Google + වසර 6 සමරති

ගූගල් සමාගමේ සමාජ ජාලය වන ගූගල් ප්ලස් හි සයවන උපන්දිනය අද දිනයට යෙදී තිබෙනවා. 

ඔබට මතක නම් ගූගල් ප්ලස් අන්තර්ජාලයට පැමිණෙන විට බොහෝ දෙනා එකල එයට එක්වුනේ අලුත් මුහුණුවරකින් සහ බොහෝ විශේෂාංග සමගින්, දැන්වීම් ආදී කරදරකාරී දේවල් වලින් තොර සමාජ ජාලයක් බැවින්. 
ප්ලස් හි ප්‍රධානම අංගයක් වූ ෆොටෝස්, ගූගල් ෆොටෝස් ලෙස මේ වන විට අති සාර්තකව ක්‍රියාත්මක වනවා. ඒ ගූගල් ප්ලස් වලින් එය ඉවත් කිරීමට ගූගල් සමාග්ම තීරණය කිරීමෙන් අනතුරුව.

වසර හයක් ගතවන අද වන විට ගූගල් ප්ලස් සමාජ ජාලය තවත් එක් සමාජ් අඩවියක් පමනක් වන මට්ටමට පැමිණ ඇත්දැයි කෙනෙකුට සිතෙන්නට පුලුවන්. නමුත් තවමත් ලොවපුරා පුද්ගලයින් බොහෝ ප්‍රමාණයක් ප්ලස් වෙතට පිවිසෙන්නේ එයි තිබෙන Community නිසාය. 

ඔයත් ගූගල් ප්ලස් වලට ආදරය කරපු කෙනෙක්ද? නැත්නම් ගූගල් ප්ලස් වල තවමත් ඔයා ඉන්නවද ?

පැරණි ෆොටෝ ස්කෑන් කරන්න ගූගල් සමාගමෙන් එන PhotoScan ඇප්ලිකේෂණය

ඉස්සර ඉතින් ෆොටෝ ගහන්න දැන් වගේ ඩිජිටල් කැමරා නෑනේ. සේයාපට දාලා ඡායාරූප ගන්න කැමරා තමයි තිබුනේ. ඒවා හැම එකක්ම මුද්‍ර‍ණය කරලා එක්කෝ ලැමිනේටින් කරලා නැත්නම් ඇල්බම් එකක දාලා අපි හැමෝගේම ළඟ තියෙනවා. මේ ඡායාරූප අන්තර්ජාලයේ හෝ පරිඝනකයේ තියාගන්න අපි කලේ ෆෝන් එකෙන් හෝ ඩිජිටල් කැමරාවකින් නැවත ඒකේ ඡායාරූපයක් අරගන්න එක. නැත්නම් ස්කෑනරයක් මඟින් ස්කෑන් කරන එක. මේ මොන ක්‍ර‍මයකින් ඒ ඡායාරූපවල ෆොටෝ ගැහුවත් ඔයාලට අත්දැකීම් තියෙනවනම් දන්නවා ෆ්ලෑෂරය හෝ ඉර එළිය වැටුනම දිළිසෙන බව. ඉතින් මේ වදකාර වගේම අසාර්ථක ක්‍ර‍මයට විසඳුමක් ගූගල් සමාගමෙන් ඇප්ලිකේෂණයක් මඟින් ලබාදුන්නා.

මෙමඟින් ගන්න ඡායාරූප එලෙසින්ම කැමරාවේ සටහන් කරගන්න පුලුවන් වෙනවා. විවිධ කෝණ කීපයකින් ලබාගන්න ෆොටෝ එක තනි ඡායාරූපයක් විදියට සකස් කරගන්නා නිසා ඡායාරූපයේ දිලිසෙන ගති ආදිය සහමුලින්ම නැතිවෙනවා.

එවගේම ඒ පැරණි ෆොටෝ වලට හානියක් නොවී අලුත් පෙනුමක් ලබාදෙන්නටත් මේ ඇප්ලිකේෂණයට පුලුවන් වෙනවා. විවිධාකාරයේ “looks” 12ක් දැනට ෆොටෝ ස්කෑන් තුළ තිබෙන අතර යාන්ත්‍රික බුද්ධිය(machine intelligence) භාවිතා කරලා ඒවාට අලුත් පෙනුමක් ලබාදෙන්නට පුලුවන්.

Google Photos ඇප්ලිකේෂණයට මේ අලුත් ෆොටෝ ස්කෑන් පහසුකම ඇතුලත් කරලා තියෙනවා. එවගේම ඇන්ඩ්‍රොයිඩ් සඳහා ප්ලේ ස්ටෝ තුළිනුත්, අයිඕඑස් සඳහා ඇප් ස්ටෝ එක තුළිනුත් ෆොටෝ ස්කෑන් ඇප්ලිකේෂණය ලබාගන්නට පුලුවන්.

චිත්‍ර‍පටිවල පමණක් දුටුදෑ ඇත්ත කරන ගූගල්ගේ රහස් ව්‍යාපෘතිය – ප්‍රොජෙක්ට් සොලී

ගූගල් සමාගම විවිධ රහස් ව්‍යාපෘති කාලෙන් කාලෙට සිදුකර ඒ පිළිබඳව ලෝකයා පුදුමයට පත්කරනවා. ඉබේ ගමන්කරන වාහන, ගූගල් ග්ලාස්, රොබෝ චීටා වැනි දෑ එයින් කීපයක්. එවගේම ගූගල් සමාගම තවත් විශ්මිත රහස් ව්‍යාපෘතියක් ගැන තොරතුරු හෙලිකරා. ඒ පොජෙක්ට් සොලී(Project Soli).

අයන්මෑන් වැනි චිත්‍ර‍පටිවලදි නම් අපි ඕනෑතරම් දකිනවා ස්පර්ශ නොකර යම් යම් දෑ අතින් සිදුකරනවා. මේ තාක්ෂණයෙන්ද සිදුකරන්නේ ඒ චිත්‍ර‍පටවල දුටු දේ සැබෑ ලෝකයේදි සිදුකිරීමයි. ගූගල් සමාඟම නිර්මාණය කර තිබෙන මේ අලුත් සංවේදකය රේඩාර් තාක්ෂණයද භාවිතා කර, ඔබේ ඇඟිලි චලනයන් ග්‍ර‍හනය කරගැනීමට පුලුවන්කම ලැබී තිබෙනවා. උපාංගය හෝ ඩිස්ප්ලේ එක ටච් නොකර ඔබට අවශ්‍ය දෑ සිදුකරගැනීමට පුලුවන්.

gif1_1433768262

පුංචි ස්මාට්ෆෝන් චිප් එකක තරම් ප්‍ර‍මාණයක ඇති මේ සංවේදකයට ඔබේ අත අතත්‍ය උපාංගයක්(Virtual Device) බවට හැරවීමේ හැකියාව තිබෙනවා. උදාහරණයකට ඔබට මෙමඟින් ඔරලෝසුවේ වේලාව ඔරලෝසුව අල්ලන්නේ නැතුව කරන්න පුලුවන්. ඔබේ සංගීත ධාවකයේ ගීත වෙනස් කිරීම, ශබ්දය අඩුවැඩී කිරීම එය අල්ලන්නේ නැතුව කරන්න පුලුවන්.

gif2_1433768292

මේ සංවේදකයේ තිබෙන්නේ ඇඟිලිවල සියුම් චලනයන් පවා හඳුනාගත හැකි රේඩාර් එකක්. මෙමඟින් තත්පරයකට වෙනස්වීම් 10,000ක් හඳුනාගන්නට පුලුවන්. එනම් ඔබ ක්ෂණයකින් සිදුකරන ඕනෑම ඇඟිලි චලනයක් මෙයට හඳුනාගැනීමේ පුලුවන්කම තිබෙනවා. මෙය ඉතාම කුඩා චිප් එකක් බැවින් ඕනෑම උපාංගයකට මෙය සවිකිරිමේ හැකියාවද තිබෙනවා.

ඉදිරියේදී සමහරවිට ටච් නොකර ටච් කරන ස්මාට්ෆෝන්, රිමෝට් නැතුව ක්‍රියාත්මක කලහැකි රූපවාහිනී ආදිය වෙළඳපලට ආවොත්, පුදුමවෙන්න දෙයක් වෙන එකක් නෑ.!

පෞද්ගලිකත්වයට මුල්තැන දෙන, කෘත්‍රීම බුද්ධියක් සහිත පණිවුඩ සේවය – Google Allo නිකුත්වෙයි

Google Duo වීඩියෝ කෝල් ගතහැකි සේවය ඇරඹීමෙන් මසකට පමණ පසු ගූගල් සමාගමේ අලුත්ම සේවය, ගූගල් අලෝ(Google Allo) අද නිකුත්කරනු ලැබුවා. Viber, Messenger, WhatsApp වැනි ක්ෂණික පණිවුඩ සේවයන්ට තරඟයක් දීම සඳහා ඇරඹි මේ ඇප් එකේ විශේෂත්වය වන්නේ මෙය ගූගල් නව්(Google Now) සේවය හා සම්බන්ධ කර තිබීමයි. ගූගල් ඩුවෝ මෙන්ම මෙයද ඔබේ දුරකථන අංකය හරහා සම්බන්ධවිය හැකි සේවයකි.

පෙර කීවාක් මෙන් මෙහි විශේෂත්වය වන්නේ ගූගල් නව් කෘත්‍රීම බුද්ධියද මෙයට සම්බන්ධ කර ඇති නිසා. චැට් එකේදි ‘@Google’ ලෙස සඳහන් කර පසු ඔබේ ප්‍ර‍ශ්නයකට පිළිතුරක් ගූගල් මඟින් ලබාගන්නට පුලුවන්. එවගේම ගූගල් ක්‍රොම් වල මෙන් ඉන්කොග්නිටෝ මූඩ්(Incognito mode) එකක්ද මෙහි තිබෙනවා. වෙනත් අයෙකුට නැරඹිය නොහැකි ලෙස පෞද්ගලික සංවාද මෙමඟින් සිදුකරන්නට පුලුවන්.

අද ඇමරිකාවට නිකුත් කලත්, ලෝකයේ හැම රටකටම මෙය ලබාගන්නට පුලුවන්කමක් නෑ. එනිසා ඔබට ප්ලේ ස්ටෝ මඟින් ගන්න පුලුවන්කමක් නැතිනම් APK එක ඩවුන්ලෝඩ් කරගෙන භාවිතා කරන්න පුලුවන්.

Download Google Allo for Android | iOS

[Best_Wordpress_Gallery id=”1″ gal_title=”Google Allo”]

හැක් කලොත් කෝටි 5ක් ගූගල්ගෙන්

හැකර් කරුවෙක්නම් ඔන්න අවස්ථාවක් තියෙනවා ඔයාට. ඒ ගූගල් සමාගම පටන්ගත් ප්‍රොජෙක්ට් සීරෝ ආරක්ෂක තරඟයක් සමඟ. පොඩි ගණනක් නෙවෙයි.  ලංකාවේ මුදලින් කෝටි 5ක්(ඇ.ඩො. ලක්ෂ 3ක්) ඒ සඳහා ඔවුන් වෙන් කර තිබෙනවා. වැඩේ මේකයි. ගූගල් සමාගමේ Nexus 6P සහ 5X දුරකථන දෙකට ඇතුලු වෙන්න ඕන. නමුත් හැක් කරන්න ඔවුන් හැකර් කරුවාට ලබාදෙන්නේ ස්මාට්ෆෝන් එකේ දුරකථන අංකය සහ ඊමේල් ඇඩ්‍ර‍ස් එක විතරයි.

