලෝකයේ නැති නිසා ඔවුන්ම එය නිර්මාණය කර තිබෙනවා. එම සේප්පුව 2015 වසරේ නොවැම්බර් 18 වැනිදා ලොක් කර ඇති අතර කිසිවෙකුට එය විවෘත කිරීමට නොහැකි තරම් ආරක්ෂාවක් එම සේප්පුවේ තිබෙන බව ඔවුන් පවසනවා. එය නැවත ස්වංක්‍රීයව විවෘත වන්නේ වසර 100කින්, එනම් 2115 නොවැම්බර් 18 වැනිදා. එතෙක් එම සේප්පුව තිබෙන්නේ ප්‍ර‍ංශයේ කොන්යැක් නගරයේ. සේප්පුව 2016 කෑන්ස් සිනමා උලෙලේදීද ප්‍ර‍දර්ශනය කරනු ලැබුවා.

චිත්‍ර‍පටය 2115 කැන්ස් සිනමා උලෙලේදී තමයි ප්‍ර‍දර්ශණය කරන්න නියමිතව තියෙන්නේ. ඒ සිනමා ප්‍ර‍දර්ශණයට ආරාධිතයන් 1,000කට ආරාධනාපත්‍ර‍ දැනට ලබාදීලා තියෙනවා. රොබර්ට් සහ ජෝන් දෙදෙනාටත් විශේෂ ආරාධනාපත් දෙකක් තියෙනවා. ඉතින් ඔයා හිතාවි අවුරුදු 100කින් කොහොමද දැන් ඉන්න අය මේ චිත්‍ර‍පටය බලන්නේ කියලා. නෑ. දැන් ඉන්න මේ ලෝකේ කාටවත් මේ චිත්‍ර‍පටය බලන්න වෙන්නේ නෑ කියලා ඔයාට දැනටම තේරිලා ඇතිනේ. අද ඉපදෙන දරුවෙක් අවුරුදු 100ක් ආයුෂ තිබ්බොත් බලන්න පුලුවන් වේවි එ් චිත්‍ර‍පටය එදාට. ආරාධිතයන් දහසක් දෙනා තම ආරාධනාපත් ඊළඟ පරම්පරාවට ලබාදෙනවා. සාමාන්‍ය විදියට ගත්තොත් තමන්ගේ මුණුබුරන්ට මේ චිත්‍ර‍පටය බලන්න පුලුවන් වේවි කියලා තමයි ඔවුන් හිතාගෙන ඉන්නේ.

චිත්‍ර‍පටයේ ට්‍රේලරය ලෙස නිකුත් කර තිබෙන්නේ මෙන්න මේක –

චිත්‍ර‍පටයේ teaser –

Leave a Reply

%d bloggers like this: