ලෝකේ වේගවත්ම කාර් එක – Tesla Roadster

පෘථිවියේ නිෂ්පාදනය කරනු ලබන ඉතිහාසයේ වේගවත්ම කාර් එක ඊයේ හදුන්වාදුන්නා. ඒ, ටෙස්ලා සමාගමේ උත්සවය අතරවාරයේදී.

හැමෝම පුදුම කරමින් ඊලොන් මස්ක් මෙම කාර් එක හදුන්වාදුන්නේ පැමිනි අය බලාපොරොත්තුවෙන් සිටියේ ටෙස්ලා සෙමි ට්‍රක් එක නිසාවෙන්.

ඊලොන් මස්ක් මේ ඉවෙන්ට් එකේදි පුදුමකිරීමක් කරනවා කිව්වට කිසිම කෙනෙක් ටෙස්ලා රෝඩ්ස්ටර් නැවත අලුත් ආකාරයකින් පැමිනෙයි කියලා හිතුවේ නම් නෑ.

මුල් පරම්පරාවේ ටෙස්ලා රෝඩ්ස්ටර් යනු ටෙස්ලා සමාගම මුලින්ම නිකුත්කර කාරයයි. සම්පූර්ණයෙන්ම විදුලියෙන් ධාවනය වූ ඒ ක්‍රීඩා මාදිලියේ කාර් එකට පැයට කිලෝමීටර් 97ක වේගයක් තත්පර 3.7කින් ළගාකරගැනීමට පුලුවන්කම තිබුනා. ටෙස්ලා සමාගම ප්‍රථම කාර් එක ක්‍රීඩා මාදිලියේ එකක් නිකුත් කලේ ඒ වන විට විදුලි මෝටර් රථ ඉතා කැත, හෙමින් ධාවනය වන ඒවා ලෙස සැලකූ නිසා එම තර්කය බිදින්න.

දෙවැනි පරම්පරාවෙ රෝඩ්ස්ටර් රථයට පැයට කිලෝමීටර් 97ක් හෙවත් හැතැප්ම 60ක් යාමට ගතවන්නේ තත්පර 1.9ක් පමණයි!! මිනිස් ඉතිහාසයේ එම වේගය තත්පර 2කට අඩු කාලයකින් ලගා කරගත් එකම නිශ්පාදිත මෝටර් රථයට හිමි නම්බු නාමයද මෙයට හිමිවෙනවා.

උපරිම වේගය නිෂ්චිතව ඊලොන් ප්‍රකාශ නොකලද, ඔහු පැවසුවේ එය පැයට හැතැප්ම 250කට එහා වේගයක් බවයි. දැනට උපරිම වේගයට හිමි නාමය හිමිකරගෙන සිටින්නේ ස්වීඩනයේ කොයිනෙග්සෙක් අගීරා ආර්එස් එකයි ( Koenigsegg Agera RS)

අලුත් රෝඩ්ස්ට්ටර් එකේ තව විෂේශත්වයක් වන්නේ එක සම්පූර්ණ බැටරි ආරෝපණය කින් කිලෝමීටර් 1,000කට වඩා ධාවනය කිරීමට හැකි බවයි.

රෝඩ්ස්ටර් හි මෝටර් තුනක් තිබෙන අතර එකක් ඉදිරිපස රෝද සදහාද අනෙක් දෙක පිටුපස රෝද සදහාද තිබෙනවා.

මුදල් සහ හැකියාව තිබෙනවනම්, ලෝකෙ වේගවත්ම කාර් එක ඔයාට ගන්න පුලුවන්. ඇමරිකාවේදී රෝඩ්ස්ටර් හි මිල පටන් ගන්නේ ඩොලර් ලක්ශ දෙකකින්. ඒ කියන්නෙ ලංකාවේ රුපියල් වලින් කෝටි තුනකටත් එහා.

ටෙස්ලා ඉලෙක්ට්‍රික් ට්‍රක් රථය

ටෙස්ලා සමගාම ඔවුන් වෙනස්ම වෙළදපලකට අත ගසන්නට අද සූදානම් වෙනවා. ඒ අද දින ඔවුන් නිකුත් කරන සෙමි ට්‍රක් රථයත් සමග. විෂේශත්වය වන්නේ මෙය ටෙස්ලා කාර් මෙන්ම සම්පූර්ණ විදුලියෙන් ධාවනය වීමයි.

ඔවුන් මේ සෙමි ට්‍රක් එක නිකුත් කරන්නේ ඊලොන් මස්ක්ගේ දෙවැනි මාස්ටට් ප්ලෑන් එකේ ආරම්භය ලෙස.

අශෝක් ලේලන්ඩ් ඔවුන්ගේ ප්‍ර‍ථම, විදුලියෙන් දුවන බස්රථය හඳුන්වාදෙයි

ashok-leyland-circuit_827x510_61476695384

ලංකාවේ සෑම බස් රථයක්ම පාහේ ඉන්දියාවේ අශෝක් ලේලන්ඩ් සමාගමේ එකක්. ඉන්දියාවේද බස්රථ වෙළඳපලෙන් වැඩිම කොටසක් හිමිකරගෙන තිබෙන්නේද අශෝක් ලේලන්ඩ් සමාගමයි. අපි පෙර ලිපියකින් ඔබ වෙතට ගෙන ආවා අපූරු වර්ගයේ ඉලෙක්ට්‍රික් බස් රථයක්. සම්පූර්ණයෙන් විදුලියෙන් ක්‍රියාත්මක වන. අපි මේ කියන්නේ අශෝක් ලේලන්ඩ් සමාඟම ඉන්දියාවේදී සැලසුම් කර නිෂ්පාදනය කරපු පළමු සම්පූර්ණ විදුලි බස් රථය ගැන.

අශෝක් ලේලන්ඩ් සර්කිට්(Ashok Leyland Circuit) ලෙස හඳුන්වන මේ බස් රථය එළිදැක්වූයේ ඔවුන්ගේ ප්‍ර‍ධාන කාර්යාලයේදී. බස් රථයේ බැටරි තාක්ෂණය වන්නේ ලිතියම්-අයන් ය. එක සම්පූර්ණ ආරෝපණයකින් කිලෝමීටර් 120ක් ධාවනට හැකි බවයි සමාගම පවසන්නේ. එවගේම 0 සිට සම්පූර්ණ ආරෝපනයට ගත වන්නේ පැය තුනක් වැනි කාලයක් පමණයි. බස් රථයේ උපරිම වේගය පැයට කිලෝමීටර් 75කි. බස් රථයේ තිස් දෙදෙනෙකුට(32) රියදුරු ඇතුලුව පහසුවෙන් ගමන් කරන්න පුලුවන්. මගියාගේ පහසුව වෙනුවෙන් දුරකථන ආරෝපනයට USB සම්බන්ධතා සහ බස් රථයටම අන්තර්ජාල වයිෆයි සබඳතාවකුත් එනවා.

ashok-leyland-circuit_827x510_81476691311

ඉන්දියාවේ පාරවල් වලට ගැලපෙන්නම නිර්මාණය කරලා තියෙන මේ බස් රථයේ මිළ ආදිය ගැන නම් තවම සඳහනක් කරලා නෑ. නමුත් සමාගම කියන පරිදි හිමිකරුවාට බස් රථය වෙනුවෙන් වියදම් කල මුදල වසර 4කින් හෝ 5කින් සම්පූර්ණයෙන්ම ලබාගන්නට පුලුවන් කියලයි.