දිනන්න නම්, මේ තරඟයට ඉදිරිපත්වන අය මෙහෙයුම් පද්ධතියට කෙටි පණිවුඩයක්, ඊ-මේල් එකක් මඟින් වැනි ක්‍ර‍ම වලින් දුරකථනයට දුරස්ථව ඇතුලු වන්නට පුලුවන් ක්‍ර‍ම සොයාගන්න ඕන. දිනන හැම කෙනෙක්ටම ගූගල් සමාගමේ ප්‍රොජෙක්ට් සීරෝ බ්ලොග් එකේ තමන් සොයාගත්ත ඒ ආරක්ෂක සිදුර ගැන තමන්ගෙම වචනයෙන් කියන්න අවස්ථාව ලැබෙනවා. පළමු ස්ථානය සඳහා ඇ.ඩො. ලක්ෂ දෙකක්ද, දෙවැනියාට ඇ.ඩො. ලක්ෂයක්ද ලබා දෙනවා. එවගේම අනෙකුත් අඩුපාඩු සොයාගන්නා අය වෙනුවේන ඇ.ඩො. පනස් දහස බැගින් ලබාදෙනවා. මේ තරඟයේ වැඩි විස්තර සඳහා නිළ වෙබ් අඩවියට මෙතැනින් පිවිසෙන්න – Project Zero Contest

අපේ ඉන්ටර්නෙට් වේගය වැඩිකරන්න ගූගල් දාපු අලුත් කේබලය

ඕනෑම රටකට අන්තර්ජාලය ලැබෙන ප්‍ර‍ධානතම ක්‍ර‍මයක් තමයි මුහුද යටින් එලන ෆයිබර් ඔප්ටික් කේබල්. විශේෂයෙන් ලංකාව ගත්තොත් ලංකාවට අන්තර්ජාලය ලැබෙන්නේ මේ කේබල් හරහා. ආසියාවේ ජනගහනය වගේම අන්තර්ජාල භාවිතයත් එන්න එන්නම වැඩිවෙනවා. ඉතින් මේකට පිළියම වන්නේ තවත් එවැනිම කේබල් රටවල් සම්බන්ධ කරමින් එකතුකිරීමයි.

China Mobile International, China Telecom Global, Global Transit, Google, KDDI සහ SingTel යන ආයතන එකතුවී නිර්මාණය කරගත් FASTER සමූහය විසින් පසුගිය ජුනි මාසයේදී ජපානය සහ ඇමරිකාව අතර අන්තර්ජාල සබඳතාව තරකර තවත් වේගයෙන් දත්ත හුවමාරු කිරීම සඳහා මුහුද යටින් සබ්මැරීන් කේබල් ජාලයක් එලුවා. මේ සඳහා ඇ.ඩො.මි. 300කට ආසන්න මුදලක් ඔවුන් ආයෝජනය කලා. මේ කේබලය හරහා දත්ත හුවමාරු වන වේගය තත්පරයකට ටෙරාබිට් 60ක්. ඒ කියන්නේ ගිගාබයිට් 7500ක්. මේ කේබලයේම තවත් පියවරක් ලෙස ගූගල් සමාගම ජපානය සහ තායිවානය අතර අලුත් කේබලයක් පණ ගැන්වූවා. ඒ කේබලයද සම්බන්ධ වන්නේ FASTER කේබල් ජාලයටමයි. ජපානය සහ තායිවානය අතර එලූ මේ අලුත් කේබලයේ වේගය තත්පරයට ටෙරාබිට් 27ක්.

තායිවානයේ පිහිටි ගූගල් සමාගමේ දත්ත මධ්‍යස්ථානය තමයි මෙහි මූලික වන්නේ. මේ දත්ත මධ්‍යස්ථානය තමයි ආසියා මහද්වීපයේ පිහිටා තිබෙන ගූගල් සමාගමේ ලොකුම දත්ත මධ්‍යස්ථානය වන්නේත්. සමාගම මෙමඟින් අපේක්ෂා කරන්නේ ඔවුන්ගේ යූටියුබ්, ජීමේල් වැනි සේවාවන් ආසියා මහද්වීපයේදි පාවිච්චි කරන අයට තවත් ඉක්මන් සේවාවක් ලබාදීමට. එවගේම සමාගමේ ප්‍ර‍ධානියෙකු මාධ්‍යයට පවසා තිබුනේ මේ කේබලය සුනාමි අනතුරු සහිත කලාපයෙන් බැහැරව තිබෙන නිසා ස්වභාවික ආපදා මගින් කේබලයට හානිවීම ගොඩක් අවමයි කියලයි.

