ලෝකේ වේගවත්ම කාර් එක – Tesla Roadster

පෘථිවියේ නිෂ්පාදනය කරනු ලබන ඉතිහාසයේ වේගවත්ම කාර් එක ඊයේ හදුන්වාදුන්නා. ඒ, ටෙස්ලා සමාගමේ උත්සවය අතරවාරයේදී.

හැමෝම පුදුම කරමින් ඊලොන් මස්ක් මෙම කාර් එක හදුන්වාදුන්නේ පැමිනි අය බලාපොරොත්තුවෙන් සිටියේ ටෙස්ලා සෙමි ට්‍රක් එක නිසාවෙන්.

ඊලොන් මස්ක් මේ ඉවෙන්ට් එකේදි පුදුමකිරීමක් කරනවා කිව්වට කිසිම කෙනෙක් ටෙස්ලා රෝඩ්ස්ටර් නැවත අලුත් ආකාරයකින් පැමිනෙයි කියලා හිතුවේ නම් නෑ.

මුල් පරම්පරාවේ ටෙස්ලා රෝඩ්ස්ටර් යනු ටෙස්ලා සමාගම මුලින්ම නිකුත්කර කාරයයි. සම්පූර්ණයෙන්ම විදුලියෙන් ධාවනය වූ ඒ ක්‍රීඩා මාදිලියේ කාර් එකට පැයට කිලෝමීටර් 97ක වේගයක් තත්පර 3.7කින් ළගාකරගැනීමට පුලුවන්කම තිබුනා. ටෙස්ලා සමාගම ප්‍රථම කාර් එක ක්‍රීඩා මාදිලියේ එකක් නිකුත් කලේ ඒ වන විට විදුලි මෝටර් රථ ඉතා කැත, හෙමින් ධාවනය වන ඒවා ලෙස සැලකූ නිසා එම තර්කය බිදින්න.

දෙවැනි පරම්පරාවෙ රෝඩ්ස්ටර් රථයට පැයට කිලෝමීටර් 97ක් හෙවත් හැතැප්ම 60ක් යාමට ගතවන්නේ තත්පර 1.9ක් පමණයි!! මිනිස් ඉතිහාසයේ එම වේගය තත්පර 2කට අඩු කාලයකින් ලගා කරගත් එකම නිශ්පාදිත මෝටර් රථයට හිමි නම්බු නාමයද මෙයට හිමිවෙනවා.

උපරිම වේගය නිෂ්චිතව ඊලොන් ප්‍රකාශ නොකලද, ඔහු පැවසුවේ එය පැයට හැතැප්ම 250කට එහා වේගයක් බවයි. දැනට උපරිම වේගයට හිමි නාමය හිමිකරගෙන සිටින්නේ ස්වීඩනයේ කොයිනෙග්සෙක් අගීරා ආර්එස් එකයි ( Koenigsegg Agera RS)

අලුත් රෝඩ්ස්ට්ටර් එකේ තව විෂේශත්වයක් වන්නේ එක සම්පූර්ණ බැටරි ආරෝපණය කින් කිලෝමීටර් 1,000කට වඩා ධාවනය කිරීමට හැකි බවයි.

රෝඩ්ස්ටර් හි මෝටර් තුනක් තිබෙන අතර එකක් ඉදිරිපස රෝද සදහාද අනෙක් දෙක පිටුපස රෝද සදහාද තිබෙනවා.

මුදල් සහ හැකියාව තිබෙනවනම්, ලෝකෙ වේගවත්ම කාර් එක ඔයාට ගන්න පුලුවන්. ඇමරිකාවේදී රෝඩ්ස්ටර් හි මිල පටන් ගන්නේ ඩොලර් ලක්ශ දෙකකින්. ඒ කියන්නෙ ලංකාවේ රුපියල් වලින් කෝටි තුනකටත් එහා.

ටෙස්ලා ඉලෙක්ට්‍රික් ට්‍රක් රථය

ටෙස්ලා සමගාම ඔවුන් වෙනස්ම වෙළදපලකට අත ගසන්නට අද සූදානම් වෙනවා. ඒ අද දින ඔවුන් නිකුත් කරන සෙමි ට්‍රක් රථයත් සමග. විෂේශත්වය වන්නේ මෙය ටෙස්ලා කාර් මෙන්ම සම්පූර්ණ විදුලියෙන් ධාවනය වීමයි.

ඔවුන් මේ සෙමි ට්‍රක් එක නිකුත් කරන්නේ ඊලොන් මස්ක්ගේ දෙවැනි මාස්ටට් ප්ලෑන් එකේ ආරම්භය ලෙස.

තප්පර දෙකෙන් 100ට යන්න පුලුවන් අලුත් Tesla Model S

ඊයේ දිනය වාහන ලෝලීන්ට විශේෂ දිනයක්. මොකද ටෙස්ලා සමාගමේ නවතම කාරය, ටෙස්ලා මොඩ්ල් එස් නිකුත් කල නිසා. එවගේම මොඩ්ල් එස් කාරයේ නම වේගය අතින් ලෝකයේම තුන්වැනි තැන ගන්නත් මේ නිසා පුලුවන්කම ලැබිලා. පැයට හැතැප්ම 60ක්, ඒ කියන්නේ ආසන්න වශයෙන් පැයට කිලෝමීටර් 97ක වේගයකට තත්පර 2.5කින් ලඟාවෙන්නට මෙයට හැකියාව තිබෙනවා. වේගය අතින් දෙවැනි වන්නේ ඩොලර් මිලියන ගණනක් වන Ferrari LaFerrari සහ Porsche 918 Spyder දෙකට පමණයි. මෙම අලුත් කාරය ඔවුන් Model S P100D ලෙස නම්කර තිබෙනවා. මේ කාරයේ සුවිශේෂීත්වය වන්නේ මෙය සම්පූර්ණයෙන්ම විදුලියෙන් වැඩ කරන එකක් වීමයි.

පෙර තිබූ 90kWh බැටරිය වෙනුවට ඔවුන් මෙහිදී නවතම 100kWh බැටරියක් එකතුකර තිබෙනවා. එකවරක් චාජ් කලවිට මෙම කාරයට සැතපුම් 315ක් හෙවත් කිලෝමීටර් 507ක් කිසිම ගැටලුවකින් තොරව යන්න පුලුවන්. මෙහි 90kWh කලින් සංස්කරණයේදී(Model S P90D) යාමට පුලුවන් වුනේ කිලෝමීටර් 473ක්. මෙම අධි වේගයක් සහිත අලුත්ම කාරයේ මිළ ඇ.ඩො.  එක්ලක්ෂ තිස් හතර දහස් පන්සීයක්( $134,500 )ක් වනවා. ලංකාවේ මුදලින් නම් රුපියල් කෝටි දෙකකට ආසන්න මුදලක් (රු. 20,175,000).  කලින් සංස්කරණයේ මිළට වඩා ඩොලර් නවදහස් පන්සීයක වැඩිවීමක්( $9,500).