ගූගල් සමාගම මේ කේබලයේ වේගය පැහැදිලි කරලා තිබුනේ හරි අපූරු විදියකට. සෑම තප්පර 15කට වරක්ම තායිවානයේ ඉන්න හැම කෙනෙක්ටම සෙල්ෆි එකක් ජපානයේ ඉන්න යාලුවෙක්ට යවන්න පුලුවන් වේගය තමයි ටෙරාබිට් 26ක් කියන්නේ. ඒ කියන්නේ දවසකට සෙල්ෆී බිලියන 138ක්!

අලුත් තාලයේ වීඩියෝ කෝල් එකකට Google Duo

වීඩියෝ කෝල් එකක් කිව්වම මතක් වෙන්නේ ගොඩක් දෙනෙක්ට එච්චර සුන්දර මතකයන් නෙවෙයි. බොහෝ වෙලාවට වීඩියෝ කෝල් එකක දෙන්නාගෙන් එක්කෙනෙක් හෝ දෙන්නාම හරි කියන්නේ “මාව පේනවද” “දැන් හරිද” “කෝ පේන්නේ නෑනේ” වගේ වදන් තමයි වැඩිපුරම. ඉතින් වීඩියෝ කෝල් වලට විවිධ වර්ගයේ ඇප්ලිකේෂන් ජංගම දුරකථන වලට වගේම පරීඝනකයටත් තිබුනට ඒවා පාවිච්චි කරන කෙනාට ටිකක් අපහසුයි. දන්නේ නැති කෙනෙක්ට ඒක ඉගෙන ගන්න ටික වෙලාවක් යනවා. සමහරවිට දවසක් දෙකක් විතර. මේ සියලුම ප්‍ර‍ශ්න වලට විසඳුම ගූගල් සමාගමෙන් අරගෙන ඇවිත් තියෙනවා. ඒ ගූගල් ඩුවෝ ඇප් එකයි.

Google Duo Application Interface. Photo Credit : Google
Google Duo Application Interface.
Photo Credit : Google

මේ වසරේ තිබුන Google I/O හිදී තමයි ප්‍ර‍ථම වතාවට මේ ගැන කිව්වේ. නමුත් ඇප්ලිකේෂනය නිකුත් කලේ මීට දින කීපයකට කලින්. මේ ඇප් එකේ විශේෂත්වය වන්නේ මේකෙ තියෙන සරළබව. ඕනම කෙනෙක්ට තප්පර කීපයකින් තවත් කෙනෙකුට වීඩියෝ කෝල් එකක් ගන්න පුලුවන් මේකෙන්. ඒවගේම අනිත් ඇප්ලිකේෂන් වල වගේ කරදරකාරී මෙනු ආදිය කිසිවක් නෑ. එමෙන්ම සරළ රෙජිස්ටර් වීමක් මඟින් මෙයට සම්බන්ධවෙන්නත් පුලුවන්. ඒ සඳහා ඊමේල් පාස්වර්ඩ් මුකුත් අවශ්‍යවෙන්නේ නෑ. දුරකථන අංකය පමණයි මේ සඳහා අවශ්‍ය වන්නේ.

ගූගල් ඩුවෝ ඇප්ලිකේෂණයේ රෙජිස්ටර් වීම
ගූගල් ඩුවෝ ඇප්ලිකේෂණයේ රෙජිස්ටර් වීම

මේ ඇප්ලිකේෂණය ඇන්ඩ්‍රොයිඩ් සහ අයිඕඑස් දුරකථන දෙකටම නිකුත්කරලා තියෙනවා. ගූගල් ප්ලේ ස්ටෝ එකට ගිහින් හෝ ඇපල් ස්ටෝ එකට ගිහිල්ලා Google Duo කියලා සර්ච් කලාම ඔයාට මේක ගන්න පුලුවන්කම තියෙනවා. මේ ඇප්ලිකේෂණයේ තවත් විශේෂත්වයක් වන්නේ හදිසියේවත් ඔයා වයිෆයි වල කනෙක්ට් වෙලා ඉඳලා වයිෆයි නැතිතැනකට ඇවිදගෙන ගියොත් එහෙම ස්වයංක්‍රීයව ඇප් එක මගින් මොබයිල් ඩේටා වලට මාරු වෙනවා. කෝල් එක කට් වෙන්නේ නැතුව. ඒ විතරක් නෙවෙයි. කනෙක්ෂන් එක ස්ලෝ නම් වීඩියෝ එකේ රිසොලූෂන්(Resolution) අඩු කරලා කෝල් එක දිගටම පවත්වාගෙන යන්නත් කටයුතු කරනවා.

Knock Knock විශේෂාංගය Image Credit : Google
Knock Knock විශේෂාංගය Image Credit : Google

ඔයාට කෝල් එකක් එද්දි, එහා පැත්තේ කෙනාගේ වීඩියෝ එක තිරයේ පෙන්වනවා. Knock Knock(දොරට තට්ටු කරන ශබ්දය) කියලා තමයි මේ විශේෂාංගයට නම දාලා තියෙන්නේ. එතකොට ඔයාට ඒ කෝල් එක ගන්නවද නැද්ද කියලා තීරණය කරන්නත් පුලුවන්. මේ සඳහා නම් දෙන්නාම මේ විශේෂාංගය ඇප් එකෙන් ක්‍රියාත්මක කරලා තියෙන්න ඕන.

කිසිම ඊමේල් එකක්වත්, අඩුම තරමේ ගූගල් එකවුන්ට් එකක්වත් නැතුව මේ කෝල් ගන්න අලුත් පන්නයේ සේවාව ගැන නම් ගොඩක් අය ප්‍ර‍සාදය පළකරලා තියෙනවා. ඉදිරියේදී සේවාව තව පුලුල් කරලා අලුත් විශේෂාංගත් එකතු කරාවි කියලා හිතන්න පුලුවන් අපිට.

 

Nexus අවසන් – Google නාමය යටතේ දුරකථන ළඟදීම

ගූගල් කියන්නේ නොදන්න සමාගමක් නෙවෙයි. දැන් කාලේ නම් පොඩි ළමයෙක් වුනත් දන්නවා. ගූගල් දුරකථනයක් කිව්වම ඔයාගේ ඔලුවට එන්න ඇති ඇන්ඩ්‍රොයිඩ් දුරකථන ගැන. නමුත් වැරදියි. ඇන්ඩ්‍රොයිඩ් කියන්නේ ගූගල් සමාගමට අයත් මෙහෙයුම් පද්ධතියක් විතරයිනේ. අද අපි කියන්න යන්නේ “Google” නාමයෙන්ම එන්න තියෙන දුරකථනයක් ගැන.

Google Sailfish
Google Sailfish දුරකථනයේ leak වූ ඡායාරූපය

දැනටමත් ගූගල් සමාගම යටතේ පිරිසිදු ඇන්ඩ්‍රොයිඩ් දුරකථන මාදිලි දෙකක් වන නෙක්සස් සහ ඇන්ඩ්‍රොයිඩ් වන් නිකුත් කරනවා. ඒත් Nexus සහ Android One නාමයන් අනෙකුත් දුරකථන හා තරඟයක් දීමට ප්‍ර‍මාණවත් නොවන බව ගූගල් සමාගමට තේරිලා. වසර ගණනක් තිස්සේ ඔවුන් මේ ගැන අධ්‍යනය කර තමන්ගේ අඩුපාඩු සහ පාරිභෝගිකයන්ගේ අවශ්‍යතාවයන් තේරුම්ගෙන නවතම දුරකථන දෙකක් නිකුත් කිරීමට යන බව අන්තර්ජාතික ආරංචිමාර්ග පවසනවා. මේ වන විටත් එම දුරකථනයන්වල leak වූ ඡායාරූප අන්තර්ජාලයේ වෙබ් අඩවි පුරාම සැරිසරනවා. අප මේ පෙන්වා තිබෙන්නේ Google Sailfish(කේත නාමය) දුරකථනයේ ඡායාරූපයකි. අනෙක් දුරකථනය වන්නේ Google Marlinය(කේත නාමය).

සේල්ෆිෂ් දුරකථනය අඟල් 5ක් වන අතර මාලින් දුරකථනයේ තිරය අඟල් 5.5ක් වන බවයි ඔවුන් පවසන්නේ. සම්පූර්ණයෙන්ම ලෝහ මිශ්‍රිතව දුරකථනය නිකුත්වන බවට ඡායාරූපයෙන්ම ඔබට පැහැදිලි වනවා ඇති.

පෙර අපි සඳහන් කලා වගේ දුරකථනය Nexus නාමයෙන් ඉවත් කර ඒ වෙනුවට Google ලාංඡනය සහිතව එළිදක්වන්නයි කටයුතු කරන්න යන්නේ. එවගේම මේ දුරකථන දෙකම HTC සමාගමත් එක්ක එකතුවෙලා නිපදවන්නයි ගූගල් සමාගම කටයුතු කරලා තියෙන්නේ.

මේ දුරකථනයය ඇමරිකාව ඇතුලු යුරෝපා රටවලට වගේම, ඉන්දියාවටත් නිළ වශයෙන් මුලින්ම නිකුත්කරන්න ඉඩ තිබෙනවා. චීනයෙන් පස්සේ ලොකුම දුරකථන පාරිභෝගිකයන් සංඛ්‍යාවක් ඉන්නේ ඉන්දියාවේ. එවගේම 2020 වන විට චීනයට වඩා වැඩි දුරකථන ඉල්ලුමක් තිබෙන රට බවට ඉන්දියාව පත්වන බවත් අනාවැකි පලකරනවා. එ නිසා ජංගම දුරකථන නිෂ්පාදකයන් සෑම කෙනෙක්ම පාහේ මේ වන විට ඉන්දියාවට වැඩි අවධානයක් යොමු කරලා තිබෙනවා. Android One දුරකථනද ලංකාව වෙනුවෙන් නිළ වශයෙන් ගූගල් සමාගම නිකුත් කලා.  එවගේම මේ දුරකථනයත් එනිසාම ලංකාවට නිළ වශයෙන් ඒමේ වැඩි ඉඩකඩක් තිබෙනවා. ශ්‍රී ලංකාවේ වෙලඳ නියෝජිතයෙකු හා සම්බන්ධවී මෙය වන්නට බොහෝවිට ඉඩ තියෙනවා.

Google Traffic දැන් ලංකාවටත්!

ගෙදර ඉඳන්ම සජීවීව මාර්ග තදබත පිළිබඳ තොරතුරු ලබාගැනීමට දැන් ශ්‍රී ලාංකිකයන්ටද අවස්ථාව උදාවී තිබෙනවා. ඒ ගූගල් මැප්හි තිබෙන ට්‍රැෆික් සේවය ලංකාවටද ලබාදීමෙන් අනතුරුව.

රටවල් රැසකට මෙය ලබාදී තිබෙන අතර මෙමඟින් සජීවීව කෙතරම් මාර්ග තදබදයක් අදාල මාර්ගයේ තිබේද, මාර්ග ඉදිකිරීම් කටයුතු තිබෙන්නේ කොතැනද යන්න බලාගැනීමට පුලුවන්.

traffic2

Google Maps වෙතට පිවිසිලා ට්‍රැෆික් කියන ලේයර් එක ඇක්ටිව් කලාම පෙන්වනවා.

පටන්ගැන්මක් විදියට තවම කොළඹ නගරයේ වාහන තදබදය විතරයි බලාගන්න පුලුවන්.